Pages

Monday, May 9, 2011

අහිමි ආදරය සඳහටම අහිමි වී..

              හිරූ නම් මේ දවස්වල ඉන්නේ හරිම අප්සෙට් එකෙන්.....මොකද කිව්වොත් ජීවිතයේ ගොඩාක් ආදරේ කරපු මයෙ චූටි අය්යා...(මගේ ආදරේ) තව මොහොතකින් මගෙන් ඈත්වෙනව සඳහටම....අයේ කවම දාකවත් නොඑන්න.....මම දාරාගෙන හිටිය ඒ දුක ඔන්න දැන් උච්ච තත්වයට ඇවිත් තියෙන්නේ......ඒක වචනයට පෙරලන්නයි මගේ සූදානම.....මේ දුක සය්බර් අවකාශයට මුදා හරිනවද නැද්ද කියන එක ගැන ගොඩාක් හිතුව...මාව දන්න කිසිම කෙනෙක් ‍බ්ලොග් කියවන්න එච්චර නැබුරුවක් නැති හින්ද මම තීරනය කළා සය්බර් අවකාශයටම මගේ දුක මුදා හැරල හිත සැහැල්ලු කරගන්න...හම්......ඇත්තම කිව්වොත් හිරූ එයාගේ ආදරේ නැවත ලබාගන්න නොකරපු දෙයක් නෑ....අන්තිමට එයාගේ නිව් ගර්ල් ළග‍ට ගිහිනුත් නැතිවුන ආදරේ ආයේ ඉල්ලලා සිඟමන් යැද්දා.....දැන්නම් හිතෙනව අපරාදේ කියල.....මගේ චූටි අය්යට මං ගොඩාරියක් ආදරෙය්........

           ‍මේ වෙන්වීමට හිත හදාගන්නම බැරිතැන නිදන කාමරේට ගිහින් කොට්ටේ තුරුළු කරන් අඬපු වාර අනන්තයි....අප්‍රමාණයි.....මගේ මේ හැසිරීම දරාගන්න බැරිව අම්ම අය්යට (මෙතන ඉදන් මම ඔහුව ප්‍රදීප් යන නමින් හදුන්වන්නම්..)සාප කරන්න ගත්තා....කෝල් කරලත් බැන්න....මට ඒක නවත්වන්න තිබ්බා...හිතේ තියෙන දුකටද කොහෙද මම ඒකට එතරම් සැලකිල්ලක් දැක්වුවේ නැහැ....
 
         මගෙයි ප්‍රදීප්‍ අය්යගෙයි සම්බන්දෙට ගෙදරින් මුලින්නම් ගොඩාක් අකමැති වුණා.ඒත් මම කරපු සමහර මුරණ්ඩු වැඩ නිසා කැමති වුණා...කැමති වුණා කියන්නේ මෙහෙමය්....අම්මල ප්‍රදීප් අය්යට කිව්ව මගේ ඉගෙනීම ඉවර වෙනකල් එයාට ගෙයක් දොරක් හදාගෙන...රස්සාවක් හොයාගෙන එයාගේ පැත්තෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරන්න කියල....

         ඒ කොහොම වුණත් එයා දැන් මගේ නෙමෙ...ඉස්සර වගේ "මගෙ අය්ය" "මගෙ අය්ය" කියල හුරතල් වෙන්න කෙනෙක් දැන් මට නෑ....අනේ....එයා දෙව්මිණී අක්කිත් එක්ක ඉන්නව දැක්කම වත් දැනුනේ නැති දුකක් දැන් දැනෙනව...පියල් අංකල් ඇවිත් අර ලියමන තාත්තිට දෙනකල් මේ තරම් දුකක් දැනුනෙම නැහැ.....සත්තයි.....

     ඒ මොහොත මට මේ දැන් වුණා වගේ.....තාත්ති ලියමන අරන් බලල මං දිහා බලපු හැටිත් පියල් අංකල් දිහා බලපු හැටිත් හොඳටම මතකයි.........

[ සිතුවිලි අනන්තය්.....දිග වැඩී කියල හිතුන හින්ද කොටස් දෙකකට ලියන්න....සමාව අයදිමි සියලු දෙනාගෙන්ම..... නොදනිමි වරදක්ද මේ මා කරනුයේ....]

7 comments:

නදී said...

දුකයි,හිත හදාගන්න බලන්න,වෙනා මොනා කරන්නද ඉතින් නේද :/

Anonymous said...

මොනව කියන්නද හිතා ගන්න බෑ

හිස් අහස said...

කෙනෙක් මත්තෙම නැහෙන්න එපා .. ගිය කෙනාට යන්න අරින්න..

මගේ කෙල්ලව මගෙන් ඈත් කරේ කෙල්ලගේ දෙමවුපියෝ කෙල්ලත් මාව එපා කියලා අම්මලා එක්ක හිටියා ...ඉතින් මම ආයේ කවදාවත් පස්සෙන් යන්න ගියේ නෑ .. මම එයාට තරහා හිතෙන විදිහට වැඩ කරමින් ඉන්නවා අදටත් ..

හිත හදාගන්න බලන්න .. දුක හිතෙනකොට බ්ලොග් පිටු පුරවන්න ... අපි එන්නම් බලලා යන්න .

Unknown said...

ඔබ ජීවිතයෙ වරක් බිද වැටී ඇත..නමුත් මතක තබා ගන්න බිද වැටෙනා ස්තානයත් ආරම්භයක් බව..ජීවිතය ඔබ පාලනය කරනවා මිස ජීවිතයට ඔබ පාලනය කිරීමට ඉඩ නොදෙන්න...අමතක කරන්න උත්සාහ කරන්න එපා..එවිට එය වද දෙනවා වැඩි වේවි..

Unknown said...

කමෙන්ට් එක පොඩි එකෙක්ගෙ පඬි කතාවක් කියලා අමතක කරන්න එපා

යසියා said...

දුකයි හුගාක්.. ඊලග එකත් කියවල බනක් කියන්නම්.....

පන්සල් හංදිය said...

පිවිතුරුය පලමු පෙම .........
ඒ වගේම තමයි ඒක නැති උනහමත් ........

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...