Pages

Tuesday, June 21, 2011

නෝ නම්බර්.....

             කලින් පෝස්ට් එකෙන් කිව්වනෙ මේ පාර පොසොන් පෝයට මම මගේ අතිජාත මිතුරිය එක්ක පන්සල් ගියා කියලා...ඒ වගේම එදා මම මිතුරියගේ ගෙදර නවාතැන් ගත්ත.ගොඩ කාලෙකට පස්සෙ තමය් අපි දෙන්න මේ වගේ හමුවුණේ.ඉස්සරනම් එයා නිතරම අපේ ගෙදර එනව..ඒත් දැන් එහෙම නැහැ...ලබන අවුරුද්දෙ එයා උසස් පෙළ විභාගෙට මුහුණ දෙනව...පාසලුත් යනව...ඒ දේවල් නිසා අපි දෙන්න මුණගැහෙන්නේ හරිම කලාතුරකින්....ගොඩකාලෙකින් හමුවුණ අපි දෙන්නට කතා කරන්න දහසකුත් දේවල් තිබ්බ...ඒව කතා කරන්න එදා සවස්වරුව අපි වෙන් කලා...පෝය දවසෙ චන්ද්‍රග්‍රහනයක් තියෙනව කියල ආරංචි වුණ නිසා මමය් මගේ යාළුවය් ඒක පිටදාල ඇහැරගෙන හිටිය..ආන්ටිල නිදාගත්ත...පහුවදා වැඩට යන්න ඕන නිසා...


      එළියෙ ගල් බංකුව උඩට වෙලා හිටපු අපි අතර තිබ්බ විනාඩි පහෙළවක නිහඩතාවය බිදල දෙන්නම එක පාරට කතාවකට මුල පුරන්න හැදුව......මම එයාට අවස්ථාව දීල නිහඬ වුණා....මුලදිනම් මම හිතුවෙ සපු කියන්න යන්නේ එයාගෙ පෙම්වතාගේ වතගොත කියලය්...සපු එයාගෙ ෆෝන් එක මට දිග් කළා...නො නම්බර් කියල සේව් කරපු 071 නම්බර් එකක්...


මම - මොකක්ද සපු මේ...?????

සපූ - අනේ මන්ද..ඔයාට මේක කියන්නත් මොකක්ද වගේ.....අපි අතර රහස් නෑනේ...ඔය නම්බර් එකෙන් මට කෝල්ස් එනව...හරි කරදරයක්...කතා කරන්නේ 18 + කතා....ඕක නවත්තන්න කරන්න ඕන හැමදේම කලා...මේ අංකයෙන් මුලින්ම මැසේජ් එක්ක ආවෙ මගේ කලින් සිම් එකට...පස්සේ මම නවී ගෙනත් දුන්න දැන් තියෙන නම්බර් එකට මාරු වුණා....මේ මනුස්සය මේකටත් මැසේජ් එවන්න පටන්ගත්ත....බැරිමතැන මම නවීට කිව්ව මගේ අය්ය වගේ කතා කරන්න කියල...එහෙම කරලත් මට මේ මලයකාගෙන් බේරෙන්න බැරි වුණා.....

මම - ඔයා ඔය නම්බර් එකට රිප්ලය් කරන්න එපා....(මට වෙන දෙන්න උපදෙසක් මතක් වුනේ නැති නිසා ඔලුවට ආපු එක කියල දැම්ම)

සපූ - එහෙම කලා කියල මූ මේක නවත්තනවනම් මදෑ...මම දැන් හැම තිස්සෙම ඒකෙන් එන මැසේජස් බලන්නෙ නැතුව ඩිලීට් කරනව..ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තේරෙන්නෙ නැහැ අනේ....කොල්ස් එද්දි කට් කරනව....සමහර වෙලාවට ඒ මනුස්සය වෙනත් නම්බර් වලින් කෝල්ස් ගන්නව..මම ආන්ස්වර් කරය් කියල හිතල....මට තේරෙන්නෙ නැහැ....මේ යකා මාව අදුනන කෙනෙක්දෝ කියලත් සැකය්...එත් ඇය් මේ වගේ කැත කතාම කියවන්නේ...ලැජ්ජාවක් නැද්ද මන්ද...ඊයා.....මට දැන් හිසරදයක් මේක....

       මටත් මේක හරි විකාරයක් වගේ....මගේ යාළුවට කරදරයක්...මම මොනාද කරන්නේ..?????ඇත්තටම මම මේකට විසදුමක් දන්නේත් නැහැ...යාළුව මේක අම්මලට කියන්න කැමැත්තකුත් නැහැ....කවුරුහරි මේකට දෙන්න පුළුවන් නම්  විසදුමක් දෙන්න...පීලීස් මට ඕන විසදුමක්..කවුරුහරි උදව් කරන්න.....

9 comments:

සාතන් said...

නම්බර් එක මාරු කරල ඒක හොඳටම විස්වාස අයට විතරක් දුන්නනම් හරි නේද?... ඒ එක්කම නම්බර් එක වෙන කා‍ටවත් දෙන්න එපා කියල එයාලව දැනුවත් කලා නම් හරි...

Unknown said...

තව එකපාරක් සිම් එක මාරු කරන්න කියන්න..ඒත් මාරු කලා කියලා තාත්තාටයි අම්මාටයි පෙම්වතාටයි ඇරෙන්න වෙන කිසි කෙනෙක්ටත් නොකියා අලුත් නම්බර් එක කිසිම හේතුවක් මත කිසි කෙනෙක්ට දෙන්න එපා..ඒ වගෙම පෙම්වතාට කියන්න හෝ දැනගන්න අරින්න එපා ඔයා ඔය නම්බර් එක කිසි කෙනෙක්ට දෙන්නෙ නැති බව...
ඊටත් පස්සෙ ආයිත් මැසේජ් ආවොත් ඒ පෙම්වතා හෝ ඔහුගෙ ජංගම දුරකථනය භාවිතා කල හැකි පුද්ගලයෙක්...
සුබ දවසක්...

හිස් අහස said...

පොලීසියට කියන එක තමයි හොඳම වැඩේ . පොඩි පොඩි දේවල් දුරදිග යන්න බැරි නෑ ඔන්න . නම්බර් එක පොලීසියට දුන්නානම් දවසින් දෙක්න් මිනිහා හොයාගෙන් අනීවී ඔය අමාරුව බහින්න දෙකක් . ඊටපස්සේ සේරම සන්සුන් .


නම්බර් එක බ්ලොක් කරනවාට වඩා ඒක හොඳයි . මොකද කතා කරන්න උවමනාව තියේනම් ඔය කෝලර් ආයෙම වෙන වෙන නම්බර් මගින් පවා කෝල් කරන්නත් බැරි නෑ ඒක නිසා යන්න පොලීසි .

කතා කරනකොට ෆෝන් එක උස්සලා තියාගෙන ඉන්න කියන්න උත්තර දෙන්න යන්න එපා . මැසේජ් බලන්නැතුවම මකා දාන්න එතකොට වඩේ ගෙඩෙන් බේරි .

හැබැයි ඉතින් ඔය වගේ උං එක්ක සුරතල් වෙන්න ගියොත් ඉතින් ..

ADK කොලුවා said...

අපෝ වැඩේ සිම්පල් නේ. ඔය කොල්ලගේ නොම්බරේ එළකිරි වගේ ගොඩක් කට්ටිය බලන සයිට් දෙක තුනක අනෝ විදියට,

හෙඩිම : සුපිරි පුරගනක්

ට්‍රයි කරලා බලපල්ලා. සුපිරි බඩුවක්. ටෝකෙන් තමා අල්ලන්න පුළුවන්. ඔයාල කෝල් කරලම බලන්න. කෙලින්ම ගාන කතා කරන්න එපා. මෙන්න නම්බරේ : 071XXXXXXXXX

කියල දාන්න. ඇරුට ඔයාගේ යාලුවට කතාකරන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ. ලොල්. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

සාටර් said...

ඒඩීකේ කොලුවගෙ කතාවට මම ලයික්ස ඈ :)))

Dinesh said...

නම්බරේ මාරු කරලත් ආයෙත් අළුත් නම්බරේටම කතා කරනවා කියන්නේ එයා දන්න කියන කෙනෙක් වෙන්න ඕන.. නැත්නම් අළුත් නම්බරේ යන්න විදිහක් නෑනේ.. අර සදරු මල්ලී කියපු කාරනෙත් එක්ක මම එකගයි..

Anonymous said...

oyage number eka mobitel da dialog da e dekema call block karannna puluwan apita oni numbers select karala call sms block karanna puluwan.monthly rental ekak yanawa...oyata oni nam mama privet help ekak karannam mata puluwan mobitel number eken kawda kiyala hoya ganna plz contact my email rasangaart@gmail.com
comment eke danna ba

All in one....... said...

ඔයාගේ යාළුවගේ mobile network සපයන්නට complain කරන්න. කරදරය තියෙන්නේ කොච්චර කාලෙක ඉදලද කියලත් කියන්න. complain එක දාපු දවස මතක තියාගෙන ඉදලා aye සතියකින් aye complain එකක් දාන්න. ඒ දානකොට අන්තිමට complain කරපු දවසේ ඉදලා මේ වෙනකොට ආපු msg ගන්නයි call ගන්නයි කියන්න. ඉතුරු ටික එයාල බලා ගන්නවා.

කිඩෝ said...

ඔය ඇනා කියලා තියෙන්නෙ කරන්න ඕනෙ ටික...

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...