
රත්තරං...මම ඔයාට ගොඩාක් ආදරෙයි....
මැණික... මට ඔයා ජීවත් වෙන්න බෑ සුදූ...
පැටියෝ ඔයා මට ඇත්තටම ආදරෙයි ද?....
ඔයාල දන්නවනේ දැන් ගොඩාක් fm චැනල් වලින් සහ රූපවාහිනී නාලිකා වලින් විවිධ ආකාරයේ ආදර කතා විකාශය කරන බව...ඒවායේ ප්රචාරය වන සමහර දෙබස් ඇහෙන කොට මට මා..ර..ම.... තරහයි... :@ ඒ වෙලාවට ඉතින්....එනවුස් කරන එකාගේ බෙල්ල මිරිකන්න හිතෙනව.....හරිම බොළදයි..පිස්සු...මම ඇයි එහෙම හැසිරෙන්නේ කියල මමම කල්පනා කරල බැලුව..
අත්දැකීම් හින්දද?
ඊරිසියාවට ද?
දුකට ද?
හම්....ඇත්තටම හිතල බැලුවොත් කිසිම හේතුවක් නැහැ..නමුත් අරවගේ බොළද වචන ඇහෙනකොට ඒ ළගපාතකවත් මට ඉන්න හිතෙන්නේ නෑ අනේ.....

මගේ සහෝදරී ගොඩාක් ලව්ස්ටෝරි වලට ප්රිය කෙනෙක්..(මම එහෙම නැතුවමත් නෙමේ) එයා ගොඩාක් වෙලාවට ප්රසිද්ධ fm නාලිකාවක ටීක් ටීක් ටීක් කතාව ශ්රවනය කරනව.(හැබැයි මම නිදාගෙන හෝ නිවසේ නොමැති විට)ඔය වෙලාවට මම ළගපාත සිටියොත් එයාට නිදහසේ,හීන ලෝකවල පාවෙමින් ලව්ස්ටොරිය අහන්න වෙන්නේ නෑ කියල එයා හොඳටෝම දන්නව..
මම මීට කලින් කීපවතාවක්ම උත්සහ කලා මේ හැගීම පාලනය කරගන්න...මට බෑ අප්පා...ඔය වගේ සීරියස් ලව් සීන් අහන්න...උත්සහයෙන් පරාජය වුණ මම දැන් ඒවගේ පිස්සු,විකාර,රොමෑන්ටික් අවස්ථා මඟහරින්න තීරණය කළා... :)ඒක මට මාරම සහනයක්.....
මගේ ජීවිතයේ ආයි කවමදාකවත්ම මම ඒ වෛරක්කාරී හැගීම පාලනය කරන්න උත්සහ නොකරයි කියල මම හිතනව....