සුභම සුභ උදෑසනක් වේවා සිලුම දෙනාට...ඔන්න ඉතින් මමත් හැමෝම වගේ බ්ලොග් ලිවීම ආරම්භ කළ වගයි..මටනම් ඉතින් අනික් බ්ලොග් කරුවන් වගේ ලස්සනට වචන ගලපන්න බැහැ..නමුත් මම උත්සහ කරනවා..මට සහයෝගය දක්වන්න සහෝදර බ්ලොග් කරුවන්ට ආරාධනා කරනව...අනේ ප්ලීස් ඇත්තටම නවක වදයනම් එපෝ....
මම බ්ලොග් කියවන්න පටන් ගත්තේ මේ ළගදි..ඔන්න ඔහොම බ්ලොග් කියවන අතරේ මගේ ජීවිතයේ හිනා යන අවස්ථා ගොඩාක් මටත් හොරා මගේ හිතේ සක්මන් කරන්න ගත්ත...අවංකවම කියනවනම් එතකොට තමා මේ සුන්දර අදහස හිතට ඇතුළු වුනේ. මගේ මේ වෑයම ඒ පිස්සු මොහොතවල් ඔබලා සමඟ බෙදා ගන්නයි...හිනා යන අවස්ථා කිව්වට එහෙමමත් නෙමේ ඉතින්..සීරියස් කෑලිත් ලියවෙයි...අනේ මන්ද අප්පා මම මේ මොන විකාර ලියනවද....පිස්සු කියලා මේවගේ පිස්සුවක්...අයියෝ...
මම ලියන පිස්සු කතා කියවලා ඔබේ අදහස් මට කියල යන්නත් අමතක කරන්න එපා..අනේ ප්ලීස්..හ්ම්.........ඔන්න ඉතින් ඒකත් හරි.....ආ.....තව දෙයක් කියන්න අමතක වුනානේ...තව පොඩ්ඩෙන් ඉවරයි...මොකක්ද දන්නවද මගේ විකාර වලට එන මඩ සතුටින් බාර ගනිමි..හි..හි...
මම බ්ලොග් එකේ මම කාපු චාටර් පීචන් වැඩ එහෙමත් ලියන්න හිතන් ඉන්නව...මම දන්නව ඔය කාටවත් පුළුවන් වෙන එකක් නැහැ මම කවුද,මගේ නියම නම වගේ දේවල් දැන ගන්න මොකද මේ ඔක්කොම මනකල්පිත නාමයන්....ඒනිසා මම කාටවත් බය නැතෝ........හූ......හූ.....හිහ්....හී... :)
Pages
Friday, April 29, 2011
මම ගැන
සමනළී........
hiruthakshi@gmail.com
පසුපස එන්නන්.........
මෙතුවක් ලියවුණු දෑ....
නිතර පියාඹන තැන්...
-
-
-
-
-
-
- 2015 -9 years ago
-
-
අනේ මන්දා....13 years ago
-
-
~පුතේ උඹ හින්දා~13 years ago
-
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....11 years ago
-
-
-
-
ඔය සුවඳ මගෙ වෙන තුරා12 years ago
-
-
-
-
-
Powered by Blogger.
5 comments:
අක්කියො පුලුවන් නම් word verification අයින් කරන්න
මරු මරු ඔයාට හිතෙන ඔනෙම දෙයක් ලියලා දාන්න කියවන්න කට්ටිය ඉන්නවා. මගේ බ්ලොගෙත් මුල් කාලේ කියෙව්ය්වේ මම විතරය්...හික්:)
ඒත් දැන් කමෙන්ට් එහෙම ටිකක් වැටෙනවා... දිගටම ලියන්න
ජය.......!
දිග ගමනකට මගෙන් කෙටි සුබ පැතුමක් ....
දිගටම ලියන්න...
හැබැයි ඉතිං නවක වදයක් නම් සෙට් වෙනව... බීට කියල තියෙනව වගේ තමයි... ලියන ඒව මිනිස්සු කියවන්නෙ නෑ කියල හිතෙන එකත් වදයක්නෙ.. ;)
සුභ පැතුම්!...
සුබම සුබ අනාගතයකට මගේ සුබ පැතුම් ......
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...