Pages

Saturday, May 28, 2011

අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්..2


අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්...1

කොහොම හරි තාත්ත මාව සනසල දවස් දෙකක් තුනක් ඉස්කෝලෙ ඇරියා....මාත්එක්ක හිටපු හැම යාලුවෙක්ම මට නැති වුණා.මාව පන්තියේ වෙනම තැනක තියන්න ලමය් කටයුතු කලා...ඕව දැනගත්තහම අම්මටය් තාත්තටය් හරි අප්සෙට්...තාත්ත ආය් මාවත් අරගෙන අර වෙදා ළඟට ගියා..මාව පරික්ෂා කරල කිව්වෙ නැතෑ...

"මට බෙහෙත් කරන්න අමාරුය්...ඉංගිරිසි බෙහෙත් කරන ගමන් මෙයාට සිංහල බෙහෙත් කරමු " කියලා

            තාත්තට ඕකට තද වුණා..එයා වෙදාට හොදවය්න් දෙකක් කියල ඒ වෙලාවෙම මාව අපේ පැත්තේ ඉංගිරිසි වෙදෙක් ගාවට අරගෙන ගියා.ඒ දොස්තර මහත්මයා මාව පරීක්ෂා කරල බෙහෙතුත් දීල කිව්ව

"මේක මේ ආරෙට එන ලෙඩක්..ඒක සම්පූර්ණ හොඳ කරන්න බැහැ..නමුත් යටපත් කරල තියන්න පුලුවන් " කියලා.

ඒ බෙහෙත් වලට මට ඉක්මනට සනීප වුණා..සනීප වුණා කියන්නේ මෙහෙමය්...මූණේ තිබ්බ තඩිස්සි වෙච්ච ගතිය අඩුවෙලා  තුවාල සම්පූර්ණයෙන්ම සුව වෙලා කලින් තිබ්බ ඒ විකාර මූණම ලැබුණා..හැබැය් අත්වලය් කකුල් වලය් තිබ්බ ඒතරම් ඉක්මනට සුව වුණේ නැහැ..ඒවයේ සැරව එන ගතිය අඩුවෙලා වේලිච්ච ගතියක් තමා තිබ්බේ...

                   අසනීපෙ නිසා අඩාල වුණ මගේ පාසල් දිවිය ආය් අලුතෙන් පටන් ගත්තා...අලුතෙන් කියන්නේ...ආය් මම ගියේ දහය වසරට...නවය වසරේ අවසාන විභාගෙට හැම විෂයකටම පනහත් හැටත් අතර ලකුණු තිබ්බා..අසනීපෙන් වුණත් පාඩම් කරල තියෙනව..හොඳ ළමයෙක් කියල කට්ටිය ප්‍රශංසා කලා...ඒත් මම දන්නව එහෙම කලේ මම අධෛර්‍ය වෙය් කියල ඒ අයට හැගුන හින්ද කියල.....කොහොමහරි මම දහය වසරට පාස් වුණා...අම්ම මං වෙනුවෙන් බෝධිපූජා කලා..ගොඩාක් ශාන්තිකර්මත් කලා....ආ....කියන්න ඕන අසනීපෙ වැඩි වුණ වෙලාවේ මාව අතඇරපු ඒ යාලුවො ආයෙත් මංවටේට රොක්  වුණා..කලින් වගේම මම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා...දහය වසරේ මුල මැද වාර දෙකම ගෙවුණා..ඒ වාර වලදී මට කලින් අවුරුද්දේ අහිමි වුණ සහ අලුතින් දේවල් ගොඩාක් ලඟා කරගත්ත...යාලුවෝ...ලකුණු..ගුරුවර ගුරුවරියන්ගේ ආදරය වගේම මගේ ප්‍රදීප් අය්යගේ ආදරේ....තරඟ ජයග්‍රහන වගේ ගොඩාක් දේවල්.....
           
                   දහය වසරේ අවසාන වාරේ මට අද වගේ මතකය්...හොඳවෙලා තිබ්බ මගේ තුවාල ආයෙත් මතුවුණා...කලින් ප්‍රතිකාර කරපු ඉංගිරිසි දොස්තර ළඟට ආයෙත් ගියා..හැබැය් මෙදාපාර දුන්න බෙහෙත් වලට කිසිම අඩුවක් වුනේ නැහැ....හැබැය් කියන්න ඕන...මෙදාපාර මූණෙනම් තුවාල ආවෙනෑ......මට ප්‍රතිකාර කරපු දොස්තරටත් මේ වෙන්නේ මොකද කියල හිතාගන්න බැරුව හිටියේ...පස්සේ එයා හොයා ගත්ත හේතුව...මට පීනසේ තියෙනව...පීනස හොද වුණහම මට මේ තුවාල එනව....තුවාල හොඳ වුණොත් පීනසේ එනව.....ආයෙත් මට හැමදේම නැති වුණා...හැබැය් එකක් ඇරෙන්න.........ඒ.........මගේ ප්‍රදීප් අය්යගේ ආදරේ...ඒ පාර මම මොනව උනත් ඉස්කෝලෙ යනව කියන එක හොඳට හිතට ගත්ත...ඒ වගේම මම ඉස්කෝලෙ ගියා...හැබැය් ඒ හරියටම සතියක් විතරය්.....

                අපේ පාසල හොඳ හය්ෆය් එකක් නෙමේ..විවේක කාලෙන් පස්සේ පන්තිකාමර පිස්සන් කොටුවක් වගේ....ළමය් පිට්ටනියේ දඟලල දහඩිය පෙරාගෙන පන්තිකාමර වලට එන්නේ...විවේකයෙන් පස්සේ පන්තියේ තැනින් තැන මැස්සෝ පිරෙනව..... :( ඒ වෙලාවට මගෙ තුවාල වලට මැස්සෝ ඇවිත් වහනව...හැම අස්සක මුල්ලකම හිටපු මැස්සෝ මා වටේට කැරකෙනව...මොනව කරන්නද????මම ඒවත් ඉවසගෙන,ළඟට එද්දී උන්ව එළව එළව මගේ ඉගෙනීම් වැඩ කටයුතු කලා....ඔහොම දවසක් ඉද්දී මගේ හිටපු හොඳම යෙහෙළිය....මම එයාට කියන්නම් සකුනි කියල...එයා තවත් යෙහෙළියො කිහිප දෙනෙක් වට කරගෙන මෙහෙම කියනව....

"අර හොරිච්චිට ගෙදරට වෙලා ඉන්න බැරුව මෙහෙ ඇවිත් අපිටත් හොරි බෝ කරන්න හදන්ව......"

ඔය අසනීපෙ නිසා මම ගොඩාක් තනි වුණා...මගේ කණ්ඩායමේ හිටපු හැමෝම වෙන තැන්වලට මාරු වුණා...අන්තිමට කණ්ඩායමේ ඉතුරුවුණේ මම විතරය්....මට ඔය දුක ඉවසන්න පුලුවන් වුනේ සතියය්..මට ආය් ඉස්කෝලෙ යන්න බෑ කියල අඬල ගෙදරට වෙලා හිටියා....ඒ පාර මම ටියුෂන් ගියෙත් නෑ.........

8 comments:

කිඩෝ said...

ජීවි‍තේ ඔහොම තමයි සැලෙන්න නරකයි... එන ප්‍රශ්න මග අරිනවට වඩා ඒවට මූන දෙන එක තමා හොදම දේ... එකක් මතක තියාගන්න හැමෝම බලන් ඉන්නෙ වරදිනකන්... යාලුවෙ වුනත් තත්වෙ ඒකයි... දුකේදි ලග ඉන්න යාලුවොන්ව හැමදාමත් මතකෙ තියාගන්න... ඒ වගේම මතක තියාගන්න තමන්ගෙ අම්මවයි තාත්තවයි මොකද එයාලා හැමදෙයක්ම කරන්නෙ තමන්ගෙ දරුවො වෙනුවෙන් ඉදල හිටල ඒ අයගෙ සමහර වැඩ හින්දා තරහා යන්න පුලුවන් ඒත් කල් ගිහිල්ල කල්පනා කරල බැලුවම තේරෙනවා ඒගොල්ලො හරි කියලා.. පඩි ටෝක්ස් දෙනව කියල හිතන්න එපා අත්දැකීමෙන් කිව්වේ...

Yasantha Hennayake said...

ඔයාට උන දේවල් ගැන මගේ කණගා‍ටුව සහෝ. හැබැයි එක දෙයක්.. ඔයාව තෙරුම් නොගෙන ඔයාට නරක විදියට සලකපු අයට ප්‍රතිවිපාක අනිවාර්යයි

Dinesh said...

යාළුවෝ සතුටෙදි විතරක් නෙමෙයි දුකේදිත් ලග ඉන්න් ඕන.. ඔයාට ඔයාගේ යාළුවො ගැන මේ සිද්දිය නිසා හොදට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති...

පන්සල් හංදිය said...

තනිවයි උපන්නෙ .....
තනිවයි මැරෙන්නේ ....
අන්තිමට තමන්ට තමන් විතරයි ......

අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ ලඟ හිටියොත් බලයි. වැඩිපුර ඔය දේවල් ගැන හිතන්න එපා. හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න. එතකොට ඔක්කොම හරි යයි.

ඔබට ජය ..........

අනූ said...

ප්‍රශ්න ආවම සැලෙන්න එපා අක්කියො,ඔයාට හිනා වෙන හැමෝටම වඩා උසස් තැනකට යන්න උත්සහා කරන්න..හිනා උන අයට පස්සෙ අඬන්න වෙයි.කවුරු කොයිතරම් ආදරෙයි කිව්වත් අපිට ඇත්තටම ආදරේ කරන්නෙ අම්මයි තාත්තයි විතරයි අක්කියො, ඔබට ජය,ඉතුරු ටිකත් ඉක්මන්ටම ලියන්න

අනූ said...

අනේ අක්කියො බලන්නකො මට ඔයාගෙ බ්ලොග් එක පේන්නැතුවනෙ තිබුනෙ.ඔය ඉස්සෙල්ල නම තියෙද්දි තමා මන් ෆලෝව් කරල තියෙන්නෙ.ඉතින් නම වෙනස් කලාට පස්සෙ බ්ලොග් එක අප්ඩේට් වෙන්නැති උනා.මන් ඒත් හිත හිත හිටියෙ අහම්බෙන් අහු වුණා මේ බ්ලොග් එක.බැලුවම ඔයා,:)

ටී.බී. හේරත් said...

"සාගරය බඳු වේදනාවෝ සුන්වෙලා යනවෝ...
ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ...

පෙරුම් පුරනා බෝ සතුන්ටත් මාර සෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපිට නැතිවෙද රුදුරු බාධාවෝ
පැමිණි දුක්‌ කඳ පැණි රසක්‌ ලෙස බෝ සතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්‌ඛ ගංගාවෝ...

එදා කඳුලැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොඳ නම් යනෙන ගමනෙත් සිහින එළිවෙනවෝ..."

කෝඩුකාරයා said...

ජීවිතේ යෞවනය කාලෙට පය තියනකොටම ඔහොම සිද්දියක් වුනොත් කවුරු වුනත් සැලෙන එක සාධාරණයි.ඒත් අක්කෙ ඔයා ඒ හැම දේම තරණය කරල ඉන්නෙ.ඔයා දිනුම් කියල හිතාගන්න.......

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...