Pages

Friday, May 27, 2011

අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්..1

     පහ වසර ශිෂ්‍යත්වය ඉවර වුණ ගමන් කට්ටිය බලන් ඉන්නේ ඒ ළමයා O/L , A/L කරන කාලෙ එනකල්...ශිෂ්‍යත්වේ අහවර කරල හුස්ම ගන්න ඉඩක් නැහැ අම්මල තාත්තල තමන්ගේ දරුව ඊලඟට එන සාමාන්‍ය පෙළ විභාගයට ටියුෂන් යවනව...ඒවට අදාල ප්‍රශ්න පත්තර කරන්න පොළඔවනව....එකම විකාරයය්....ඔය ආනිසංසයම මටත් පල දුන්න...ශිෂ්‍යත්වයට පස්සේ සාමාන්‍ය පෙළ...මාව ටියුෂන් එක්කන් ගියේ මගේ තාත්ත...සතියේ හැම දවසෙම ටියුෂන් ටියුෂන්...ඉස්කෝලෙ පස්සේ දඩිබිඩි ගාල ටියුෂන් යන්න ලෑස්ති වෙන්න ඕන..සවස හය හත වෙනකල් ක්ලාස්..හම්....හැබැය් ඔය සෙල්ලම තිවුනේ ටික කාලයය්..අට වසරේ වාරයක් විතර ගියාට පස්සේ මගේ හමේ ආසාදනයක් හට ගත්ත.ඒ කියන්නේ දඳයක්...මම හරියටම හරිද දන්නේ නැහැ...මුලදි ඒක එච්චර වදයක් වුණේ නැහැ..ඒත් නවය වසරේ මුල වෙද්දී මලම වදයක් වුණා...කකුලෙ විතරක් තිබ්බ ඒ චූටි තුවාල අත්වලට ආවා..ඒමදිවට ඒව කසනව...අය්යෝ...

                 ඕකට ඉංගිරිසි බෙහෙත් කොලා කොලා කිසිම සනීපයක් වුණේ නැහැ....අපේ නෑයන්ගේ කීමට නවය වසරේ මැද තාත්ත මාව සිංහල වෙදෙක් ගාවට එක්කන් ගියා..එයා දුන්න රු.5000ක විතර බෙහෙත් වට්ටෝරුවක්...කසායය් අරිෂ්ටය් තමය් ඉතින්...ඒක බීල දවස් දෙකක් විතර යද්දී මගෙ මූණත් එක්ක තඩිස්සි වුණා...ඒත් ඉවසගෙන හිටිය..මොකද සිංහල බෙහෙත්වල අසනීපෙ වැඩිවෙලානෙ අඩුවෙන්නේ...ඉස්කෝලෙ ගියා..ටියුෂනුත් ගියා....හොඳට හිටපු මට මොකද මේ වෙලා තියෙන්නේ කියල කවුරුත් බය වුනා...ගුරුවරු පවා හිතුවේ මට බෝවෙන භයානක රෝගයක් වැලදිලා කියල....අතෙය් කකුලෙය් තිබ්බ තුවාල මගෙ මූණටත් ආවා...එතකොට තමය් අම්මලට තරු විසික් වුණේ...කණ්ණාඩියෙන් මුහුණ බලන්න බැහැ කැතය්...දැක්කහම අප්පිරියය්....ඔයවෙනකොට නවය වසරේ අවසාන වාරේ...මම ඇඬුව...පෙරලි පෙරලි ඇඬුව.....මට ස්කූල් යන්න බැරිය කියලා.... :(     

10 comments:

Chanaka Aruna Munasinghe said...

ෆවූඌඌඌඌ. ඉතින් ඊට පස්සෙ

Yasantha Hennayake said...

සහොදරිය.. බාහිර ලස්සනටත් වඩා වටින ලස්සනක් තියෙනවා, ඒ තමයි හදවත කොච්චර ලස්සනද කියන එක. සහොගේ සිතුවිලි ගොනු කොරල තියෙන ආකාරය දැක්කම මට හිතිනවා අර කීව බාහිර ලස්සනටත් වඩා ලස්සන දේ සහො ගාව තියෙනවා කියලා. දිගටම ලියන්න..මගේ සුබ පැතුම්...

හිස් අහස said...

අප්පේ මගේ ඇඟ හිරිවැටිලා ගියා !!.. වෙන මොනවත් මම කියන්න යන්නේ නෑ ඉතිරි කොටස එනකම් බලාන ඉන්නවා ..

All in one....... said...

අයියෝ බාගෙට නවත්තලානේ, දෙන්න හිතෙනවා wonder bar එකක්

ටී.බී. හේරත් said...

කථාව නිකං 'ලත් තැනම ලොප්' නෙ, ඉතුරු කොටසත් දාන්න...

Dinesh said...

ඊට පස්සෙ අසනීපෙට මොකද උනේ??

සමනළී... said...

@ Chanaka Aruna Munasinghe-හම්...ඉතුරු ටික ළඟදිම දැනගන්න පුළුවන්..ඉවසන්න..

@ චතූ- බාහිර ලස්සන ගැන මගේ එතරම් උනන්දුවක් නැහැ..ඒ වුණාට මට මුණගැහෙන,දකින අයට ප්‍රියමනාප විදියට ඉන්න එපායැ..ස්තූතී සහොදරයා..:D

@ හිස් අහස-ඇත්තටම මේක කියවල අය්යගේ ඇඟ හිරිවැටුනනම්..ඇත්තටම මාව ඇස්දෙකට දැකපු අයට මොනව වෙන්න ඇත්ද....හම්..

@All in one-wonder bar ෂා..ෂෝය් නේ...හික්...:D

@ටී.බී. හේරත් -ඉවසන්නෝ....

@Dinesh-අසනීපේ තාම තියෙනව..සම්පූර්ණ හොදක්නම් නැහැ..බෙහෙත්වලින් යටපත් කරල තියාගෙන ඉන්නව..:)

ටී.බී. හේරත් said...

"ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය" නෙ...

කිඩෝ said...

ඉතුරු ටිකත් ඉක්කමට කිව්වනං හොදයි

පන්සල් හංදිය said...

ඉතුරු ටිකත් දැම්මනං ඉක්මනට ........

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...