Pages

Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts

Saturday, December 22, 2012

සමනළී නැවතත්.....

                                                                                    අම්මෝ...ගොඩකාලෙකට පස්සේ....කස්ටියට කහොමද ඉතින්..අලුත් අවුරුද්දත් එනව..හැමෝටම සුභ නත්තලකට සහ සුභම සුභ අලුත් අවුරුද්දකට සුභ පතනව...!!!!මදෑ ලෝක විනාසෙ වෙනකල් බලන් උන්න...:D..පහුගිය ටිකේ එක දිගටම classes,exams එපා වෙලා හිටියේ...ඒ ටිකේනම් ඇත්තටම හිතුන පුළුවන් තරම් ඉක්මනින් ලෝක විනාසේ උනානම් එකක් කියලා...උසස් පෙළ ලියලා පාඩුවෙ ගෙදරට වෙලා දවසම නිදා ගන්න හිටපු මට හෙනහුරා පාත් උනා වගේ අම්මලාගේ ofz එකෙන් කතා කරේ නැතෑ...වෙන මොකකටවත් නෙමෙයි,Srilankan airline,IAAඑකෙන් IATA  courses වගයක් කරනව...ඒකේ interview එන්න කියන්න...හම්...මම දැනන් හිටියෙවත් නෑ මේ ගැන call එක එනකල්...අම්මම තමයි cargo introductory course එකට application දාලා තිබ්බෙත්...

                              අම්මගේ දැඩි ඉල්ලීම මත සැප්තැම්බර් 6 වෙනිද ඉන්ටව් එකට ගියා ඉතින්.... Interview එක දවසෙනම් මම හොඳටම බය වෙලා හිටියේ...ඇවිත් හිටපු කස්ටියගෙන් ගොඩාක්ම හිටියෙ පිරිමි ළමයි...ගෑණු ළමයි හිටියේ මාත් එක්ක 8 දෙනයි... Interview කරන්න කලින් අපිට පාඨමාලාවෙ අන්තර්ගතය පිළිබදව හැදින්වීමකුයි,ඊට අදාල රැකියාව පිළිබද විස්තරයකුයි කළා...Interview ඇවිත් හිටපු කෙල්ලෝ ටිකට තරු පෙනුනේ ඒ වෙලාවෙ.... :D Cargo අංශයේ රැකියා සඳහා ගොඩාක් ගැහැණු ළමයි යොමුවෙනව අඩුයිලු....රස්සාව හම්බ වුනත් 95%ක්ම ඉන්නේ පිරිමි කස්ටියලු...හපොය් දෙවියනේ....මං අම්මට කිව්ව මටනම් බෑ ඔය course එක කරන්න කියලා...කොහෙද ඉතින් බලෙන්ම තල්ලු කලේ නැතෑ...කොහොම හරි ඉන්ටව්නම් ගොඩ කියමුකෝ...කෙල්ලන්ගෙන් මුලින්ම ඉන්ටව් ෆේස් කළේනම් මම..අන්තිමට මාත් එක්ක තව ගෑණු ළමයි 3ක් සිලෙක්ට් වුණා...අපි 4දෙනාට පිරිමි ළමයි 23ක් එක්ක වැඩ කරන්න උනේ...මුලින්නම් හිතුනේ කොල්ලො ටික මහ කමකට නැති සෙට් එකක් කියලයි...වැඩ කරන් යද්දි තමයි කට්ටිය ගැන තේරුම් ගන්න පුළුවන් වුණේ... හික්ස්....නරකමත් නෑ ඉතින්...සතියෙ දවස් 5ම උදේ 8.30 ඉදන් හවස 4.30 වෙනකල් පන්ති...සාරි ඇදගෙන,මේකප් තට්ටු පුරෝගෙන ඉන්න එකනම් පිස්සු හැදෙනව... :( ..අපේ cargo clz එකට අමතරව එතන cabin crew,passenger handling,නැණ පහන කියන පාඨමාලාත් පැවැත් වුණා...ඒ හැම පන්තියකටම වඩා අපේ පන්තිය තමා හැම තිස්සෙම බැනුම් ඇහුවෙ සද්දේ වැඩී කියලා... :D කො‍ච්චර බැනුම් ඇහුවත් අපි දන්නව IAA එකට තිබ්බ හොඳම clz එක.....එතන තිබ්බ පන්ති අතරින් අපිට (කෙල්ලො 4 දෙනාටම) පෙන්නන්න බැරි එපාම කරපු clz එක තමය්  cabin crew clz  එක...මහ අහංකාර කෙල්ලො ටිකක්...errrrrrrr.....passenger handling,නැණ පහන clzවල ළමයිනම් හරි හොඳයි...

            පහුගිය 8 වෙනිද holy family convent,colombo තමය් IATA exam තිබ්බේ....දැන් ඉතින් result එනකල් ගෙදරට වෙලා ඉන්නව කියන එකත් එපා වෙනව..result ආවට පස්සේ ඉතින් job එක... :) ..ගෙදර ඉන්න ටිකේ මූණූ පොතයි,‍බ්ලොග් එකේ තමයි ඉතින්....

Wednesday, October 26, 2011

......You don't know you're beautiful.....

   
       ගොඩ කාලෙකට පස්සෙ තමය් බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ..බ්ලොග් සින්ඩි වලින් මාව පන්නල දාලද දන්නේ නෑ..මම කලින් දාපු ලිපි වලට කමෙන්ට් දාල තිබ්බ හැමෝටම ගොඩාක් ස්තූතී..පහුගිය දවස්වල මම අලුතෙන් කරන්නය් කියල වැඩ වගයක් පටන් ගත්ත..ඒව හින්ද මේ දවස්වල හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.. බුදුඅම්මෝ..දෙසැම්බර් 12 විභාගේ පටන් ගන්නව..ඒඒටී පදනම් අදීරයට ලියාපදිංචි වෙලා පන්ති යන්න ගත්තට පස්සේ තවත් ටිකක් පිස්සු වගේ....ලියන්න කියල හිතුවට මොනාද ලියන්නේ කියල ඔලුවට එන්නෙම නැහැ..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කට්ටියටම අහන්න, මමත් මේ දවස්වල විවේකයක් ලැබුන ගමන් අහන සින්දුවක් දෙන්නම්..



You're insecure,
Don't know what for,
You're turning heads when you walk through the door,
Don't need make-up,
To cover up,
Being the way that you are is enough,


Everyone else in the room can see it,
Everyone else but you,


Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
But that's what makes you beautiful


So come on,
You got it wrong,
To prove I'm right,
I put it in a song,
I don't know why,
You're being shy,
And turn away when I look into your eye eye eyes,


Everyone else in the room can see it,
Everyone else but you,


Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
But that's what makes you beautiful

Na Na Na Na Na Na Naaa,
Na Na Na Na Na Na Na Na


Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,


Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
That's what makes you beautiful

මට මේ තටු සිඳුන සමනළීව වෙනස් කරන්න ඕනෙ කියල හිතෙනව..ඒකට මට ඔයගොල්ලෝ හැමෝගෙම උදව් ඕන..මට උදව් කරන්න පුළුවන්ද??

Saturday, September 3, 2011

ලියමි මම,




මම හිනාවෙන්නේ අඬන්න බැරි නිසා නෙමෙය්....
ඇඬුවොත් නවත්ව ගන්න බැරිවෙය් කියල....
මම විදවන්නේ සතුටු වෙන්න බැරි නිසා නෙමෙය්...
සතුට දැනෙන්නෙ නැති නිසා..
මම බලාගෙන ඉන්නව,ඔයා එය් කියල නෙමෙය් දකින්නවත් ලැබෙය් කියල.....
මම හීන දකිනව...
වෙන මුකුත් ගැන නෙමෙය්,මං ඔයාගෙම වෙය් කියල....
මම ජීවත් වෙන්නෙ මැරෙන්න බය නිසා නෙමෙය්..
මම මැරුනොත් ඔයාව මට නැතිවෙය් කියල..
මම මැරුනොත් ඔයා තනිවෙය් කියල..

Sunday, July 24, 2011

ආදරෙයි මම..........


හිත හෙමිහිට අඬය්...
දෙනෙත් කදුලින් බරවී...
මුලු ලොවක් මැද තනිවී..
ඔබ එන මඟ දෙස බලමින්....
නුඹ මටත් හොරා පැහැරගත්
මගේ සිත...
අවනත නැතිය මට......

අහිංසකය් මා සිත...
නොදනීද එය ඔබ????
නොපිදුවත් ඔබේ සෙනෙහස....
ආලය කරමි සිතින් මම නුඹට......

Thursday, July 7, 2011

I love you like a love song, baby

      මම මේ ලඟදි අහන්න හොඳ සිංදුවක් හොය හොය ඉදිද්දි අහුවුනා ටික්ක් විතර ලස්සන සිංදුවක්....ඔයගොල්ලන්ට නම් මොනවගේ දැනේවිද දන්නෙ නැහැ....කෝකටත් අහල බලන්නකෝ....දැනෙන දේ පහළින් ලියලත් යන්නකෝ........

                   [Verse 1]
It's been said and done
Every beautiful thought's been already sung
And I guess right now here's another one
So your melody will play on and on, with best of 'em
You are beautiful, like a dream come alive, incredible
A centerfold miracle, lyrical
You've saved my life again
And I want you to know baby

[Chorus]
I, I love you like a love song, baby
I, I love you like a love song, baby
I, I love you like a love song, baby

And I keep hittin' re-peat-peat-peat-peat-peat

I, I love you like a love song, baby
I, I love you like a love song, baby
I, I love you like a love song, baby

And I keep hittin' re-peat-peat-peat-peat-peat

[Verse 2]
Constantly, boy you played through my mind like a symphony
There's no way to describe what you do to me
You just do to me, what you do
And it feels like I've been rescued
I've been set free
I am hyptonized by your destiny
You are magical, lyrical, beautiful
You are...I want you to know baby

[Chorus]
I, I love you like a love song, baby
I, I love you like a love song, baby
I, I love you like a love song, baby

And I keep hittin' re-peat-peat-peat-peat-peat

I, I love you like a love song, baby
I, I love you like a love song, baby
I, I love you like a love song, baby

And I keep hittin' re-peat-peat-peat-peat-peat

[Bridge]
No one compares
You stand alone, to every record I own
Music to my hear that's what you are
A song that goes on and on

[Chorus]
I, I love you like a love song, baby
I, I love you like a love song, baby
I, I love you like a love song, baby

And I keep hittin' re-peat-peat-peat-peat-peat

I, I love you like a love song, baby
I, I love you like a love song, baby
I, I love you like a love song, baby

I love you...like a love song...



ඩවුන්ලෝඩ් කරගන්න ඕනිනම් මෙතනින් යන්න....

Thursday, June 23, 2011

සමරු පොතෙන්.........

  2006/08/27  නිවසේදී ය,

  Dear නංගි,

පොඩි කාලෙ ඉඳන් ඔයාව දන්න, ඔයාගෙ අක්ක විදියට ඔයාට දෙන්න ගොඩාක් උපදෙස් තියෙනව,හැබැය් ඒවා ඔයාට ඕන තරම් පාසැලෙන්,දෙමාපියන්ගෙන් ලැබෙන හින්දා මම නංගිගෙ මේ සමරුපොතේ පුංචි දෙයක් ලියන්නම්..
           අපේ ජීවිතය අවුරුදු 10 කොටස් වලට බෙදුවොත්,

අවුරුදු 1 - 10 වෙනකම් - සෙල්ලම් කරන්න..

අවුරුදු 10 - 20 වෙනකම්- ඉගෙන ගන්න...

අවුරුදු 20 - 30 වෙනකම්- රස්සාවක් කරන්න,විවාහ වෙන්න...

අවුරුදු 30 - 40 වෙනකම්- දරුවො ඇතිකරන්න,උන්ට උගන්වන්න....

අවුරුදු 40 - 50 වෙනකම් - රස්සාවෙන් විශ්‍රාම අරගෙන මුණුපුරු,මිණිපිරියන්ව බලාගන්න....

අවුරුදු 50 - 60 වෙනකම් - මුණුපුරු,මිණිපිරියන්ව මොන්ටිසෝරි,ඉස්කෝලෙ යවන්න....

අවුරුදු 60 - 70 වෙනකම් - පිංඅතේ වැඩ කරන්න....

අවුරුදු 70 - 80 වෙනකම් - ඕනකම තිබ්බත් මුකුත් කරගන්න බෑනේ..දැං අසනීපය්නෙ!!!!!!

                         ඔහොම තමා ජීවිතේ ගෙවෙන්නේ.ඔන්න ඔය විදිහට හිතුවොත් අපිට ඉගෙනගන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ ගතවෙන අවුරුදු 10 තමා...ඉතිං නංගෝ..මේ ටිකේ කරන ටිකක් කොහොම හරි හරියට කරගන්න ඕන ( පස්සෙ බැරියැ අනික්වා..)
ඉතිං ඔයාගෙ ඉගෙනීමට මගෙන් සුභ පැතුම්..ජීවිතය ඔබේම උත්සහයෙන් ජයගන්න! -******** අක්ක..








මේක මේ අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් මගේ සමරුපොතේ ලියල තිබ්බ සමරුවක්...ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන....සමරුපොතේ අනික් හැම සමරුවකටම වඩා මම මේ සමරුවට ගොඩාක් කැමතී.....මේ ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් පහලින් එකතු කරල යන්නකෝ.....

Tuesday, June 21, 2011

නෝ නම්බර්.....

             කලින් පෝස්ට් එකෙන් කිව්වනෙ මේ පාර පොසොන් පෝයට මම මගේ අතිජාත මිතුරිය එක්ක පන්සල් ගියා කියලා...ඒ වගේම එදා මම මිතුරියගේ ගෙදර නවාතැන් ගත්ත.ගොඩ කාලෙකට පස්සෙ තමය් අපි දෙන්න මේ වගේ හමුවුණේ.ඉස්සරනම් එයා නිතරම අපේ ගෙදර එනව..ඒත් දැන් එහෙම නැහැ...ලබන අවුරුද්දෙ එයා උසස් පෙළ විභාගෙට මුහුණ දෙනව...පාසලුත් යනව...ඒ දේවල් නිසා අපි දෙන්න මුණගැහෙන්නේ හරිම කලාතුරකින්....ගොඩකාලෙකින් හමුවුණ අපි දෙන්නට කතා කරන්න දහසකුත් දේවල් තිබ්බ...ඒව කතා කරන්න එදා සවස්වරුව අපි වෙන් කලා...පෝය දවසෙ චන්ද්‍රග්‍රහනයක් තියෙනව කියල ආරංචි වුණ නිසා මමය් මගේ යාළුවය් ඒක පිටදාල ඇහැරගෙන හිටිය..ආන්ටිල නිදාගත්ත...පහුවදා වැඩට යන්න ඕන නිසා...


      එළියෙ ගල් බංකුව උඩට වෙලා හිටපු අපි අතර තිබ්බ විනාඩි පහෙළවක නිහඩතාවය බිදල දෙන්නම එක පාරට කතාවකට මුල පුරන්න හැදුව......මම එයාට අවස්ථාව දීල නිහඬ වුණා....මුලදිනම් මම හිතුවෙ සපු කියන්න යන්නේ එයාගෙ පෙම්වතාගේ වතගොත කියලය්...සපු එයාගෙ ෆෝන් එක මට දිග් කළා...නො නම්බර් කියල සේව් කරපු 071 නම්බර් එකක්...


මම - මොකක්ද සපු මේ...?????

සපූ - අනේ මන්ද..ඔයාට මේක කියන්නත් මොකක්ද වගේ.....අපි අතර රහස් නෑනේ...ඔය නම්බර් එකෙන් මට කෝල්ස් එනව...හරි කරදරයක්...කතා කරන්නේ 18 + කතා....ඕක නවත්තන්න කරන්න ඕන හැමදේම කලා...මේ අංකයෙන් මුලින්ම මැසේජ් එක්ක ආවෙ මගේ කලින් සිම් එකට...පස්සේ මම නවී ගෙනත් දුන්න දැන් තියෙන නම්බර් එකට මාරු වුණා....මේ මනුස්සය මේකටත් මැසේජ් එවන්න පටන්ගත්ත....බැරිමතැන මම නවීට කිව්ව මගේ අය්ය වගේ කතා කරන්න කියල...එහෙම කරලත් මට මේ මලයකාගෙන් බේරෙන්න බැරි වුණා.....

මම - ඔයා ඔය නම්බර් එකට රිප්ලය් කරන්න එපා....(මට වෙන දෙන්න උපදෙසක් මතක් වුනේ නැති නිසා ඔලුවට ආපු එක කියල දැම්ම)

සපූ - එහෙම කලා කියල මූ මේක නවත්තනවනම් මදෑ...මම දැන් හැම තිස්සෙම ඒකෙන් එන මැසේජස් බලන්නෙ නැතුව ඩිලීට් කරනව..ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තේරෙන්නෙ නැහැ අනේ....කොල්ස් එද්දි කට් කරනව....සමහර වෙලාවට ඒ මනුස්සය වෙනත් නම්බර් වලින් කෝල්ස් ගන්නව..මම ආන්ස්වර් කරය් කියල හිතල....මට තේරෙන්නෙ නැහැ....මේ යකා මාව අදුනන කෙනෙක්දෝ කියලත් සැකය්...එත් ඇය් මේ වගේ කැත කතාම කියවන්නේ...ලැජ්ජාවක් නැද්ද මන්ද...ඊයා.....මට දැන් හිසරදයක් මේක....

       මටත් මේක හරි විකාරයක් වගේ....මගේ යාළුවට කරදරයක්...මම මොනාද කරන්නේ..?????ඇත්තටම මම මේකට විසදුමක් දන්නේත් නැහැ...යාළුව මේක අම්මලට කියන්න කැමැත්තකුත් නැහැ....කවුරුහරි මේකට දෙන්න පුළුවන් නම්  විසදුමක් දෙන්න...පීලීස් මට ඕන විසදුමක්..කවුරුහරි උදව් කරන්න.....

Wednesday, June 1, 2011

අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...3

     අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...1
     අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...2

                                        2009 අවුරුද්දෙම මම තුවාල නිසා දුක් වින්දා....ඒ අවුරුද්දේම මම ඉස්කෝලෙ ගියෙත් නැහැ...තාත්තල ප්‍රින්සිපල් මැඩම්ව මේ පිළිබඳව දැනුවත් කරල තිබ්බ නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ...හැබැය් මට කිසිම සහයක් කාගෙන්වත් ලැබුනේ නැහැ...සටහන් එහෙම හොයාගන්න ගොඩාක් දුක් විදින්න වුණා...පස්සේ මට ඒ හැම දේකටම උදව් කරන්න අපෙ ඉස්කෝලෙ නොවෙන,දවසක් දෙකක් ටියුෂන් පන්තියේදි මුණගැසුන එයා ඉදිරිපත් වුණා....ඒතමය් දැන් මගේ හොඳම යෙහෙළිය වන සප්න....එයා ගැනත් විශේෂයෙන් කියන්න ඕන....සප්න හරි  හිත හොඳ ළමයෙක්...වැරදි වැඩ වලට ඇබ්බැහි වෙලා හිටියට යාලුවෙකුගෙන් වෙන්න ඕන යුතුකම් ගොඩාක් හරියාකාරව ඉටු කලා....එයා මට සටහන් ගෙදරටම ගෙනල්ල දුන්න...දුකේදි වගේම සතුටෙදිත් මං ළඟම හිටිය...මම මෙච්චර කල් ආශ්‍රය කරල තියෙන්නේ අවස්ථාවාදියෝ ටිකක් කියන එක මට හොදටම දැනිලය් තිබ්බේ....


                     2009 දෙසැම්බර් වෙද්දී මගේ තුවාල ආයෙත් වැඩි වුණා....අ.පො.ස.(සා.පෙළ) විභායත් පටන් ගත්ත....මම විභාගෙට ගියා.....අම්මග ශාලාධිපතිලත් එක්ක කතා කරල තිබුන...මොකටද දන්නවද...මගේ තුවාල වලට මැස්සෝ එනව..එහෙම වුණහම උත්තර ලියන්න අමාරුය් නේ...ඒ නිසා ෆෑන් එකක් දාගෙන මාව වෙනම තැනක තියන්න පුළුවන්ද කියල අහන්න.....අනේ....ඒ ගුරුවරු හරි හොඳය්...මට ඒ අය ළඟම ෆෑන් ඒකකුත් දාගෙන ප්‍රශ්නපත්තර වලට උත්තර ලියන්න තැනක් හදල දුන්න....සිංහල ප්‍රශ්න පත්තරයට ඒතරම් අවුලක් නැතුව උත්තර ලිව්ව....ඊළඟ විෂය වෙද්දී....මට මගේ අත් පා නවන්නවත් බැරි තරමට තුවාල දාල....අතේ වැලමිට හරියෙය්,දනහිස පිටිස්සෙය් තුවාල දාල සැරව ගලනව..... කකුල් නවල ඇවිදින්න බෑ වේදනාවය්......අත්වලින් නැගුන වේදනාවත් ඒ වගේමය්......ඒත් මම විභාගෙට ගියා...බය්ක් එකේ යන්න බැරි නිසා ත්‍රීවීල් එකක ගියා...ප්‍රශ්න පත්තර වලට උත්තර පැය භාගෙන්,පැයකින් ඉවර කලා....ඔහොමම අනිවාර්‍ය විෂයන් හයටය්,තව එකකටය් උත්තර ලිවුව.....අන්තිම වෙද්දී මට පෑන අතට අරන් ලියන්න පණ නැහැ....පස්සේ මම අම්මලට කිව්ව මට මේක ඉවසන්න බෑ මාව මරල දාන්නකෝ කියල....තාත්තල මට ඉතුරු විෂයන් දෙකට ලියන්න ඕන නැහැ කියල දොස්තර කෙනෙක්ට පෙන්නන්න ගෙනියන්න ලෑස්ති වුණා.....තාත්ත වෑන් එකක් කතා කරගෙන ආව...මට ඇඳෙන් බැහැ ගන්න බෑ......අම්මලට මාව උස්සන්නත් බැහැ.....හැමතැනම තුවාලනේ....... :(

               කොහොමහරි මම නැගිට්ට.....අමාරුවෙන් අමාරුවෙන් වෑන් එක ළඟටම ඇවිදගෙන ගියා....ඒත් ඉතින් වාහනේට නගින්නේ කොහොමද?????????? ඩ්‍රය්ව් කරන අය්යගෙ මූණ යන්තම් වගේ දැක්ක...අහක බලාන දාපු ආප්පයක් වගේ.....දෙකට තුනට ඇදවෙලා....ඒ මනුස්සය මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති....ලෙඩෙක් කිව්වට මෙහෙම ලෙඩෙක්.... :( මොනව කරන්නද මමත් අමාරුවෙන්ම නැඟගත්ත වාහනේට....අම්මත් ගොඩ වුණා....දුහුල් රෙද්දකින් මගෙ තුවාල වැහුවා....පල්ලෙහා ගෙදර ආන්ටි කපු රෙදි වලින් සැහැල්ලු අඳින්න පහසු ඇඳුම් දෙකක් මහල අම්මට දීල තිබුන....ඉස්පිරිතාලෙ නවත්තන්නය් මේ අයගේ සූදානම....මට ඒ වෙලාවේ ඇත්තටම ඒ ගැන වගක් වුනේ නැහැ.....මම හිටියෙ බාගෙට මැරිල....වාහනේට නැගල ටික වෙලාවකින් මට නින්ද ගියා.....මතක විදියට මුලින්ම ගියේ ***** ඉස්පිරිතාලෙට එතනින් අම්මලට හොඳටම බැනල ******ඉස්පිරිතාලෙට යන්න කිව්ව.....******* ඉස්පිරිතාලෙට ගිහාම එතනිනුත් අම්මලට බැනුම්....ඇය් මෙච්චර තුවාල වැඩි වෙනකල් හිටියේ කියල......අන්තිමට මාව අරගෙන ගියේ ඇපලෝ (දැන් ඒක ලංකා හොස්පිටල්) එකට....එතනින් මාව බාර ගත්ත....

      මට මතක හැටියට මාව ට්‍රොලියක තියාගෙන අරන් ගියා දොස්තර ළඟට.....පස්සේ මාව ඉස්පිරිතාලෙ නවත්තන්න කියල අම්මලට කිව්ව.....හම්....ඒදා හවස්වරුවෙම මට ප්‍රතිකාර කරන්න ගත්ත....ඒ දීපු බෙහෙත් වලට මට බඩේ දැවිල්ලත් හැදුනා...ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ...මට කෑම කන්න පුළුවන් වාතාවරනයක් ඒ වෙලාවෙ තිබ්බේ නැහැ....මොකද මාව ඉස්පිරිතාලෙට ගේනකල් හරිහමන් කෑම වේලක් ගත්තෙම නැහැ.....ඒ නිසා තමය් මට ඒ බෙහෙත් බීල වරුවක් යන්න කලින්ම බඩ දැවිල්ල ගත්තේ.....
         
              හම්....මම වැඩිය කියවන්න යන්නේ නැහැ...මම දන්නව මේ වෙනකොටත් ඔගොල්ලන්ට මේක කියවල එපා වෙලා ඇති....කොහොමහරි මාව නවත්වල දවස් පහක් වෙද්දී සනීප කරන්න ඒ අයට පුලුවන් වුණා......

                    2010 අප්‍රේල් වෙද්දී අපේ ප්‍රථිඵල ආව.....හික්....කරපු විෂයන් ඔක්කොම පාස්....ඒත් සම්මාන ගණන තමා....ඇත්තටම මම ඔහොමවත් ප්‍රථිඵල බලාපොරොත්තු වුණේ නැහැ....මට කොමර්ස් ඒලෙවල්ස් කරන්න ප්‍රථිඵල මදි...මම ඒ වෙලේම හිතාගත්ත ආය් ඕ ලෙවල්ස් කරනව...ඊට පස්සේ ඒ ලෙවල්ස් කොමර්ස් වලින් කරනව කියල....ප්‍රථිඵල ගැන යන්තම් දුක් වෙන ගමන්ම  සතුටු වෙද්දී ඒ ගැන සතපහක් ගණන් ගත්තේ නැති කට්ටියකුත් හිටිය.....ඒ වෙන කවුරුත් නෙමේ මගේ අම්මගෙය් තාත්තගෙය් නෑදෑ පරම්පරාව...මගේ ප්‍රථිඵල අහපු ඒ අය මට දැඩි ලෙස කියපු දෙයක් තමය් මේ ප්‍රථිඵල වැඩක් නැහැ....දැන් පඳුරකට ගැහුවත් ඒ සාමාර්ථ ගත්තු කට්ටිය හොයාගන්න පුළුවන්..ඒ නිසා ඔයාගෙ ලකුණු මදි.......ඔව් අන්තිමට ඒ අය දින්න....අම්මලගෙත් හිත් එකපාරටම වෙනස් වුණා...අම්මය් තාත්තය්ත් වෙච්ච හැමදේම අමතක කරල මට බැන්න....ඒ වුණාට මට ප්‍රතිකාර ඉවර නැති නිසා මේ වෙනකල් කිසිම දෙයක් කිව්වෙ නැහැ....
අවුරුද්දක් විතර වෛද්‍ය ප්‍රතිකාර කරල ඉවර වුණ මේ මොහොතේ මට මගෙ අම්මල ආය් (දෙවන වර) ඕ ලෙවල්ස් කරන්න යොජනා කරනව.....මගෙ අම්මල දැන් පත්වෙලා ඉන්න ගොඩාක් ප්‍රශ්න වලට මුල මගේ මේ අසනීපෙ සහ මගේ මුරණ්ඩුකම්.....ඔය නිසාම මම ඒ දෙන්න සතුටු කරන්න දෙයක් කරන්නම ඕන කියල හිතුව.......ඒ අනුව දැන් මම ඒ අයට කීකරු වෙලා ඔවුන්ගේ සිහින සැබෑකරන්න තීරණය කලා......බලමු ඉස්සරහට මොනව වෙය්ද කියල.........

                  අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන් කතාව මෙහෙම අවසාන කරනව...මේ කතාව කියවල  අදහස්  ෙබදා ගත්තු  ෙනාගත්තු හැමදෙනාටම බෙහෙවින් ම ස්තූතී......!
       

Saturday, May 28, 2011

අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්..2


අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්...1

කොහොම හරි තාත්ත මාව සනසල දවස් දෙකක් තුනක් ඉස්කෝලෙ ඇරියා....මාත්එක්ක හිටපු හැම යාලුවෙක්ම මට නැති වුණා.මාව පන්තියේ වෙනම තැනක තියන්න ලමය් කටයුතු කලා...ඕව දැනගත්තහම අම්මටය් තාත්තටය් හරි අප්සෙට්...තාත්ත ආය් මාවත් අරගෙන අර වෙදා ළඟට ගියා..මාව පරික්ෂා කරල කිව්වෙ නැතෑ...

"මට බෙහෙත් කරන්න අමාරුය්...ඉංගිරිසි බෙහෙත් කරන ගමන් මෙයාට සිංහල බෙහෙත් කරමු " කියලා

            තාත්තට ඕකට තද වුණා..එයා වෙදාට හොදවය්න් දෙකක් කියල ඒ වෙලාවෙම මාව අපේ පැත්තේ ඉංගිරිසි වෙදෙක් ගාවට අරගෙන ගියා.ඒ දොස්තර මහත්මයා මාව පරීක්ෂා කරල බෙහෙතුත් දීල කිව්ව

"මේක මේ ආරෙට එන ලෙඩක්..ඒක සම්පූර්ණ හොඳ කරන්න බැහැ..නමුත් යටපත් කරල තියන්න පුලුවන් " කියලා.

ඒ බෙහෙත් වලට මට ඉක්මනට සනීප වුණා..සනීප වුණා කියන්නේ මෙහෙමය්...මූණේ තිබ්බ තඩිස්සි වෙච්ච ගතිය අඩුවෙලා  තුවාල සම්පූර්ණයෙන්ම සුව වෙලා කලින් තිබ්බ ඒ විකාර මූණම ලැබුණා..හැබැය් අත්වලය් කකුල් වලය් තිබ්බ ඒතරම් ඉක්මනට සුව වුණේ නැහැ..ඒවයේ සැරව එන ගතිය අඩුවෙලා වේලිච්ච ගතියක් තමා තිබ්බේ...

                   අසනීපෙ නිසා අඩාල වුණ මගේ පාසල් දිවිය ආය් අලුතෙන් පටන් ගත්තා...අලුතෙන් කියන්නේ...ආය් මම ගියේ දහය වසරට...නවය වසරේ අවසාන විභාගෙට හැම විෂයකටම පනහත් හැටත් අතර ලකුණු තිබ්බා..අසනීපෙන් වුණත් පාඩම් කරල තියෙනව..හොඳ ළමයෙක් කියල කට්ටිය ප්‍රශංසා කලා...ඒත් මම දන්නව එහෙම කලේ මම අධෛර්‍ය වෙය් කියල ඒ අයට හැගුන හින්ද කියල.....කොහොමහරි මම දහය වසරට පාස් වුණා...අම්ම මං වෙනුවෙන් බෝධිපූජා කලා..ගොඩාක් ශාන්තිකර්මත් කලා....ආ....කියන්න ඕන අසනීපෙ වැඩි වුණ වෙලාවේ මාව අතඇරපු ඒ යාලුවො ආයෙත් මංවටේට රොක්  වුණා..කලින් වගේම මම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා...දහය වසරේ මුල මැද වාර දෙකම ගෙවුණා..ඒ වාර වලදී මට කලින් අවුරුද්දේ අහිමි වුණ සහ අලුතින් දේවල් ගොඩාක් ලඟා කරගත්ත...යාලුවෝ...ලකුණු..ගුරුවර ගුරුවරියන්ගේ ආදරය වගේම මගේ ප්‍රදීප් අය්යගේ ආදරේ....තරඟ ජයග්‍රහන වගේ ගොඩාක් දේවල්.....
           
                   දහය වසරේ අවසාන වාරේ මට අද වගේ මතකය්...හොඳවෙලා තිබ්බ මගේ තුවාල ආයෙත් මතුවුණා...කලින් ප්‍රතිකාර කරපු ඉංගිරිසි දොස්තර ළඟට ආයෙත් ගියා..හැබැය් මෙදාපාර දුන්න බෙහෙත් වලට කිසිම අඩුවක් වුනේ නැහැ....හැබැය් කියන්න ඕන...මෙදාපාර මූණෙනම් තුවාල ආවෙනෑ......මට ප්‍රතිකාර කරපු දොස්තරටත් මේ වෙන්නේ මොකද කියල හිතාගන්න බැරුව හිටියේ...පස්සේ එයා හොයා ගත්ත හේතුව...මට පීනසේ තියෙනව...පීනස හොද වුණහම මට මේ තුවාල එනව....තුවාල හොඳ වුණොත් පීනසේ එනව.....ආයෙත් මට හැමදේම නැති වුණා...හැබැය් එකක් ඇරෙන්න.........ඒ.........මගේ ප්‍රදීප් අය්යගේ ආදරේ...ඒ පාර මම මොනව උනත් ඉස්කෝලෙ යනව කියන එක හොඳට හිතට ගත්ත...ඒ වගේම මම ඉස්කෝලෙ ගියා...හැබැය් ඒ හරියටම සතියක් විතරය්.....

                අපේ පාසල හොඳ හය්ෆය් එකක් නෙමේ..විවේක කාලෙන් පස්සේ පන්තිකාමර පිස්සන් කොටුවක් වගේ....ළමය් පිට්ටනියේ දඟලල දහඩිය පෙරාගෙන පන්තිකාමර වලට එන්නේ...විවේකයෙන් පස්සේ පන්තියේ තැනින් තැන මැස්සෝ පිරෙනව..... :( ඒ වෙලාවට මගෙ තුවාල වලට මැස්සෝ ඇවිත් වහනව...හැම අස්සක මුල්ලකම හිටපු මැස්සෝ මා වටේට කැරකෙනව...මොනව කරන්නද????මම ඒවත් ඉවසගෙන,ළඟට එද්දී උන්ව එළව එළව මගේ ඉගෙනීම් වැඩ කටයුතු කලා....ඔහොම දවසක් ඉද්දී මගේ හිටපු හොඳම යෙහෙළිය....මම එයාට කියන්නම් සකුනි කියල...එයා තවත් යෙහෙළියො කිහිප දෙනෙක් වට කරගෙන මෙහෙම කියනව....

"අර හොරිච්චිට ගෙදරට වෙලා ඉන්න බැරුව මෙහෙ ඇවිත් අපිටත් හොරි බෝ කරන්න හදන්ව......"

ඔය අසනීපෙ නිසා මම ගොඩාක් තනි වුණා...මගේ කණ්ඩායමේ හිටපු හැමෝම වෙන තැන්වලට මාරු වුණා...අන්තිමට කණ්ඩායමේ ඉතුරුවුණේ මම විතරය්....මට ඔය දුක ඉවසන්න පුලුවන් වුනේ සතියය්..මට ආය් ඉස්කෝලෙ යන්න බෑ කියල අඬල ගෙදරට වෙලා හිටියා....ඒ පාර මම ටියුෂන් ගියෙත් නෑ.........

Friday, May 27, 2011

අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්..1

     පහ වසර ශිෂ්‍යත්වය ඉවර වුණ ගමන් කට්ටිය බලන් ඉන්නේ ඒ ළමයා O/L , A/L කරන කාලෙ එනකල්...ශිෂ්‍යත්වේ අහවර කරල හුස්ම ගන්න ඉඩක් නැහැ අම්මල තාත්තල තමන්ගේ දරුව ඊලඟට එන සාමාන්‍ය පෙළ විභාගයට ටියුෂන් යවනව...ඒවට අදාල ප්‍රශ්න පත්තර කරන්න පොළඔවනව....එකම විකාරයය්....ඔය ආනිසංසයම මටත් පල දුන්න...ශිෂ්‍යත්වයට පස්සේ සාමාන්‍ය පෙළ...මාව ටියුෂන් එක්කන් ගියේ මගේ තාත්ත...සතියේ හැම දවසෙම ටියුෂන් ටියුෂන්...ඉස්කෝලෙ පස්සේ දඩිබිඩි ගාල ටියුෂන් යන්න ලෑස්ති වෙන්න ඕන..සවස හය හත වෙනකල් ක්ලාස්..හම්....හැබැය් ඔය සෙල්ලම තිවුනේ ටික කාලයය්..අට වසරේ වාරයක් විතර ගියාට පස්සේ මගේ හමේ ආසාදනයක් හට ගත්ත.ඒ කියන්නේ දඳයක්...මම හරියටම හරිද දන්නේ නැහැ...මුලදි ඒක එච්චර වදයක් වුණේ නැහැ..ඒත් නවය වසරේ මුල වෙද්දී මලම වදයක් වුණා...කකුලෙ විතරක් තිබ්බ ඒ චූටි තුවාල අත්වලට ආවා..ඒමදිවට ඒව කසනව...අය්යෝ...

                 ඕකට ඉංගිරිසි බෙහෙත් කොලා කොලා කිසිම සනීපයක් වුණේ නැහැ....අපේ නෑයන්ගේ කීමට නවය වසරේ මැද තාත්ත මාව සිංහල වෙදෙක් ගාවට එක්කන් ගියා..එයා දුන්න රු.5000ක විතර බෙහෙත් වට්ටෝරුවක්...කසායය් අරිෂ්ටය් තමය් ඉතින්...ඒක බීල දවස් දෙකක් විතර යද්දී මගෙ මූණත් එක්ක තඩිස්සි වුණා...ඒත් ඉවසගෙන හිටිය..මොකද සිංහල බෙහෙත්වල අසනීපෙ වැඩිවෙලානෙ අඩුවෙන්නේ...ඉස්කෝලෙ ගියා..ටියුෂනුත් ගියා....හොඳට හිටපු මට මොකද මේ වෙලා තියෙන්නේ කියල කවුරුත් බය වුනා...ගුරුවරු පවා හිතුවේ මට බෝවෙන භයානක රෝගයක් වැලදිලා කියල....අතෙය් කකුලෙය් තිබ්බ තුවාල මගෙ මූණටත් ආවා...එතකොට තමය් අම්මලට තරු විසික් වුණේ...කණ්ණාඩියෙන් මුහුණ බලන්න බැහැ කැතය්...දැක්කහම අප්පිරියය්....ඔයවෙනකොට නවය වසරේ අවසාන වාරේ...මම ඇඬුව...පෙරලි පෙරලි ඇඬුව.....මට ස්කූල් යන්න බැරිය කියලා.... :(     

Friday, April 29, 2011

ආයූබෝවන් !

                                                   සුභම සුභ උදෑසනක් වේවා සිලුම දෙනාට...ඔන්න ඉතින් මමත් හැමෝම වගේ බ්ලොග් ලිවීම ආරම්භ කළ වගයි..මටනම් ඉතින් අනික් බ්ලොග් කරුවන් වගේ ලස්සනට වචන ගලපන්න බැහැ..නමුත් මම උත්සහ කරනවා..මට ස‍හයෝගය දක්වන්න සහෝදර බ්ලොග් කරුවන්ට ආරාධනා කරනව...අනේ ප්ලීස් ඇත්තටම නවක වදයනම් එපෝ....
                                                
                                                     මම බ්ලොග් කියවන්න පටන් ගත්තේ මේ ළගදි..ඔන්න ඔහොම බ්ලොග් කියවන අතරේ මගේ ජීවිතයේ හිනා යන අවස්ථා ගොඩාක් මටත් හොරා මගේ හිතේ සක්මන් කරන්න ගත්ත...අවංකවම කියනවනම් එතකොට තමා මේ සුන්දර අදහස හිතට ඇතුළු වුනේ. මගේ මේ වෑයම ඒ පිස්සු මොහොතවල් ඔබලා සමඟ බෙදා ගන්නයි...හිනා යන අවස්ථා කිව්වට එහෙමමත් නෙමේ ඉතින්..සීරියස් කෑලිත් ලියවෙයි...අනේ මන්ද අප්පා මම මේ මොන විකාර ලියනවද....පිස්සු කියලා මේවගේ පිස්සුවක්...අයියෝ...
 
                                                     මම ලියන පිස්සු කතා කියවලා ඔබේ අදහස් මට කියල යන්නත් අමතක කරන්න එපා..අනේ ප්ලීස්..හ්ම්.........ඔන්න ඉතින් ඒකත් හරි.....ආ.....තව දෙයක් කියන්න අමතක වුනානේ...තව පොඩ්ඩෙන් ඉවරයි...මොකක්ද දන්නවද මගේ විකාර වලට එන මඩ සතුටින් බාර ගනිමි..හි..හි...
                         
                                                    මම බ්ලොග් එකේ මම කාපු චාටර් පීචන් වැඩ එහෙමත් ලියන්න හිතන් ඉන්නව...මම දන්නව ඔය කාටවත් පුළුවන් වෙන එකක් නැහැ මම කවුද,මගේ නියම නම ‍වගේ දේවල් දැන ගන්න මොකද මේ ඔක්කොම මනකල්පිත නාමයන්....ඒනිසා මම කාටවත් බය ‍නැතෝ........හූ......හූ.....හිහ්....හී... :)