
මට මේ සීන් එක මතක් වුනේ හිස් අහස බ්ලොග් එකේ තිබ්බ එක ස්ටෝරියකින්....ඔන්න ඉතින් ඒ කාලේ (ඒ කියන්නේ මම O/L කරනකොට) අවුරුදු කීයක්ද මන්ද එකම පාසලේ සේවය කරපු ගුරුවරු වෙනත් පාසල් වලට මාරු කරල යැව්වා..ඔය අතරේ අපේ පාසලේ 12,13 ශ්‍රේණි වලට තර්ක ශාස්ත්‍රය කරපු ගුරුවරයටත් පත්වීම් මාරුවක් ලැබිල වෙනත් පාසලකට ගියා...ඒ සර්ගෙන් හිස් වෙච්ච ගුරු පුටුව පුරවන්නඅලුතින්ම පත්වීමක් අරගෙන හැන්සම් සර් කෙනෙක් ආවා (කතා නායකයා) ....මට අද වගේ මතකයි ඒ සර් පාසලට ආපු මුල්ම දිනය...එදා උදෑසන රැස්වීම වෙලාවේ ප්‍රින්සිපල් මැඩම් ළමයිට හදුන්වලා දෙද්දීත් ගෑණු ළමයෙක් වගේ වැනි වැනි ඉදිරියට ඇවිත් මහ චාටර් හිනාවක් දැම්මා....අපේ පාසල මිශ්‍ර පාසලක්....12,13 පන්තිවල අයියලා රැස්වීම පිටීම පස්සේ ඉදන් මහ හයියෙන් හූවක් දැම්ම....අයියෝ පව් අප්ප....මිනිහට වස ලැජ්ජාව....බොහෝම යටහත් පහත් විදියට හිස නමල ආපහු හැරිල හිටපු තැනටම ගියා....මිනිහ යද්දීත් අපේ කොල්ලෝ හූ තියලා කෑ ගහල මලම විකාරයක් නැටුව....
ඉතින් ඔය සිදධිය වුන දවසේ අපේ ක්ලාස් එකේ එවුන්ට මල් පූජාව....බුදු මැදුර අසල තමයි පාසලේ ගුරුභවතුන්ගේ බයික්ස් පාර්ක් කරන්න තියෙන්නේ.......ඔන්න ඉතින් අපිත් අපි කියන්නේ මායි,මගේ යහලු යෙහෙළියොයි බර කතාවකුත් දාගෙන බුදු මැදුර වටේ පිරිසිදු කිරීම් වල නිරත වෙමිනුයි සිටියේ......අපේ කතා නායකයා ඒ කියන්නේ අලුත් සර් පනාව වගේ දත් සෙට් එකත් දාගෙන එනව මගේ යෙහෙළියක් දුටුවා....
ඒ බං දැක්කද අන්න අලුත් පැණියා එනව...බලනවකෝ බයික් එකේ ගති....අහ්...
මොනව උනත් ඒකට වැඩිය බයික් එක ගති.....නැද්ද බං මං අහන්නේ....
එහෙම කියල අපි ආයි අපේ සුපුරුදු වැඩේට බැස්ස......
චරා..............ස්......ස්......................
ඒ සද්දෙට අපි උඩ ගිහින් බිමට පතිත වුනා....අපිට සද්දේ ආපු පැත්ත බැලුනෙ ඉබේටම වගේ.....
මෙන්න බොලේ වැඩක්.....Logic සර් එයාගේ ලස්සන බයික් එකත් බදාගෙන බිම වැතිරිලා......අයිෂෝ........ මල චාටර් එක.....මුලු පාසලක් ඉදිරියේ.....ඊයා....
ඒක දැකපු අපිට හිනහව නවත්ව ගන්න බැරි වුණා.....සර්ටත් මාරම අප්සෙට්.....පස්සේ එයා අපේ batch එකේ කොල්ලෙකුගෙන් සප් එකක් ඉල්ලගෙන නැගිට ගත්ත....
අනික් ගුරුවරුත් ඇවිත් තුවාල වෙලාද කියල හොයල බැලුව....
පිස්සුද එයාටනම් එක තුවාලයක් නැහැ....හැබැයි අර ලස්සන ස්වීට්.... බයික් එකනම් තුවාල වෙලා තිබ්බ....මාගෙයි මගේ යාලුවගේයි කතාව අහගෙන හිටපු බුවෙක් ඇවිත් කිව්වෙ නැතැ....
උඹල තමා මේකට වගකියන්න ඕන.....උඔල සර්ගේ බයික් එකට හීල්ලුවෙ නැත්තම් මෙහෙම වෙන්නෙ නෑ.....
ඒකා අපිට බලු හිනාවකුත් දාගෙන යන්න ගියා.....මායි මගෙ යෙහෙළියයි මුහුනට මුහුන බලාගෙන ලෙකූ සුසුමක් පිටකලා....
පස්සේ අපිට ආරංචි වුනා සර් ලෙඩ නිවාඩු දාලා ගෙදර ගිහින් කියල..... පවු අනේ.......
9 comments:
ඔන්න අක්කා මගෙන් ඉස් ඉසෙල්ලාම සුබ පැතුම්...තව තවත් ලස්සන බ්ලොග් ලියන්න හැකියව අක්කට ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනව...:) මොනා උනත් අර අසරණ සර්ගේ බයික් එකට හූල්ලපු එක නම් කැතයි හොඳේ....හිහි ...ඔබට ජය!
අනේ නංගියෝ ඔයාගේ සුභ පැතුමට ගොඩාරියක් ස්තූතියි....බයික් එක ලස්සනයි අර බුවාට වඩා....හිහ්....
සීකේය්යා...කොරලා තියන කැත වැඩේ විතරක්...සෑර්ට පැණිය දාන්න බැරිනිසා රෝද දෙකේ කන්තකයට පැණිය දැම්මා නේ,,,හික්:)
කොල්ලෝ, සෑර් තමා අපිට පැණි හැලුවේ..:P
ඔයාල මට කින්ඩිය දානවද ? කෙල්ලෝ ඔහොම්මයි
:D....අනේ...නෑ...පිස්සුද අය්යා..එහෙමත් කරනවද..?
තනිකරම ඇස්වහ කටවහ..
අපේ ගෙදරටත් ඇස් වහ කට වහ වතුර ටිකක් මතුර ගන්න එන්න බැරිද අහනවද .........
apoooooooooooooooooooooooo ahalakin wath yanna naakai
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...