Pages

Saturday, April 30, 2011

ආදරයට වෛර කරමි..




රත්තරං...මම ඔයාට ගොඩාක් ආදරෙයි....
මැණික... මට ඔයා ජීවත් වෙන්න බෑ සුදූ...
පැටියෝ ඔයා මට ඇත්තටම ආදරෙයි ද?....

ඔයාල දන්නවනේ දැන් ගොඩාක් fm චැනල් වලින් සහ රූපවාහිනී නාලිකා වලින් විවිධ ආකාරයේ ආදර කතා විකාශය කරන බව...ඒවායේ ප්‍රචාරය වන සමහර දෙබස් ඇහෙන කොට මට මා..ර..ම.... තරහයි... :@ ඒ වෙලාවට ඉතින්....එනවුස් කරන එකාගේ බෙල්ල මිරිකන්න හිතෙනව.....හරිම බොළදයි..පිස්සු...මම ඇයි එහෙම හැසිරෙන්නේ කියල මමම කල්පනා කරල බැලුව..

අත්දැකීම් හින්දද?
ඊරිසියාවට ද?
දුකට ද?

හම්....ඇත්තටම හිතල බැලුවොත් කිසිම හේතුවක් නැහැ..නමුත් අරවගේ බොළද වචන ඇහෙනකොට ඒ ළගපාතකවත් මට ඉන්න හිතෙන්නේ නෑ අනේ.....




මගේ සහෝදරී ගොඩාක් ලව්ස්ටෝරි වලට ප්‍රිය කෙනෙක්..(මම එහෙම නැතුවමත් නෙමේ) එයා ගොඩාක් වෙලාවට ප්‍රසිද්ධ fm නාලිකාවක ටීක් ටීක් ටීක් කතාව ශ්‍රවනය කරනව.(හැබැයි මම නිදාගෙන හෝ නිවසේ නොමැති විට)ඔය වෙලාවට මම ළගපාත සිටියොත් එයාට නිදහසේ,හීන ලෝකවල පාවෙමින් ලව්ස්ටොරිය අහන්න වෙන්නේ නෑ කියල එයා හොඳටෝම දන්නව..

මම ‍මීට කලින් කීපවතාවක්ම උත්සහ කලා මේ හැගීම පාලනය කරගන්න...මට බෑ අප්පා...ඔය ව‍ගේ සීරියස් ලව් සීන් අහන්න...උත්සහයෙන් පරාජය වුණ මම දැන් ඒවගේ පිස්සු,විකාර,රොමෑන්ටික් අවස්ථා මඟහරින්න තීරණය කළා... :)ඒක මට මාරම සහනයක්.....

මගේ ජීවිතයේ ආයි කවමදාකවත්ම මම ඒ වෛරක්කාරී හැගීම පාලනය කරන්න උත්සහ නොකරයි කියල මම හිතනව....

Friday, April 29, 2011

අපේ අලුත් logic සර්.....



මට මේ සීන් එක මතක් වුනේ හිස් අහස බ්ලොග් එකේ තිබ්බ එක ස්ටෝරියකින්....ඔන්න ඉතින් ඒ කාලේ (ඒ කියන්නේ මම O/L කරනකොට) අවුරුදු කීයක්ද මන්ද එකම පාසලේ සේවය කරපු ගුරුවරු වෙනත් පාසල් වලට මාරු කරල යැව්වා..ඔය අතරේ අපේ පාසලේ 12,13 ශ්‍රේණි වලට තර්ක ශාස්ත්‍රය කරපු ගුරුවරයටත් පත්වීම් මාරුවක් ලැබිල වෙනත් පාසලකට ගියා...ඒ සර්ගෙන් හිස් වෙච්ච ගුරු පුටුව පුරවන්නඅලුතින්ම පත්වීමක් අරගෙන හැන්සම් සර් කෙනෙක් ආවා (කතා නායකයා) ....මට අද වගේ මතකයි ඒ සර් පාසලට ආපු මුල්ම දිනය...එදා උදෑසන රැස්වීම වෙලාවේ ප්‍රින්සිපල් මැඩම් ළමයිට හදුන්වලා දෙද්දීත් ගෑණු ළමයෙක් වගේ වැනි වැනි ඉදිරියට ඇවිත් මහ චාටර් හිනාවක් දැම්මා....අපේ පාසල මිශ්‍ර පාසලක්....12,13 පන්තිවල අයියලා රැස්වීම පිටීම පස්සේ ඉදන් මහ හයියෙන් හූවක් දැම්ම....අයියෝ පව් අප්ප....මිනිහට වස ලැජ්ජාව....බොහෝම යටහත් පහත් විදියට හිස නමල ආපහු හැරිල හිටපු තැනටම ගියා....මිනිහ යද්දීත් අපේ කොල්ලෝ හූ තියලා කෑ ගහල මලම විකාරයක් නැටුව....

ඉතින් ඔය සිදධිය වුන දවසේ අපේ ක්ලාස් එකේ එවුන්ට මල් පූජාව....බුදු මැදුර අසල තමයි පාසලේ ගුරුභවතුන්ගේ බයික්ස් පාර්ක් කරන්න තියෙන්නේ.......ඔන්න ඉතින් අපිත් අපි කියන්නේ මායි,මගේ යහලු යෙහෙළියොයි බර කතාවකුත් දාගෙන බුදු මැදුර වටේ පිරිසිදු කිරීම් වල නිරත වෙමිනුයි සිටියේ......අපේ කතා නායකයා ඒ කියන්නේ අලුත් සර් පනාව වගේ දත් සෙට් එකත් දාගෙන එන‍ව මගේ යෙහෙළියක් දුටුවා....

ඒ බං දැක්කද අන්න අලුත් පැණියා එනව...බලනවකෝ බයික් එකේ ගති....අහ්...

මොනව උනත් ඒකට වැඩිය බයික් එක ගති.....නැද්ද බං මං අහන්නේ....

එහෙම කියල අපි ආයි අපේ සුපුරුදු වැඩේට බැස්ස......


චරා..............ස්......ස්......................

ඒ සද්දෙට අපි උඩ ගිහින් බිමට පතිත වුනා....අපිට සද්දේ ආපු පැත්ත බැලුනෙ ඉබේටම වගේ.....

මෙන්න බොලේ වැඩක්.....Logic සර් එයාගේ ලස්සන බයික් එකත් බදාගෙන බිම වැතිරිලා......අයිෂෝ........ මල චාටර් එක.....මුලු පාසලක් ඉදිරියේ.....ඊයා....

ඒක දැකපු අපිට හිනහව නවත්ව ගන්න බැරි වුණා.....සර්ටත් මාරම අප්සෙට්.....පස්සේ එයා අපේ batch එකේ කොල්ලෙකුගෙන් සප් එකක් ඉල්ලගෙන නැගිට ගත්ත....

අනික් ගුරුවරුත් ඇවිත් තුවාල වෙලාද කියල හොයල බැලුව....

පිස්සුද එයාටනම් එක තුවාලයක් නැහැ....හැබැයි අර ලස්සන ස්වීට්.... බයික් එකනම් තුවාල වෙලා තිබ්බ....මාගෙයි මගේ යාලුවගේයි කතාව අ‍හගෙන හිටපු බුවෙක් ඇවිත් කිව්වෙ නැතැ....

උඹල තමා මේකට වගකියන්න ඕන.....උඔල සර්ගේ බයික් එකට හීල්ලුවෙ නැත්තම් මෙහෙම වෙන්නෙ නෑ.....

ඒකා අපිට බලු හිනාවකුත් දාගෙන යන්න ගියා.....මායි මගෙ යෙහෙළියයි මුහුනට මුහුන බලාගෙන ලෙකූ සුසුමක් පිටකලා....

පස්සේ අපිට ආරංචි වුනා සර් ලෙඩ නිවාඩු දාලා ගෙදර ගිහින් කියල..... පවු අනේ.......

ආයූබෝවන් !

                                                   සුභම සුභ උදෑසනක් වේවා සිලුම දෙනාට...ඔන්න ඉතින් මමත් හැමෝම වගේ බ්ලොග් ලිවීම ආරම්භ කළ වගයි..මටනම් ඉතින් අනික් බ්ලොග් කරුවන් වගේ ලස්සනට වචන ගලපන්න බැහැ..නමුත් මම උත්සහ කරනවා..මට ස‍හයෝගය දක්වන්න සහෝදර බ්ලොග් කරුවන්ට ආරාධනා කරනව...අනේ ප්ලීස් ඇත්තටම නවක වදයනම් එපෝ....
                                                
                                                     මම බ්ලොග් කියවන්න පටන් ගත්තේ මේ ළගදි..ඔන්න ඔහොම බ්ලොග් කියවන අතරේ මගේ ජීවිතයේ හිනා යන අවස්ථා ගොඩාක් මටත් හොරා මගේ හිතේ සක්මන් කරන්න ගත්ත...අවංකවම කියනවනම් එතකොට තමා මේ සුන්දර අදහස හිතට ඇතුළු වුනේ. මගේ මේ වෑයම ඒ පිස්සු මොහොතවල් ඔබලා සමඟ බෙදා ගන්නයි...හිනා යන අවස්ථා කිව්වට එහෙමමත් නෙමේ ඉතින්..සීරියස් කෑලිත් ලියවෙයි...අනේ මන්ද අප්පා මම මේ මොන විකාර ලියනවද....පිස්සු කියලා මේවගේ පිස්සුවක්...අයියෝ...
 
                                                     මම ලියන පිස්සු කතා කියවලා ඔබේ අදහස් මට කියල යන්නත් අමතක කරන්න එපා..අනේ ප්ලීස්..හ්ම්.........ඔන්න ඉතින් ඒකත් හරි.....ආ.....තව දෙයක් කියන්න අමතක වුනානේ...තව පොඩ්ඩෙන් ඉවරයි...මොකක්ද දන්නවද මගේ විකාර වලට එන මඩ සතුටින් බාර ගනිමි..හි..හි...
                         
                                                    මම බ්ලොග් එකේ මම කාපු චාටර් පීචන් වැඩ එහෙමත් ලියන්න හිතන් ඉන්නව...මම දන්නව ඔය කාටවත් පුළුවන් වෙන එකක් නැහැ මම කවුද,මගේ නියම නම ‍වගේ දේවල් දැන ගන්න මොකද මේ ඔක්කොම මනකල්පිත නාමයන්....ඒනිසා මම කාටවත් බය ‍නැතෝ........හූ......හූ.....හිහ්....හී... :)