Pages

Thursday, June 23, 2011

සමරු පොතෙන්.........

  2006/08/27  නිවසේදී ය,

  Dear නංගි,

පොඩි කාලෙ ඉඳන් ඔයාව දන්න, ඔයාගෙ අක්ක විදියට ඔයාට දෙන්න ගොඩාක් උපදෙස් තියෙනව,හැබැය් ඒවා ඔයාට ඕන තරම් පාසැලෙන්,දෙමාපියන්ගෙන් ලැබෙන හින්දා මම නංගිගෙ මේ සමරුපොතේ පුංචි දෙයක් ලියන්නම්..
           අපේ ජීවිතය අවුරුදු 10 කොටස් වලට බෙදුවොත්,

අවුරුදු 1 - 10 වෙනකම් - සෙල්ලම් කරන්න..

අවුරුදු 10 - 20 වෙනකම්- ඉගෙන ගන්න...

අවුරුදු 20 - 30 වෙනකම්- රස්සාවක් කරන්න,විවාහ වෙන්න...

අවුරුදු 30 - 40 වෙනකම්- දරුවො ඇතිකරන්න,උන්ට උගන්වන්න....

අවුරුදු 40 - 50 වෙනකම් - රස්සාවෙන් විශ්‍රාම අරගෙන මුණුපුරු,මිණිපිරියන්ව බලාගන්න....

අවුරුදු 50 - 60 වෙනකම් - මුණුපුරු,මිණිපිරියන්ව මොන්ටිසෝරි,ඉස්කෝලෙ යවන්න....

අවුරුදු 60 - 70 වෙනකම් - පිංඅතේ වැඩ කරන්න....

අවුරුදු 70 - 80 වෙනකම් - ඕනකම තිබ්බත් මුකුත් කරගන්න බෑනේ..දැං අසනීපය්නෙ!!!!!!

                         ඔහොම තමා ජීවිතේ ගෙවෙන්නේ.ඔන්න ඔය විදිහට හිතුවොත් අපිට ඉගෙනගන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ ගතවෙන අවුරුදු 10 තමා...ඉතිං නංගෝ..මේ ටිකේ කරන ටිකක් කොහොම හරි හරියට කරගන්න ඕන ( පස්සෙ බැරියැ අනික්වා..)
ඉතිං ඔයාගෙ ඉගෙනීමට මගෙන් සුභ පැතුම්..ජීවිතය ඔබේම උත්සහයෙන් ජයගන්න! -******** අක්ක..








මේක මේ අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් මගේ සමරුපොතේ ලියල තිබ්බ සමරුවක්...ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන....සමරුපොතේ අනික් හැම සමරුවකටම වඩා මම මේ සමරුවට ගොඩාක් කැමතී.....මේ ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් පහලින් එකතු කරල යන්නකෝ.....

Tuesday, June 21, 2011

නෝ නම්බර්.....

             කලින් පෝස්ට් එකෙන් කිව්වනෙ මේ පාර පොසොන් පෝයට මම මගේ අතිජාත මිතුරිය එක්ක පන්සල් ගියා කියලා...ඒ වගේම එදා මම මිතුරියගේ ගෙදර නවාතැන් ගත්ත.ගොඩ කාලෙකට පස්සෙ තමය් අපි දෙන්න මේ වගේ හමුවුණේ.ඉස්සරනම් එයා නිතරම අපේ ගෙදර එනව..ඒත් දැන් එහෙම නැහැ...ලබන අවුරුද්දෙ එයා උසස් පෙළ විභාගෙට මුහුණ දෙනව...පාසලුත් යනව...ඒ දේවල් නිසා අපි දෙන්න මුණගැහෙන්නේ හරිම කලාතුරකින්....ගොඩකාලෙකින් හමුවුණ අපි දෙන්නට කතා කරන්න දහසකුත් දේවල් තිබ්බ...ඒව කතා කරන්න එදා සවස්වරුව අපි වෙන් කලා...පෝය දවසෙ චන්ද්‍රග්‍රහනයක් තියෙනව කියල ආරංචි වුණ නිසා මමය් මගේ යාළුවය් ඒක පිටදාල ඇහැරගෙන හිටිය..ආන්ටිල නිදාගත්ත...පහුවදා වැඩට යන්න ඕන නිසා...


      එළියෙ ගල් බංකුව උඩට වෙලා හිටපු අපි අතර තිබ්බ විනාඩි පහෙළවක නිහඩතාවය බිදල දෙන්නම එක පාරට කතාවකට මුල පුරන්න හැදුව......මම එයාට අවස්ථාව දීල නිහඬ වුණා....මුලදිනම් මම හිතුවෙ සපු කියන්න යන්නේ එයාගෙ පෙම්වතාගේ වතගොත කියලය්...සපු එයාගෙ ෆෝන් එක මට දිග් කළා...නො නම්බර් කියල සේව් කරපු 071 නම්බර් එකක්...


මම - මොකක්ද සපු මේ...?????

සපූ - අනේ මන්ද..ඔයාට මේක කියන්නත් මොකක්ද වගේ.....අපි අතර රහස් නෑනේ...ඔය නම්බර් එකෙන් මට කෝල්ස් එනව...හරි කරදරයක්...කතා කරන්නේ 18 + කතා....ඕක නවත්තන්න කරන්න ඕන හැමදේම කලා...මේ අංකයෙන් මුලින්ම මැසේජ් එක්ක ආවෙ මගේ කලින් සිම් එකට...පස්සේ මම නවී ගෙනත් දුන්න දැන් තියෙන නම්බර් එකට මාරු වුණා....මේ මනුස්සය මේකටත් මැසේජ් එවන්න පටන්ගත්ත....බැරිමතැන මම නවීට කිව්ව මගේ අය්ය වගේ කතා කරන්න කියල...එහෙම කරලත් මට මේ මලයකාගෙන් බේරෙන්න බැරි වුණා.....

මම - ඔයා ඔය නම්බර් එකට රිප්ලය් කරන්න එපා....(මට වෙන දෙන්න උපදෙසක් මතක් වුනේ නැති නිසා ඔලුවට ආපු එක කියල දැම්ම)

සපූ - එහෙම කලා කියල මූ මේක නවත්තනවනම් මදෑ...මම දැන් හැම තිස්සෙම ඒකෙන් එන මැසේජස් බලන්නෙ නැතුව ඩිලීට් කරනව..ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තේරෙන්නෙ නැහැ අනේ....කොල්ස් එද්දි කට් කරනව....සමහර වෙලාවට ඒ මනුස්සය වෙනත් නම්බර් වලින් කෝල්ස් ගන්නව..මම ආන්ස්වර් කරය් කියල හිතල....මට තේරෙන්නෙ නැහැ....මේ යකා මාව අදුනන කෙනෙක්දෝ කියලත් සැකය්...එත් ඇය් මේ වගේ කැත කතාම කියවන්නේ...ලැජ්ජාවක් නැද්ද මන්ද...ඊයා.....මට දැන් හිසරදයක් මේක....

       මටත් මේක හරි විකාරයක් වගේ....මගේ යාළුවට කරදරයක්...මම මොනාද කරන්නේ..?????ඇත්තටම මම මේකට විසදුමක් දන්නේත් නැහැ...යාළුව මේක අම්මලට කියන්න කැමැත්තකුත් නැහැ....කවුරුහරි මේකට දෙන්න පුළුවන් නම්  විසදුමක් දෙන්න...පීලීස් මට ඕන විසදුමක්..කවුරුහරි උදව් කරන්න.....

Saturday, June 18, 2011

තතු විත්ති...

                  මුලින්ම ඔක්කෝමගෙන් සමාව ඉල්ලනව පොරොන්දු වෙච්ච දෙයක් ඉටු නොකල එකට...අපිට මේ දවස්වල හරියට කරදර.....අම්මගෙ පැත්තෙන් නෑදෑවන මාම කෙනෙක් අන්ත්‍රාවෙලා...දැන් සතියක් වෙනව...මටත් මේ දවස්වල වැඩ...දෙසැම්බර් විභාගෙනේ....මේ දවස්වල අයදුම්පත්‍ර කැදවනව...ඒ මදිවට අම්ම ඔෆීසියේ වැටිල ඇහැ තුවාල වෙලා....මට පිස්සු වගේ...ගෙදර වැඩ මටම තමා කරන්න වෙලා තියෙන්නේ.... :( ඒකය් ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණේ...මේ පොසොන් එකට මම මගේ යාළුවත් එකක් පන්සල් ගියා...ඒතකොට ගත්තු පොටෝ ටිකක් අප්ලෝඩ් කරන්නම්...ඒව ඉතින් ඒතරම් වැඩක් නැති පොටෝ ටිකක්....


Tuesday, June 7, 2011

හපොය්......

      මේ දවස්වල හරි කම්මැලී අනේ....පායල පායල දැන් මදි නොකියන්න වහිනව...හැබැය් අදනම් තාම පටන් ගත්තේ නැහැ....වෙනද මම පාන්දර 3.30 ඉදන් උදේ 7/8 වෙනකල් පොඩ්ඩක් පාඩම් කරනව...ඊයෙත් වෙනද වගේම තුනට එලාම් එක හදලය් නිදාගත්තේ....කොහොම හරි තුනට එලාම් එක වැදුනද කොහෙද...හරියටම සුවර් නැහැ...යන්තම් වගේ මතකය් නැගිටල එලාම් එක ඕෆ් කරල බ්ලැන්කෙට් එක අස්සට ගිහින් ගුලි ගැහිල නිදාගන්නව...අපොය්.....පස්සේ ඇහැරෙනකොට පහය් තිහය්..අම්ම වැඩට යන්නත් ලෑස්ති වෙලා...කවුරුහරි කතා කරන්ව වගේ ඇහුන හින්ද තමා නැගිට්ටේ....වෙන කවුරුත් නෙමේ ඒ අපේ අම්ම...වැඩට යනව කියන්න ඇවිත්.එයා හිතල තියෙන්නේ මම පාඩම් කරනව කියල....මට බනිනව.. :( හපොය්....මමත් දඩිබිඩි කියල පැන්න ඇදෙන්..නැත්තන් හොඳපාරක් හම්බ වෙනව..බොහොම අමාරුවෙන් අම්මට බටර් ටිකක්ගාල ෂේප් කොරගත්ත... අම්ම වැඩට ගියාට පස්සේ මම ගියා මූණකට සෝදන් පාඩම් කරන්න ලෑස්ති වෙන්න...

            අපෝ............ය්ඉඉඉඉඉඉඉඉඉ......සී......ත......ලාආආආආආආආආ.....යිඉඉඉඉඉඉඉඉ.......

              කොහොමහරි සීතලේම මූණ සොදගෙන හෙඳ බබී වගේ ආව පාඩම් කරන්න...මොන පාඩම්ද?????පොත අතට ගත්ත විතරය් "හහ....චෝ...ස්...." හිකිස්..ඊයේ වැස්සෙ තෙමිල හොදටම හෙම්බිරිස්සාව...හොඳ වෙලාවට අම්ම හිටපු වෙලාවේ කිමුහුන් ගියේ නැත්තේ....නැත්තන් බැනුම් කෝටියය්...පාඩම් කරන් එක පැත්තක තියල කුස්සියට ගිහින් උණුවතුර කෝප්පයක් බොහොම අමාරුවෙන් බීල පිරිටන් සිරප් හැන්දකුත් බිව්ව...අත්දුටුය් ප්‍රත්‍යක්ෂය්....පැය දෙක තුනක් හොදට නින්ද යනව අනේ...පස්සේ හෙම්බිරිස්සාව උණ කොහෙ යනවද මන්ද...කොහොමහරි කමක් නෑ අම්ම එද්දී හැදෙන්න තියෙන උණක්,හෙම්බිරිස්සාවක් ඇදිල ඉවර වෙන්න ඕන...නැත්තන්නම් මම ඉවරාආආආ...ය්ඉඉඉඉ....අපොය්....:( බය්යන් කාල මම යනව පොඩ්ඩක් දොය්යන්න....හෙට කියන්නම් කෝ ඊයෙ වැස්සෙ නටපු හැටි...මාර ජොලි...ඕගොල්ලොත් වහින වෙලාවක නිකන් එලියට බැහැල බලන්න...හැබැය් ලෙඩ හැදුනොත් මම වගකියන්නේ නෑ.....ඔන්න කලින්ම කිව්ව....

Sunday, June 5, 2011

අහල බලන්නකෝ මේක.........

          මේ ළඟදි මට ලස්සන සිංදුවක් හම්බු වුණා........මට ඉතින් සිංදුවක් හිතට ඇල්ලුවොත් පට්ට ගහනව....මම හිතන්නේ ඕගොල්ලෝ මේක මෙලහට අහලත් ඇති.....අහල නැහැය් කියල හිතනවනම් පහල තියෙන්නෙ ඒ සිංදුව....අහන්නකො බලන්න.....මාරම ලස්සනය් අනේ.......ඕක මම මුලින්ම ඇහුවේ මගේ මූණුපොතේ යාලුවෙක් දීල......ඔයාලත් අහල බලන්නකෝ......
 
Melody, Lyrics & Vocals by Sangeeth Fernando
Featuring Nadika Pieris
Music Produced By Arosh Jayakody
Mixed By Ranga Dasanayake


ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතනින් යන්න.......
පල්ලෙහාය්න් හිතින ඕනම දෙයක් ලියන්න.....නැත්තන් මේ පුංචි කෙල්ල පවුනේ......පණ්ඩිත කමට මේක දුන්න කෙනාටත් කිව්ව.....අනේ....කැතය් හරි කියන්න......

Wednesday, June 1, 2011

අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...3

     අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...1
     අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...2

                                        2009 අවුරුද්දෙම මම තුවාල නිසා දුක් වින්දා....ඒ අවුරුද්දේම මම ඉස්කෝලෙ ගියෙත් නැහැ...තාත්තල ප්‍රින්සිපල් මැඩම්ව මේ පිළිබඳව දැනුවත් කරල තිබ්බ නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ...හැබැය් මට කිසිම සහයක් කාගෙන්වත් ලැබුනේ නැහැ...සටහන් එහෙම හොයාගන්න ගොඩාක් දුක් විදින්න වුණා...පස්සේ මට ඒ හැම දේකටම උදව් කරන්න අපෙ ඉස්කෝලෙ නොවෙන,දවසක් දෙකක් ටියුෂන් පන්තියේදි මුණගැසුන එයා ඉදිරිපත් වුණා....ඒතමය් දැන් මගේ හොඳම යෙහෙළිය වන සප්න....එයා ගැනත් විශේෂයෙන් කියන්න ඕන....සප්න හරි  හිත හොඳ ළමයෙක්...වැරදි වැඩ වලට ඇබ්බැහි වෙලා හිටියට යාලුවෙකුගෙන් වෙන්න ඕන යුතුකම් ගොඩාක් හරියාකාරව ඉටු කලා....එයා මට සටහන් ගෙදරටම ගෙනල්ල දුන්න...දුකේදි වගේම සතුටෙදිත් මං ළඟම හිටිය...මම මෙච්චර කල් ආශ්‍රය කරල තියෙන්නේ අවස්ථාවාදියෝ ටිකක් කියන එක මට හොදටම දැනිලය් තිබ්බේ....


                     2009 දෙසැම්බර් වෙද්දී මගේ තුවාල ආයෙත් වැඩි වුණා....අ.පො.ස.(සා.පෙළ) විභායත් පටන් ගත්ත....මම විභාගෙට ගියා.....අම්මග ශාලාධිපතිලත් එක්ක කතා කරල තිබුන...මොකටද දන්නවද...මගේ තුවාල වලට මැස්සෝ එනව..එහෙම වුණහම උත්තර ලියන්න අමාරුය් නේ...ඒ නිසා ෆෑන් එකක් දාගෙන මාව වෙනම තැනක තියන්න පුළුවන්ද කියල අහන්න.....අනේ....ඒ ගුරුවරු හරි හොඳය්...මට ඒ අය ළඟම ෆෑන් ඒකකුත් දාගෙන ප්‍රශ්නපත්තර වලට උත්තර ලියන්න තැනක් හදල දුන්න....සිංහල ප්‍රශ්න පත්තරයට ඒතරම් අවුලක් නැතුව උත්තර ලිව්ව....ඊළඟ විෂය වෙද්දී....මට මගේ අත් පා නවන්නවත් බැරි තරමට තුවාල දාල....අතේ වැලමිට හරියෙය්,දනහිස පිටිස්සෙය් තුවාල දාල සැරව ගලනව..... කකුල් නවල ඇවිදින්න බෑ වේදනාවය්......අත්වලින් නැගුන වේදනාවත් ඒ වගේමය්......ඒත් මම විභාගෙට ගියා...බය්ක් එකේ යන්න බැරි නිසා ත්‍රීවීල් එකක ගියා...ප්‍රශ්න පත්තර වලට උත්තර පැය භාගෙන්,පැයකින් ඉවර කලා....ඔහොමම අනිවාර්‍ය විෂයන් හයටය්,තව එකකටය් උත්තර ලිවුව.....අන්තිම වෙද්දී මට පෑන අතට අරන් ලියන්න පණ නැහැ....පස්සේ මම අම්මලට කිව්ව මට මේක ඉවසන්න බෑ මාව මරල දාන්නකෝ කියල....තාත්තල මට ඉතුරු විෂයන් දෙකට ලියන්න ඕන නැහැ කියල දොස්තර කෙනෙක්ට පෙන්නන්න ගෙනියන්න ලෑස්ති වුණා.....තාත්ත වෑන් එකක් කතා කරගෙන ආව...මට ඇඳෙන් බැහැ ගන්න බෑ......අම්මලට මාව උස්සන්නත් බැහැ.....හැමතැනම තුවාලනේ....... :(

               කොහොමහරි මම නැගිට්ට.....අමාරුවෙන් අමාරුවෙන් වෑන් එක ළඟටම ඇවිදගෙන ගියා....ඒත් ඉතින් වාහනේට නගින්නේ කොහොමද?????????? ඩ්‍රය්ව් කරන අය්යගෙ මූණ යන්තම් වගේ දැක්ක...අහක බලාන දාපු ආප්පයක් වගේ.....දෙකට තුනට ඇදවෙලා....ඒ මනුස්සය මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති....ලෙඩෙක් කිව්වට මෙහෙම ලෙඩෙක්.... :( මොනව කරන්නද මමත් අමාරුවෙන්ම නැඟගත්ත වාහනේට....අම්මත් ගොඩ වුණා....දුහුල් රෙද්දකින් මගෙ තුවාල වැහුවා....පල්ලෙහා ගෙදර ආන්ටි කපු රෙදි වලින් සැහැල්ලු අඳින්න පහසු ඇඳුම් දෙකක් මහල අම්මට දීල තිබුන....ඉස්පිරිතාලෙ නවත්තන්නය් මේ අයගේ සූදානම....මට ඒ වෙලාවේ ඇත්තටම ඒ ගැන වගක් වුනේ නැහැ.....මම හිටියෙ බාගෙට මැරිල....වාහනේට නැගල ටික වෙලාවකින් මට නින්ද ගියා.....මතක විදියට මුලින්ම ගියේ ***** ඉස්පිරිතාලෙට එතනින් අම්මලට හොඳටම බැනල ******ඉස්පිරිතාලෙට යන්න කිව්ව.....******* ඉස්පිරිතාලෙට ගිහාම එතනිනුත් අම්මලට බැනුම්....ඇය් මෙච්චර තුවාල වැඩි වෙනකල් හිටියේ කියල......අන්තිමට මාව අරගෙන ගියේ ඇපලෝ (දැන් ඒක ලංකා හොස්පිටල්) එකට....එතනින් මාව බාර ගත්ත....

      මට මතක හැටියට මාව ට්‍රොලියක තියාගෙන අරන් ගියා දොස්තර ළඟට.....පස්සේ මාව ඉස්පිරිතාලෙ නවත්තන්න කියල අම්මලට කිව්ව.....හම්....ඒදා හවස්වරුවෙම මට ප්‍රතිකාර කරන්න ගත්ත....ඒ දීපු බෙහෙත් වලට මට බඩේ දැවිල්ලත් හැදුනා...ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ...මට කෑම කන්න පුළුවන් වාතාවරනයක් ඒ වෙලාවෙ තිබ්බේ නැහැ....මොකද මාව ඉස්පිරිතාලෙට ගේනකල් හරිහමන් කෑම වේලක් ගත්තෙම නැහැ.....ඒ නිසා තමය් මට ඒ බෙහෙත් බීල වරුවක් යන්න කලින්ම බඩ දැවිල්ල ගත්තේ.....
         
              හම්....මම වැඩිය කියවන්න යන්නේ නැහැ...මම දන්නව මේ වෙනකොටත් ඔගොල්ලන්ට මේක කියවල එපා වෙලා ඇති....කොහොමහරි මාව නවත්වල දවස් පහක් වෙද්දී සනීප කරන්න ඒ අයට පුලුවන් වුණා......

                    2010 අප්‍රේල් වෙද්දී අපේ ප්‍රථිඵල ආව.....හික්....කරපු විෂයන් ඔක්කොම පාස්....ඒත් සම්මාන ගණන තමා....ඇත්තටම මම ඔහොමවත් ප්‍රථිඵල බලාපොරොත්තු වුණේ නැහැ....මට කොමර්ස් ඒලෙවල්ස් කරන්න ප්‍රථිඵල මදි...මම ඒ වෙලේම හිතාගත්ත ආය් ඕ ලෙවල්ස් කරනව...ඊට පස්සේ ඒ ලෙවල්ස් කොමර්ස් වලින් කරනව කියල....ප්‍රථිඵල ගැන යන්තම් දුක් වෙන ගමන්ම  සතුටු වෙද්දී ඒ ගැන සතපහක් ගණන් ගත්තේ නැති කට්ටියකුත් හිටිය.....ඒ වෙන කවුරුත් නෙමේ මගේ අම්මගෙය් තාත්තගෙය් නෑදෑ පරම්පරාව...මගේ ප්‍රථිඵල අහපු ඒ අය මට දැඩි ලෙස කියපු දෙයක් තමය් මේ ප්‍රථිඵල වැඩක් නැහැ....දැන් පඳුරකට ගැහුවත් ඒ සාමාර්ථ ගත්තු කට්ටිය හොයාගන්න පුළුවන්..ඒ නිසා ඔයාගෙ ලකුණු මදි.......ඔව් අන්තිමට ඒ අය දින්න....අම්මලගෙත් හිත් එකපාරටම වෙනස් වුණා...අම්මය් තාත්තය්ත් වෙච්ච හැමදේම අමතක කරල මට බැන්න....ඒ වුණාට මට ප්‍රතිකාර ඉවර නැති නිසා මේ වෙනකල් කිසිම දෙයක් කිව්වෙ නැහැ....
අවුරුද්දක් විතර වෛද්‍ය ප්‍රතිකාර කරල ඉවර වුණ මේ මොහොතේ මට මගෙ අම්මල ආය් (දෙවන වර) ඕ ලෙවල්ස් කරන්න යොජනා කරනව.....මගෙ අම්මල දැන් පත්වෙලා ඉන්න ගොඩාක් ප්‍රශ්න වලට මුල මගේ මේ අසනීපෙ සහ මගේ මුරණ්ඩුකම්.....ඔය නිසාම මම ඒ දෙන්න සතුටු කරන්න දෙයක් කරන්නම ඕන කියල හිතුව.......ඒ අනුව දැන් මම ඒ අයට කීකරු වෙලා ඔවුන්ගේ සිහින සැබෑකරන්න තීරණය කලා......බලමු ඉස්සරහට මොනව වෙය්ද කියල.........

                  අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන් කතාව මෙහෙම අවසාන කරනව...මේ කතාව කියවල  අදහස්  ෙබදා ගත්තු  ෙනාගත්තු හැමදෙනාටම බෙහෙවින් ම ස්තූතී......!