Pages

Thursday, June 23, 2011

සමරු පොතෙන්.........

  2006/08/27  නිවසේදී ය,

  Dear නංගි,

පොඩි කාලෙ ඉඳන් ඔයාව දන්න, ඔයාගෙ අක්ක විදියට ඔයාට දෙන්න ගොඩාක් උපදෙස් තියෙනව,හැබැය් ඒවා ඔයාට ඕන තරම් පාසැලෙන්,දෙමාපියන්ගෙන් ලැබෙන හින්දා මම නංගිගෙ මේ සමරුපොතේ පුංචි දෙයක් ලියන්නම්..
           අපේ ජීවිතය අවුරුදු 10 කොටස් වලට බෙදුවොත්,

අවුරුදු 1 - 10 වෙනකම් - සෙල්ලම් කරන්න..

අවුරුදු 10 - 20 වෙනකම්- ඉගෙන ගන්න...

අවුරුදු 20 - 30 වෙනකම්- රස්සාවක් කරන්න,විවාහ වෙන්න...

අවුරුදු 30 - 40 වෙනකම්- දරුවො ඇතිකරන්න,උන්ට උගන්වන්න....

අවුරුදු 40 - 50 වෙනකම් - රස්සාවෙන් විශ්‍රාම අරගෙන මුණුපුරු,මිණිපිරියන්ව බලාගන්න....

අවුරුදු 50 - 60 වෙනකම් - මුණුපුරු,මිණිපිරියන්ව මොන්ටිසෝරි,ඉස්කෝලෙ යවන්න....

අවුරුදු 60 - 70 වෙනකම් - පිංඅතේ වැඩ කරන්න....

අවුරුදු 70 - 80 වෙනකම් - ඕනකම තිබ්බත් මුකුත් කරගන්න බෑනේ..දැං අසනීපය්නෙ!!!!!!

                         ඔහොම තමා ජීවිතේ ගෙවෙන්නේ.ඔන්න ඔය විදිහට හිතුවොත් අපිට ඉගෙනගන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ ගතවෙන අවුරුදු 10 තමා...ඉතිං නංගෝ..මේ ටිකේ කරන ටිකක් කොහොම හරි හරියට කරගන්න ඕන ( පස්සෙ බැරියැ අනික්වා..)
ඉතිං ඔයාගෙ ඉගෙනීමට මගෙන් සුභ පැතුම්..ජීවිතය ඔබේම උත්සහයෙන් ජයගන්න! -******** අක්ක..








මේක මේ අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් මගේ සමරුපොතේ ලියල තිබ්බ සමරුවක්...ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන....සමරුපොතේ අනික් හැම සමරුවකටම වඩා මම මේ සමරුවට ගොඩාක් කැමතී.....මේ ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් පහලින් එකතු කරල යන්නකෝ.....

10 comments:

sameera said...

අක්කට වයර් මාරු වෙලාද ? 60-70 වෙලා පින් අතේ වැඩ කරනකොට නංගියෙ ලේට් වැඩී . අනික ක්වුද දන්නෙ 70 ක් වෙනකන් ඉදීද කියල . අද කාලෙ හැටියට 50 වෙනකොට එන්ජිම නවතිනවා .

දේව් ගේ අඩවිය said...

අක්කා කියලා තියන විදිහේ මම නම් පොඩි වැරද්දක් දකිනවා... අවුරුදු 20 දි නංගෝ ඔය කියන විදිහට අපි ඉගන ගන්න එක නවත්වන්න වෙනවනේ, එත් 22 ක් වෙලා රස්සාවක් කලත් තවම මම ඉගන ගන්නවනේ.... කතාවක් තියනවනේ අපි මැරෙන කන්ම ඉගන ගන්නවා කියලා... එත් අනිත්වා නම් ඇත්තම තමා..........

සාටර් said...

අයි සී..තව ටික කාලෙකට කලින් මේක ලිව්වනම් මටත් සමරු පොත් වලට මේක කොපි පේස්ට් කරන්න තිබ්බ ;)

ටී.බී. හේරත් said...

බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම මිනිස් ජීවිතය දශක 10 ට බෙ දා දක්වල තියනව.

*මන්ද දශකය - කුඩා දරුවෙකු ලෙස අරඹන ජීවිතයේ පළමු දශකය. අන්‍යන්ගේ උදව්වෙන් බොහෝ කටයුතු කරගනී.

*කඩිඩා දශකය - කෙලිදෙලින් ගතකරමින් තරුණ වියට පත්වීම ඇරඹෙන දශකය.

*වර්ණ දශකය - ශරීරය ඉතාමත් අලංකාරව වර්ධනය වන දශක.

*බල දශකය - ඉගෙනීමෙන්, රැකියාවෙන් තම බලය උපරිමයෙන් පෙන්වන දශකය.

*පඥා දශකය - කලබල කාරී බවෙන් මිදී හොඳින් සිතා බලා කටයුතු කරන දශකය.

*හායන දශකය - ශරීරය පිරිහී යාම ආර්ම්භ වන දශකය.

*පබ්බාර දශකය - තමාගේ ශරීරය තමාටම කරදරයක් වීමට පටන්ගනා දශකය.

*පවංක දශකය - කශේරුවේ, අස්ථි වල පිරිහීම නිසා ශරීරය කුදු වීමට පටන්ගන්නා දශකය.

*මොමුහ දශකය - නිතර අමතක වීම් සිදුවන සිහිය පිහිටුවා ගැනීමට භාධා එලැඹෙන දශකය.

*සායන දශකය - කායික මානසික දුර්වලතා නිසා බොහෝ නිද්‍රාශීලීව ගතකරන දශකය.

ඉතින් ඒ විදියට විනාශ වෙලා යන ජීවිතයක් උරුම අපි, කල් යවන්නෙ නැතිවම අපේ හිත සකස් කරගන්න කටයුතු කරගන්න ඕනෙ. නැත්නම් ඉතින් ආයෙ ආයෙත් ඔය වගේ (හෝ ඊට වඩා) දුක් විඳින්න තමා සිද්ධ වෙන්නෙ.

කිඩෝ said...

මටනං ඔය සමරුපොත්වල ලිවීම අල්ලන්නේ නැත (ඒ වෙනුවට බ්ලොග් බුකි බස් ඔය ඕනෙතරං තියෙන්නේ...)

Dinesh said...

අක්කා කෙනෙක්ට නංගී කෙනෙක්ට දෙන්න පුළුවන් හොදම ආදර්ශයක් දීලා තියෙනවා..
අපි ජීවත් වෙන හැම මොහොතකම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා.. ඒක අත්දැකීමෙන් වෙන්න පුළුවන් පොත පතින් වෙන්න පුළුවන්.. ඒනිසා ඉගෙන ගන්න අපිට ජිවිත කාලෙම තියෙනවා කියලයි මං හිතන්නේ... විභාග මට්ටමින් නොහිතුවොත්..
අනික තමයි ඇයි පිංඅතේ වැඩ කරන්න අවුරුදු 60 වෙනකන් ඉන්නේ.. වයසට යන්න කලින් අපිට ඒ දේවල් කරන්න බැරිද??

ADK කොලුවා said...

අයියෝ දිග කොමෙන්ටුවක් ගැහුවා.. නෙට් අව්ලක් නිසා කෙල උනා. අයිත ටයිප් කොරන්න බෑ මෙයා.. කලින් කොමෙන්ටුව කෙටි කරොත් මට කියන්න තියෙන්නේ අක්කට අමු කැවිලා කියල තමා...

අනූ said...

හොඳම හොඳ උපදේශක්යක් දීලා තියෙන්නෙ ඒ අක්කියා

සුදු කුමාරි said...

ඇත්ත තමා ජිවිතේ මෙහෙම තමා..
මන් අලුතෙන් ලියන්න පටන් ගත්තේ එහෙත් ඇවිත් යන්න

සුදු කුමාරි said...

ඇත්ත තම මේක නම්...

ඇත්ත තම මේක නම් ඇවිත් යන්න ඒ පැත්තේ
http://ksithijaya.blogspot.com/

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...