අම්මෝ...ගොඩකාලෙකට පස්සේ....කස්ටියට කහොමද ඉතින්..අලුත් අවුරුද්දත් එනව..හැමෝටම සුභ නත්තලකට සහ සුභම සුභ අලුත් අවුරුද්දකට සුභ පතනව...!!!!මදෑ ලෝක විනාසෙ වෙනකල් බලන් උන්න...:D..පහුගිය ටිකේ එක දිගටම classes,exams එපා වෙලා හිටියේ...ඒ ටිකේනම් ඇත්තටම හිතුන පුළුවන් තරම් ඉක්මනින් ලෝක විනාසේ උනානම් එකක් කියලා...උසස් පෙළ ලියලා පාඩුවෙ ගෙදරට වෙලා දවසම නිදා ගන්න හිටපු මට හෙනහුරා පාත් උනා වගේ අම්මලාගේ ofz එකෙන් කතා කරේ නැතෑ...වෙන මොකකටවත් නෙමෙයි,Srilankan airline,IAAඑකෙන් IATA courses වගයක් කරනව...ඒකේ interview එන්න කියන්න...හම්...මම දැනන් හිටියෙවත් නෑ මේ ගැන call එක එනකල්...අම්මම තමයි cargo introductory course එකට application දාලා තිබ්බෙත්...
අම්මගේ දැඩි ඉල්ලීම මත සැප්තැම්බර් 6 වෙනිද ඉන්ටව් එකට ගියා ඉතින්.... Interview එක දවසෙනම් මම හොඳටම බය වෙලා හිටියේ...ඇවිත් හිටපු කස්ටියගෙන් ගොඩාක්ම හිටියෙ පිරිමි ළමයි...ගෑණු ළමයි හිටියේ මාත් එක්ක 8 දෙනයි... Interview කරන්න කලින් අපිට පාඨමාලාවෙ අන්තර්ගතය පිළිබදව හැදින්වීමකුයි,ඊට අදාල රැකියාව පිළිබද විස්තරයකුයි කළා...Interview ඇවිත් හිටපු කෙල්ලෝ ටිකට තරු පෙනුනේ ඒ වෙලාවෙ.... :D Cargo අංශයේ රැකියා සඳහා ගොඩාක් ගැහැණු ළමයි යොමුවෙනව අඩුයිලු....රස්සාව හම්බ වුනත් 95%ක්ම ඉන්නේ පිරිමි කස්ටියලු...හපොය් දෙවියනේ....මං අම්මට කිව්ව මටනම් බෑ ඔය course එක කරන්න කියලා...කොහෙද ඉතින් බලෙන්ම තල්ලු කලේ නැතෑ...කොහොම හරි ඉන්ටව්නම් ගොඩ කියමුකෝ...කෙල්ලන්ගෙන් මුලින්ම ඉන්ටව් ෆේස් කළේනම් මම..අන්තිමට මාත් එක්ක තව ගෑණු ළමයි 3ක් සිලෙක්ට් වුණා...අපි 4දෙනාට පිරිමි ළමයි 23ක් එක්ක වැඩ කරන්න උනේ...මුලින්නම් හිතුනේ කොල්ලො ටික මහ කමකට නැති සෙට් එකක් කියලයි...වැඩ කරන් යද්දි තමයි කට්ටිය ගැන තේරුම් ගන්න පුළුවන් වුණේ... හික්ස්....නරකමත් නෑ ඉතින්...සතියෙ දවස් 5ම උදේ 8.30 ඉදන් හවස 4.30 වෙනකල් පන්ති...සාරි ඇදගෙන,මේකප් තට්ටු පුරෝගෙන ඉන්න එකනම් පිස්සු හැදෙනව... :( ..අපේ cargo clz එකට අමතරව එතන cabin crew,passenger handling,නැණ පහන කියන පාඨමාලාත් පැවැත් වුණා...ඒ හැම පන්තියකටම වඩා අපේ පන්තිය තමා හැම තිස්සෙම බැනුම් ඇහුවෙ සද්දේ වැඩී කියලා... :D කොච්චර බැනුම් ඇහුවත් අපි දන්නව IAA එකට තිබ්බ හොඳම clz එක.....එතන තිබ්බ පන්ති අතරින් අපිට (කෙල්ලො 4 දෙනාටම) පෙන්නන්න බැරි එපාම කරපු clz එක තමය් cabin crew clz එක...මහ අහංකාර කෙල්ලො ටිකක්...errrrrrrr.....passenger handling,නැණ පහන clzවල ළමයිනම් හරි හොඳයි...
 |
|
පහුගිය 8 වෙනිද holy family convent,colombo තමය් IATA exam තිබ්බේ....දැන් ඉතින් result එනකල් ගෙදරට වෙලා ඉන්නව කියන එකත් එපා වෙනව..result ආවට පස්සේ ඉතින් job එක... :) ..ගෙදර ඉන්න ටිකේ මූණූ පොතයි,බ්ලොග් එකේ තමයි ඉතින්....
5 comments:
Cabin crew එකේ කොහොමත් ඉන්නේ අහංකාර අය (ලු) නේ ඉන්නේ.. xD xD
ජොබ් මාර්කෙට් එක ගැන ගැරන්ටී එකක් නැතුව
කරන එක භයානකයි ඔය වගේ දේවල්.ෆැමිලි
පුෂ් එක සෑහෙන්න වටිනවා ඔය ෆීල්ඩ් එකේදී ..
සුබ පතනවා හොඳ අනාගතෙකට...
සමනලී................. මම මේ මතක් කරනවා සමනලී කියන්නේ කවුද කියලා................ අහ්හ්හ් හරි හරි මතකයි මේ බ්ලොග් එක එයාගේනේ,...
හ්ම්ම්ම් රිසාල්ට් කොහොමත් හොද වෙයිනේ,.... ජය වේවා.....
දිගටම බ්ලොග් එක ලියන්න හොදේ.....
@ChammA Perera - පිස්සුද අනේ...clz එකට සිලෙක්ට් වුණ අය විතරයි අහංකාර...කාලයක් තිස්සේ job එක කරන කස්ටියනම් හරි හොඳයි..අර කස්ටිය තරම් අහංකාර නෑ...
@silentsahan - ස්තූතී අයිය...
@දේවා ගේ අඩවිය - :D :D ස්තූතී අය්ය...මේ ටිකේම බ්ලොග් එක තමය් අය්ය....
හෆ්ෆේ මේ අවුරුද්දට මේ ලියලමයි..
අමුලික ඇත්ත මේ කියන්නේ.. මං මේකට ඇවිත් කල්පනා කලා මේ කවුද කියලා..
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...