Pages

Wednesday, May 11, 2011

එලොව ගිහින් මෙලොව ඒම.

    
      හී....කොහොමද යාලුවනේ....?සෝකීව ගෙවුන දවස්ටික නිසා ගොඩ කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටිය පෝස්ට් එකක් ලියන්න බැරිවුණා...ඕං ඉතින් අද ඒක පළකරන්න ඕනිමයි කියල හිතුන....මේක මාසයකට උඩදි හිරූගේ පවුලට එකතු වුණ පුංචි පැටියෙක් ගැන....එයා අපේ පවුලට එකතු වුණේ අපූරු විදියට....අහගන්නකො ඉතින්.....


          එදත් වෙනද වගේම තාත්ත වත්ත පිටිය නිරීක්ෂණය කරමින් සිටියේ..අපේ ජිමීගේ ( මගේ බව් පැටියා ) බිරීම නිසා තාත්ති තවත් හොඳට වටාපිටාව බැලුවේ මොකෙක් හරි දරුණු සතෙක්වත් ඉන්නවද කියල බලන්නයි..අඩේ...එතෙකොට තමයි තාත්ත දකින්නේ තඩි ගැරඬියෙක් බව් කූඩුව අසලින් ඇදෙනව...පාඩුවෙ යන එකාගෙන් කාටවත් කරදරයක් නෑ කියල හිතපු තාත්ත ඌට ඔහේ යන්න ඇරියෙ නැතෑ..අඩියක් විතර ඉස්සරහට ගියපු තාත්තට ගැරඬියගේ අමුත්තක් තියෙනව කියල මතක් වෙනව....ආ....ඒ වෙන මුකුත් නෙමේ...ගැරඬි රාජයා එයාගේ කෑමට පොඩි දඩයමක් කොරගෙන...

“ඌරු මීයෙක්ද කොහෙද…හොඳවැඩේ..මේ යක්කු වත්තේ දෙයක් තියෙන්න දෙන්නේ නෑ...

හැබැයි කකුල් මීයෙක්ගෙ වගේ නෙමේ...කෑගැහීමත් මීයෙක් වගේ නෙමෙයි...එහෙනම් මොකෙක්ද මේ...අයියෝ....හා පැට්ටෙක්....
          තාත්තට වෙන කරන්න දෙයක් නැති තැන අතට අහුවුණ ලී කැබැල්ලකින් ගැරඬියගේ ඔලුවට දමල ගහනවා....වැදුන පහර ටිකක් දරුණු නිසා කටේ තිබ්බ දඬයම ගිලිහුණා....පස්සේ ගැරඬියව බය කරල ඌව එලවගත්ත තාත්ත පුංචි පැටියවත් අරං ගේ තුළට ආවා...

සැ.යු - මේ සියල්ල ක්ෂණයකින් සිදුවු බවත් දෑසට නොදැක්ක මේ සියල්ල පියාගේ කතාව අනුව සිතේ  මැවුන ආකාරයටත් ලියවූ බ‍ව...
 
            තාත්ත පැටියව ගේනකොටත් ඌගේ බෙල්ලයි පිටිපස්සේ කකුලකුයි  ගැරඬියගේ දත් පහරවල් වලට තුවාල වෙලයි තිබුනේ.....පවු....හොඳටම බයවෙලා...වෙව්ලනව....මාළුහොදි  තුවාලෙට දැම්මම හොඳවෙනව කියල තාත්ත කලින් දැනගෙන ඉදල තියෙනව...වෙලාවට...එදා අපේ ගෙදර මාළු උයපු දවසක් වුණේ...හැබැයි ඉතින් හැමදාම මාළු උයන්නත් බෑනේ....ඊට පහුවදා ඉදන් තාත්ත ඌගෙ තුවාල වලට දැම්මේ බෙට(ර්)ඩින්...දවස් 3ක් ගතවෙද්දී තුවාලනම් හොඳටම හොඳයි....ඒත්.............පොඩි පුරස්නයක් තිබ්බ...ඒ තමයි හා පැටිය නිරාහාරව සිටීම...
            මාය් මගේ සහෝදරියොයි එකතුවෙලා පිළියමක් හොයාගත්ත....කිරි ජූන්ජක් හදල යෝගට් හැන්දකින් පෙව්ව....චෝයී....අනේ...ගුඩුස්....ගුඩුස්...කියල බීගෙන බීගෙන ගියා....පස්සේ තාත්ත කිව්ව කංකුං කිරිවල පොඟවල කවන්න කියලා....ඔහොම ටික දවසක් (ඒ කියන්නේ දවස් 10ක් විතර) යනකොට හැමදේම සාමාන්‍ය තත්වෙට හැරුණා....

ඔන්න බලා ගන්න...මේ ඉන්නේ අපේ පවුලට එකතුවුණ පුංචි පැටියා......

















            ඔය ඡායාරූප වලට පෙනී සිටියට පස්සේ අපේ තාත්ත තීරණය කළා එදා රෑම පැටියව නිදහස් කරන්න...ඉතින්...අකමැත්තෙන් වුනත් අපි ඌව නිදහස් කලා...උස්සල ගෙනිහින් තණපිස්සේ තිබ්බහම බයවෙලා ගුලී ගැහිල හිටිය....ටිකකින් මෙන්නබොලේ පැනගෙන පැනගෙන ඈතටම යන්න ගියේ නැතැ...අපිට හරි සතුටුයි.....අපි ඌව මරණින් බේරගත්ත...සනීප වුනහම නිදහස් කලා....අපි විශ්වාස කරනව ඌට ඌගේ වර්ගයේ කට්ටිය හම්බ වෙන්න ඇති කියල...

               එලොව ගිහින් මෙලොව ආපු පුංචි හා පැටියෝ ඔබට තෙරුවන් සරණයි!

16 comments:

නදී said...

අනේ ශෝයි හා පැටිය.මරනින් බේරගත්ත එකටනම් ඔයාලට පින්,

kasun said...

ලස්සන හා පැටියා.......එල වැඩක්....!!!!

හිස් අහස said...

හුරුබුහුටි හාපැටියා ..බේරගත්ත එකටටයි සුවපත් කරපු එකටයි පස්සේ නිදහස් කරපු එකටයි ඔයාලට ඇත්තටම පින් ..

සසීන්ද්‍ර වීරසිංහ said...

අපෙ පූසත් මේ ලඟදි හා පැටියෙක් අල්ලලා ගේ ඇතුලෙ දාල තිබුණ!
අපි එයාව හොයාගද්දි ඔලුව නෑ O.o !!

සමනළී... said...

@නදී - ස්තූතී අක්කියෝ...

@චතූ - ආයෙත් අහල...

@හිස් අහස -හම්..අයියේ..තාත්තත් කිව්ව තව දවස් තියාගෙන හිටියනම්
අපි කරන්නේ පවක් කියල...ඒ නිසා අපි හිත හදාගත්ත..

@සසීන්ද්‍ර වීරසිංහ - අයියෝ...පව්...අපෙ පූස් තඩියක් කොලානම් දනී
කොරන දේ...:(

සසීන්ද්‍ර වීරසිංහ said...

ආ....!
එතකොට හාවො හැමදේම(අහුවෙන ඕනෙ කොලයක්) කාපුවාම හාවො කන්නෙ කවුද? උනුත් මැරෙන්න ඕනෙනෙ?

සමනළී... said...

ඒ වුණාට පවුනේ.....:(

පන්සල් හංදිය said...

ඇත්තටම ලොකු පින්කමක් කරලා තියෙන්නෙ ......... කොහොම උනත් ලස්සන හා පැටියා ..... ආස හිතෙනවා දැක්කාම ........

BISha said...

හවා ගොඩක් අහින්සක සතෙක් තමා දැක්කාම ඔන කෙනෙක්ට අදරේ හිතෙනවා හරියට මට වගේ. ලාවට පවකුත් වෙලා තියෙන්වා. කොහොම උනත් චේතනව සතා බෙරගැනිම නිසා අව්ලක් නැතුව ඇති.

Dinesh said...

ඒ සතා කූඩු කර ගන්නේ නැතුව නිදහස් කරමු එකනම් ලොකු පිනක්.. ඔයාලා කරලා තියෙන්නේ ගොඩාක් හොද දෙයක්..

Anonymous said...

ගැරඬියට මොකද වුනෙ? පොල්ලෙන් ගහපු පාරට තුවාල වුනාද ? පව්

-හරී-

සාතන් said...

වැඩේ හොඳයි... මිනිස්සුන්ට ඕන මඟුලක්.. සත්තුන්‍ට මොනාහරි වෙද්දි නම් සාතන්ට ඉන්න ටිකක් අමාරුයි..

හැබැයි ඉතිං ගැරඬියත් පවු... මොකද ඌ කෑම කඩෙන් ගන්නද?.. අමාරුවෙන් අල්ලගත්තු ගොඳුරක් වෙන්න ඇති... සාමාන්‍යයෙන් සර්පයෙක්ට ගොඳුරක් මිස් වුනා කියන්නෙ දවස් ගානක් බඩගින්නෙ ඉන්න වෙන සීන් එකක් වෙන්නත් පුලුවන්...

ටී.බී. හේරත් said...

Google Chrome වලින් ඔයාගෙ බ්ලොග් එක පැහැදිලිව පේන්නෙ නෑ, පුලුවන් නම් පසුබිමේ විනිවිද පේන ස්වභාවය පොඩ්ඩක් තව අඩු කරන්න.

මේ බලන්නකො

සමනළී... said...

@ කල්හාර දිසානායක - ඔව්...ශෝය් බන්ඩි පැටිය..

@පිස්සු පුසා - මම ගොඩාක් ආදරෙය් හාපැටවුන්ට. :D

@Dinesh - ඔව්..ඔව්...තාත්තිත් කිව්ව...

@Anonymous - එයාට තුවාල නෑලු...පව්නම් තමා..මක් කොරන්න
ද?...
@සාතන් - ඒකත් එහෙමද....වත්තේ ඔන තරම් ඌරු මීයෝ
ඉන්නේ...ඇය් උන්ව කන්නේ නැතුව අහිංසකයොම
මරන්නේ... :(

@ ටී.බී.හේරත් - අඩේ...ඇත්තමය්.. මම බලන්නම්....

දේව් ගේ අඩවිය said...

සමනලිගේ ත‍ටු සිදුනට කවදාවත් ඔය වගේ වැඩ නිසා ජිවිතේ වරදින්නේ නැ... සුබ පතනවා මන්... ගොඩාක් පින් ඇති අගේ ඇති වැඩක්

All in one....... said...

ඔයාල හා පැටියාගේ ජීවිතේ බේරාගෙන කරලා තියෙන්නේ ලොකු පිනක්, ඊටත් වඩා ඒ සතා නිදහස් කරලා කරලා තියෙන්නේ ලොකුම පිනක්.

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...