Pages

Tuesday, May 10, 2011

අහිමි ආදරය සඳහටම අහිමි වී..2

   " ආ ....ඌ එහෙනම් බඳිනව....හොඳයි...අපිට මොකෝ...ඔයවගේ එකෙකුට අපේ  දුව දෙනවට වැඩිය................. "

             තාත්ති තව ගොඩාක් දේවල් කිව්වත්..."ඌ බඳිනව.." කිව්ව ඇහුනාම කනේ අඟුල් වැටුන.....පෑන අල්ල ගන්න පවා වාරු නැති වුනා....මේ වගේ දෙයක් මම මගේ චූටි අයියගෙන් බලාපොරොත්තු වුනේ නෑ කවමදාකවත්.....

      පියල් අංකල් මේ පණිවිඩේ කියනකල්...,ඒ කියන්නේ පෙරේදා වෙනකල්ම මම හිතින් ප්‍රාර්ථනා කලේ මගෙ අය්ය මාත් එක්ක ලඟදිම වෙනද වගේ කතා කරයි....ඉස්සර වගේ කෝල් කරල "මගේ රත්තරං මාත් එක්ක තරහද?" කියල අහයි කියලයි....
   
     මේ වගේ දෙයක් වෙයි කියල දන්නවනම් එයා එදා දෙව්මිණී අක්කිව හම්බවෙන්න ගියේ ඇයි කියල අහන්නේ නෑ...මමත් මෙතනදි නිවැරදිකාරි වෙන්නේ නෑ...ඒක මම අයියගෙන් අහපු විදිය වැරදී....හැබැයි එයත් මට ඇත්ත කිව්වේ නෑ...ඇත්ත කිව්වනම්......ඉස්සර වගේ අපි දෙන්නට තාමත් සතුටින් ඉන්න තිබුන මං හිතන්නේ......

    කණගාටුවෙන් වුණත් කියන්න ඕනි හිරූ...එයා දැන් විවාහ වෙච්ච කෙනෙක්....තවදුරටත් එයා ඔයාගේ  චූටි අයිය නෙමේ....එයා විසින්ම ගොඩනගපු පුංචි ලෝකෙ එයා විසින්ම කඩල පොඩිකරල දමල ඉවරයි...ඔයාට ජීවිතේ තව ගොඩාක් කරන්න දේවල් ඉතුරුවෙලා තියෙනවා....

"මගේ ප්‍රදීප් අයියේ...ඔයාට වෛර කරන්නනම් මට බෑ....ඒත් මම ඔයාගේ අලුත් ජීවිතේට මුළු හදවතින්ම සුභ පතනවා..! "

{සමාවෙන්න මේ පෝස්ට් දෙකම මහ විකාරයක් වගේ වෙන්න ඇති...ඒත් මේ මගේ හිත දුක දරාගන්න බැරුව වචන වලට හරවපු විදියයි....සාමාව දෙන්න මේ පිස්සිට...}

10 comments:

වජිරදේවි said...

හ්ම්ම්... විරහව ජීවිතේ කිනම් අවස්ථාවකදී හෝ අත්විඳින්න වෙනවා. වැටුණු තැනින් නැඟිටලා ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරන්න. ඔයා ශක්තිමත්ව ඉන්නව දැක්කාම ප්‍රදීප් තමන්ගේ පරාජය අත්විඳී..

සාතන් said...

හ්ම්ම්... කාරණාවනම් දරුණුයි තමා... ඒත් දුක්වුනා කියල වුන දේවල් වෙනස් වෙන්නෙ නෑනෙ නේද?.. ඉතිං දුක්වෙලා තේරුමක් තියෙනවද?... ඒ ගැන ටිකක් හිතල බලන්න...

Unknown said...

කලින් පෝස්ට් එකට දාපු කොමෙන්ට් එකම තමයි දාන්න තියෙන්නෙ..
තව එකක් ඔයාගෙ බ්ලොග් එකට එනකොට ඇඩල්ට් කන්ටෙන්ට් වෝනිං එකක් එනවා..ඒක අයින් කරන්න..මම ඇඩල්ට් කන්ටෙන්ට් දැක්කෙ නැ මේ බ්ලොග් එකෙ

Anonymous said...

දුක සතුට දෙකන බෙදාගන්න අපි හැමෝම ඉන්නවනේ..... ඔහොම දෙයක් උනාම කාටද දුක නැත්තේ

හිස් අහස said...

ආයේ ඉතින් ඔයාව දාලා ගිය එක්කෙනා ගැන හිතලා පලක් නෑ .. මොකද ආයෙමත් එයාව ඔයාට ලබාගන්න බෑ . දැන් ඉතින් එයාට පෙන්වන්න ඔයා කලින්ටත් වඩා සතුටින් ඉන්නවා කියලා . එහෙම නැතුව දුකෙන් ඉන්නවා කියලා පෙන්වන්න එපා ..

Dinesh said...

මේ පොස්ට් එක විකාරයක් නෙමෙයි.. දුකක් හිතේ තියන් ඉන්නවට වඩා එක මෙ විදිහටවත් ලියලා හිත නිදහස් කර ගන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්.. හැමදෙයක්ම හොදින් සිද්ද වේවි..

යසියා said...

මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනවා,. ඒක මෙතන බෙදාගන්න එක හොදයි කියක්ල හිතුන නිසා කියන්නම්( කරදරයක් නම් සමාවෙන්න)
මගේ අවුරුදු ගානක් ආදරේ කරපු වස්තුව්ග අද වෙනත් එක්කෙනෙක් එක්ක යලුයිකියල මට කෝල් කරල කිව්ව දවසෙ ඉදලා මටත් ඔහෝම් හිතුනා...
ආදරය කියන්නේ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නොවුනට.. අපිට අපි ආදරේ කරන අය ආදරේ කරන එක කොච්චර හොදයිද නෙද???
මේක ඔයගේ ජීවිතේ අවසානය නෙමෙයි.... එයටත් වඩා හුගාක් ඔයට ආදරේ කරන කෙනෙක් ලගදීම ඔයාට ලැබේවි... කලබල වෙන්න එපා...
ඔයගේ දුක බෙදාගන්න බ්ලොඩ් කියවන අපි ඉන්නවා,,
ජය වේවා..
බුදු සරනයි....

Anonymous said...

මේක මෙහෙම ලිව්ව එකෙනුත් ඔයාට සහනයක් ලැබේවි. කවදාවත් හිතන්න එපා ඔයා තනියෙන් කියල. ඔයාට ඊට වඩා හොද කෙනෙක් ලැබේවි. ඔයාගෙ තටු සිදිල නෑ. මම නම් කැමති නෑ ඔයා එහෙම කියනවට.සිතට දහිරිය ගන්න. සමනලීට
සුබපතනව ඉදිරි අනාගතේට.. :)

පන්සල් හංදිය said...

ඔය විදියට ආදරේ දිහා බලන්න පුලුවන් වෙච්ච එක ගැන සතුටු වෙන්න ඕන නංගියා .....

ADK කොලුවා said...

:(

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...