Pages

Showing posts with label වේදනාව. Show all posts
Showing posts with label වේදනාව. Show all posts

Saturday, June 18, 2011

තතු විත්ති...

                  මුලින්ම ඔක්කෝමගෙන් සමාව ඉල්ලනව පොරොන්දු වෙච්ච දෙයක් ඉටු නොකල එකට...අපිට මේ දවස්වල හරියට කරදර.....අම්මගෙ පැත්තෙන් නෑදෑවන මාම කෙනෙක් අන්ත්‍රාවෙලා...දැන් සතියක් වෙනව...මටත් මේ දවස්වල වැඩ...දෙසැම්බර් විභාගෙනේ....මේ දවස්වල අයදුම්පත්‍ර කැදවනව...ඒ මදිවට අම්ම ඔෆීසියේ වැටිල ඇහැ තුවාල වෙලා....මට පිස්සු වගේ...ගෙදර වැඩ මටම තමා කරන්න වෙලා තියෙන්නේ.... :( ඒකය් ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණේ...මේ පොසොන් එකට මම මගේ යාළුවත් එකක් පන්සල් ගියා...ඒතකොට ගත්තු පොටෝ ටිකක් අප්ලෝඩ් කරන්නම්...ඒව ඉතින් ඒතරම් වැඩක් නැති පොටෝ ටිකක්....


Wednesday, May 11, 2011

එලොව ගිහින් මෙලොව ඒම.

    
      හී....කොහොමද යාලුවනේ....?සෝකීව ගෙවුන දවස්ටික නිසා ගොඩ කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටිය පෝස්ට් එකක් ලියන්න බැරිවුණා...ඕං ඉතින් අද ඒක පළකරන්න ඕනිමයි කියල හිතුන....මේක මාසයකට උඩදි හිරූගේ පවුලට එකතු වුණ පුංචි පැටියෙක් ගැන....එයා අපේ පවුලට එකතු වුණේ අපූරු විදියට....අහගන්නකො ඉතින්.....


          එදත් වෙනද වගේම තාත්ත වත්ත පිටිය නිරීක්ෂණය කරමින් සිටියේ..අපේ ජිමීගේ ( මගේ බව් පැටියා ) බිරීම නිසා තාත්ති තවත් හොඳට වටාපිටාව බැලුවේ මොකෙක් හරි දරුණු සතෙක්වත් ඉන්නවද කියල බලන්නයි..අඩේ...එතෙකොට තමයි තාත්ත දකින්නේ තඩි ගැරඬියෙක් බව් කූඩුව අසලින් ඇදෙනව...පාඩුවෙ යන එකාගෙන් කාටවත් කරදරයක් නෑ කියල හිතපු තාත්ත ඌට ඔහේ යන්න ඇරියෙ නැතෑ..අඩියක් විතර ඉස්සරහට ගියපු තාත්තට ගැරඬියගේ අමුත්තක් තියෙනව කියල මතක් වෙනව....ආ....ඒ වෙන මුකුත් නෙමේ...ගැරඬි රාජයා එයාගේ කෑමට පොඩි දඩයමක් කොරගෙන...

“ඌරු මීයෙක්ද කොහෙද…හොඳවැඩේ..මේ යක්කු වත්තේ දෙයක් තියෙන්න දෙන්නේ නෑ...”

හැබැයි කකුල් මීයෙක්ගෙ වගේ නෙමේ...කෑගැහීමත් මීයෙක් වගේ නෙමෙයි...එහෙනම් මොකෙක්ද මේ...අයියෝ....හා පැට්ටෙක්....
          තාත්තට වෙන කරන්න දෙයක් නැති තැන අතට අහුවුණ ලී කැබැල්ලකින් ගැරඬියගේ ඔලුවට දමල ගහනවා....වැදුන පහර ටිකක් දරුණු නිසා කටේ තිබ්බ දඬයම ගිලිහුණා....පස්සේ ගැරඬියව බය කරල ඌව එලවගත්ත තාත්ත පුංචි පැටියවත් අරං ගේ තුළට ආවා...

සැ.යු - මේ සියල්ල ක්ෂණයකින් සිදුවු බවත් දෑසට නොදැක්ක මේ සියල්ල පියාගේ කතාව අනුව සිතේ  මැවුන ආකාරයටත් ලියවූ බ‍ව...
 
            තාත්ත පැටියව ගේනකොටත් ඌගේ බෙල්ලයි පිටිපස්සේ කකුලකුයි  ගැරඬියගේ දත් පහරවල් වලට තුවාල වෙලයි තිබුනේ.....පවු....හොඳටම බයවෙලා...වෙව්ලනව....මාළුහොදි  තුවාලෙට දැම්මම හොඳවෙනව කියල තාත්ත කලින් දැනගෙන ඉදල තියෙනව...වෙලාවට...එදා අපේ ගෙදර මාළු උයපු දවසක් වුණේ...හැබැයි ඉතින් හැමදාම මාළු උයන්නත් බෑනේ....ඊට පහුවදා ඉදන් තාත්ත ඌගෙ තුවාල වලට දැම්මේ බෙට(ර්)ඩින්...දවස් 3ක් ගතවෙද්දී තුවාලනම් හොඳටම හොඳයි....ඒත්.............පොඩි පුරස්නයක් තිබ්බ...ඒ තමයි හා පැටිය නිරාහාරව සිටීම...
            මාය් මගේ සහෝදරියොයි එකතුවෙලා පිළියමක් හොයාගත්ත....කිරි ජූන්ජක් හදල යෝගට් හැන්දකින් පෙව්ව....චෝයී....අනේ...ගුඩුස්....ගුඩුස්...කියල බීගෙන බීගෙන ගියා....පස්සේ තාත්ත කිව්ව කංකුං කිරිවල පොඟවල කවන්න කියලා....ඔහොම ටික දවසක් (ඒ කියන්නේ දවස් 10ක් විතර) යනකොට හැමදේම සාමාන්‍ය තත්වෙට හැරුණා....

ඔන්න බලා ගන්න...මේ ඉන්නේ අපේ පවුලට එකතුවුණ පුංචි පැටියා......

















            ඔය ඡායාරූප වලට පෙනී සිටියට පස්සේ අපේ තාත්ත තීරණය කළා එදා රෑම පැටියව නිදහස් කරන්න...ඉතින්...අකමැත්තෙන් වුනත් අපි ඌව නිදහස් කලා...උස්සල ගෙනිහින් තණපිස්සේ තිබ්බහම බයවෙලා ගුලී ගැහිල හිටිය....ටිකකින් මෙන්නබොලේ පැනගෙන පැනගෙන ඈතටම යන්න ගියේ නැතැ...අපිට හරි සතුටුයි.....අපි ඌව මරණින් බේරගත්ත...සනීප වුනහම නිදහස් කලා....අපි විශ්වාස කරනව ඌට ඌගේ වර්ගයේ කට්ටිය හම්බ වෙන්න ඇති කියල...

               එලොව ගිහින් මෙලොව ආපු පුංචි හා පැටියෝ ඔබට තෙරුවන් සරණයි!

Tuesday, May 10, 2011

අහිමි ආදරය සඳහටම අහිමි වී..2

   " ආ ....ඌ එහෙනම් බඳිනව....හොඳයි...අපිට මොකෝ...ඔයවගේ එකෙකුට අපේ  දුව දෙනවට වැඩිය................. "

             තාත්ති තව ගොඩාක් දේවල් කිව්වත්..."ඌ බඳිනව.." කිව්ව ඇහුනාම කනේ අඟුල් වැටුන.....පෑන අල්ල ගන්න පවා වාරු නැති වුනා....මේ වගේ දෙයක් මම මගේ චූටි අයියගෙන් බලාපොරොත්තු වුනේ නෑ කවමදාකවත්.....

      පියල් අංකල් මේ පණිවිඩේ කියනකල්...,ඒ කියන්නේ පෙරේදා වෙනකල්ම මම හිතින් ප්‍රාර්ථනා කලේ මගෙ අය්ය මාත් එක්ක ලඟදිම වෙනද වගේ කතා කරයි....ඉස්සර වගේ කෝල් කරල "මගේ රත්තරං මාත් එක්ක තරහද?" කියල අහයි කියලයි....
   
     මේ වගේ දෙයක් වෙයි කියල දන්නවනම් එයා එදා දෙව්මිණී අක්කිව හම්බවෙන්න ගියේ ඇයි කියල අහන්නේ නෑ...මමත් මෙතනදි නිවැරදිකාරි වෙන්නේ නෑ...ඒක මම අයියගෙන් අහපු විදිය වැරදී....හැබැයි එයත් මට ඇත්ත කිව්වේ නෑ...ඇත්ත කිව්වනම්......ඉස්සර වගේ අපි දෙන්නට තාමත් සතුටින් ඉන්න තිබුන මං හිතන්නේ......

    කණගාටුවෙන් වුණත් කියන්න ඕනි හිරූ...එයා දැන් විවාහ වෙච්ච කෙනෙක්....තවදුරටත් එයා ඔයාගේ  චූටි අයිය නෙමේ....එයා විසින්ම ගොඩනගපු පුංචි ලෝකෙ එයා විසින්ම කඩල පොඩිකරල දමල ඉවරයි...ඔයාට ජීවිතේ තව ගොඩාක් කරන්න දේවල් ඉතුරුවෙලා තියෙනවා....

"මගේ ප්‍රදීප් අයියේ...ඔයාට වෛර කරන්නනම් මට බෑ....ඒත් මම ඔයාගේ අලුත් ජීවිතේට මුළු හදවතින්ම සුභ පතනවා..! "

{සමාවෙන්න මේ පෝස්ට් දෙකම මහ විකාරයක් වගේ වෙන්න ඇති...ඒත් මේ මගේ හිත දුක දරාගන්න බැරුව වචන වලට හරවපු විදියයි....සාමාව දෙන්න මේ පිස්සිට...}

Monday, May 9, 2011

අහිමි ආදරය සඳහටම අහිමි වී..

              හිරූ නම් මේ දවස්වල ඉන්නේ හරිම අප්සෙට් එකෙන්.....මොකද කිව්වොත් ජීවිතයේ ගොඩාක් ආදරේ කරපු මයෙ චූටි අය්යා...(මගේ ආදරේ) තව මොහොතකින් මගෙන් ඈත්වෙනව සඳහටම....අයේ කවම දාකවත් නොඑන්න.....මම දාරාගෙන හිටිය ඒ දුක ඔන්න දැන් උච්ච තත්වයට ඇවිත් තියෙන්නේ......ඒක වචනයට පෙරලන්නයි මගේ සූදානම.....මේ දුක සය්බර් අවකාශයට මුදා හරිනවද නැද්ද කියන එක ගැන ගොඩාක් හිතුව...මාව දන්න කිසිම කෙනෙක් ‍බ්ලොග් කියවන්න එච්චර නැබුරුවක් නැති හින්ද මම තීරනය කළා සය්බර් අවකාශයටම මගේ දුක මුදා හැරල හිත සැහැල්ලු කරගන්න...හම්......ඇත්තම කිව්වොත් හිරූ එයාගේ ආදරේ නැවත ලබාගන්න නොකරපු දෙයක් නෑ....අන්තිමට එයාගේ නිව් ගර්ල් ළග‍ට ගිහිනුත් නැතිවුන ආදරේ ආයේ ඉල්ලලා සිඟමන් යැද්දා.....දැන්නම් හිතෙනව අපරාදේ කියල.....මගේ චූටි අය්යට මං ගොඩාරියක් ආදරෙය්........

           ‍මේ වෙන්වීමට හිත හදාගන්නම බැරිතැන නිදන කාමරේට ගිහින් කොට්ටේ තුරුළු කරන් අඬපු වාර අනන්තයි....අප්‍රමාණයි.....මගේ මේ හැසිරීම දරාගන්න බැරිව අම්ම අය්යට (මෙතන ඉදන් මම ඔහුව ප්‍රදීප් යන නමින් හදුන්වන්නම්..)සාප කරන්න ගත්තා....කෝල් කරලත් බැන්න....මට ඒක නවත්වන්න තිබ්බා...හිතේ තියෙන දුකටද කොහෙද මම ඒකට එතරම් සැලකිල්ලක් දැක්වුවේ නැහැ....
 
         මගෙයි ප්‍රදීප්‍ අය්යගෙයි සම්බන්දෙට ගෙදරින් මුලින්නම් ගොඩාක් අකමැති වුණා.ඒත් මම කරපු සමහර මුරණ්ඩු වැඩ නිසා කැමති වුණා...කැමති වුණා කියන්නේ මෙහෙමය්....අම්මල ප්‍රදීප් අය්යට කිව්ව මගේ ඉගෙනීම ඉවර වෙනකල් එයාට ගෙයක් දොරක් හදාගෙන...රස්සාවක් හොයාගෙන එයාගේ පැත්තෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරන්න කියල....

         ඒ කොහොම වුණත් එයා දැන් මගේ නෙමෙ...ඉස්සර වගේ "මගෙ අය්ය" "මගෙ අය්ය" කියල හුරතල් වෙන්න කෙනෙක් දැන් මට නෑ....අනේ....එයා දෙව්මිණී අක්කිත් එක්ක ඉන්නව දැක්කම වත් දැනුනේ නැති දුකක් දැන් දැනෙනව...පියල් අංකල් ඇවිත් අර ලියමන තාත්තිට දෙනකල් මේ තරම් දුකක් දැනුනෙම නැහැ.....සත්තයි.....

     ඒ මොහොත මට මේ දැන් වුණා වගේ.....තාත්ති ලියමන අරන් බලල මං දිහා බලපු හැටිත් පියල් අංකල් දිහා බලපු හැටිත් හොඳටම මතකයි.........

[ සිතුවිලි අනන්තය්.....දිග වැඩී කියල හිතුන හින්ද කොටස් දෙකකට ලියන්න....සමාව අයදිමි සියලු දෙනාගෙන්ම..... නොදනිමි වරදක්ද මේ මා කරනුයේ....]