Pages

Wednesday, June 1, 2011

අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...3

     අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...1
     අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...2

                                        2009 අවුරුද්දෙම මම තුවාල නිසා දුක් වින්දා....ඒ අවුරුද්දේම මම ඉස්කෝලෙ ගියෙත් නැහැ...තාත්තල ප්‍රින්සිපල් මැඩම්ව මේ පිළිබඳව දැනුවත් කරල තිබ්බ නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ...හැබැය් මට කිසිම සහයක් කාගෙන්වත් ලැබුනේ නැහැ...සටහන් එහෙම හොයාගන්න ගොඩාක් දුක් විදින්න වුණා...පස්සේ මට ඒ හැම දේකටම උදව් කරන්න අපෙ ඉස්කෝලෙ නොවෙන,දවසක් දෙකක් ටියුෂන් පන්තියේදි මුණගැසුන එයා ඉදිරිපත් වුණා....ඒතමය් දැන් මගේ හොඳම යෙහෙළිය වන සප්න....එයා ගැනත් විශේෂයෙන් කියන්න ඕන....සප්න හරි  හිත හොඳ ළමයෙක්...වැරදි වැඩ වලට ඇබ්බැහි වෙලා හිටියට යාලුවෙකුගෙන් වෙන්න ඕන යුතුකම් ගොඩාක් හරියාකාරව ඉටු කලා....එයා මට සටහන් ගෙදරටම ගෙනල්ල දුන්න...දුකේදි වගේම සතුටෙදිත් මං ළඟම හිටිය...මම මෙච්චර කල් ආශ්‍රය කරල තියෙන්නේ අවස්ථාවාදියෝ ටිකක් කියන එක මට හොදටම දැනිලය් තිබ්බේ....


                     2009 දෙසැම්බර් වෙද්දී මගේ තුවාල ආයෙත් වැඩි වුණා....අ.පො.ස.(සා.පෙළ) විභායත් පටන් ගත්ත....මම විභාගෙට ගියා.....අම්මග ශාලාධිපතිලත් එක්ක කතා කරල තිබුන...මොකටද දන්නවද...මගේ තුවාල වලට මැස්සෝ එනව..එහෙම වුණහම උත්තර ලියන්න අමාරුය් නේ...ඒ නිසා ෆෑන් එකක් දාගෙන මාව වෙනම තැනක තියන්න පුළුවන්ද කියල අහන්න.....අනේ....ඒ ගුරුවරු හරි හොඳය්...මට ඒ අය ළඟම ෆෑන් ඒකකුත් දාගෙන ප්‍රශ්නපත්තර වලට උත්තර ලියන්න තැනක් හදල දුන්න....සිංහල ප්‍රශ්න පත්තරයට ඒතරම් අවුලක් නැතුව උත්තර ලිව්ව....ඊළඟ විෂය වෙද්දී....මට මගේ අත් පා නවන්නවත් බැරි තරමට තුවාල දාල....අතේ වැලමිට හරියෙය්,දනහිස පිටිස්සෙය් තුවාල දාල සැරව ගලනව..... කකුල් නවල ඇවිදින්න බෑ වේදනාවය්......අත්වලින් නැගුන වේදනාවත් ඒ වගේමය්......ඒත් මම විභාගෙට ගියා...බය්ක් එකේ යන්න බැරි නිසා ත්‍රීවීල් එකක ගියා...ප්‍රශ්න පත්තර වලට උත්තර පැය භාගෙන්,පැයකින් ඉවර කලා....ඔහොමම අනිවාර්‍ය විෂයන් හයටය්,තව එකකටය් උත්තර ලිවුව.....අන්තිම වෙද්දී මට පෑන අතට අරන් ලියන්න පණ නැහැ....පස්සේ මම අම්මලට කිව්ව මට මේක ඉවසන්න බෑ මාව මරල දාන්නකෝ කියල....තාත්තල මට ඉතුරු විෂයන් දෙකට ලියන්න ඕන නැහැ කියල දොස්තර කෙනෙක්ට පෙන්නන්න ගෙනියන්න ලෑස්ති වුණා.....තාත්ත වෑන් එකක් කතා කරගෙන ආව...මට ඇඳෙන් බැහැ ගන්න බෑ......අම්මලට මාව උස්සන්නත් බැහැ.....හැමතැනම තුවාලනේ....... :(

               කොහොමහරි මම නැගිට්ට.....අමාරුවෙන් අමාරුවෙන් වෑන් එක ළඟටම ඇවිදගෙන ගියා....ඒත් ඉතින් වාහනේට නගින්නේ කොහොමද?????????? ඩ්‍රය්ව් කරන අය්යගෙ මූණ යන්තම් වගේ දැක්ක...අහක බලාන දාපු ආප්පයක් වගේ.....දෙකට තුනට ඇදවෙලා....ඒ මනුස්සය මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති....ලෙඩෙක් කිව්වට මෙහෙම ලෙඩෙක්.... :( මොනව කරන්නද මමත් අමාරුවෙන්ම නැඟගත්ත වාහනේට....අම්මත් ගොඩ වුණා....දුහුල් රෙද්දකින් මගෙ තුවාල වැහුවා....පල්ලෙහා ගෙදර ආන්ටි කපු රෙදි වලින් සැහැල්ලු අඳින්න පහසු ඇඳුම් දෙකක් මහල අම්මට දීල තිබුන....ඉස්පිරිතාලෙ නවත්තන්නය් මේ අයගේ සූදානම....මට ඒ වෙලාවේ ඇත්තටම ඒ ගැන වගක් වුනේ නැහැ.....මම හිටියෙ බාගෙට මැරිල....වාහනේට නැගල ටික වෙලාවකින් මට නින්ද ගියා.....මතක විදියට මුලින්ම ගියේ ***** ඉස්පිරිතාලෙට එතනින් අම්මලට හොඳටම බැනල ******ඉස්පිරිතාලෙට යන්න කිව්ව.....******* ඉස්පිරිතාලෙට ගිහාම එතනිනුත් අම්මලට බැනුම්....ඇය් මෙච්චර තුවාල වැඩි වෙනකල් හිටියේ කියල......අන්තිමට මාව අරගෙන ගියේ ඇපලෝ (දැන් ඒක ලංකා හොස්පිටල්) එකට....එතනින් මාව බාර ගත්ත....

      මට මතක හැටියට මාව ට්‍රොලියක තියාගෙන අරන් ගියා දොස්තර ළඟට.....පස්සේ මාව ඉස්පිරිතාලෙ නවත්තන්න කියල අම්මලට කිව්ව.....හම්....ඒදා හවස්වරුවෙම මට ප්‍රතිකාර කරන්න ගත්ත....ඒ දීපු බෙහෙත් වලට මට බඩේ දැවිල්ලත් හැදුනා...ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ...මට කෑම කන්න පුළුවන් වාතාවරනයක් ඒ වෙලාවෙ තිබ්බේ නැහැ....මොකද මාව ඉස්පිරිතාලෙට ගේනකල් හරිහමන් කෑම වේලක් ගත්තෙම නැහැ.....ඒ නිසා තමය් මට ඒ බෙහෙත් බීල වරුවක් යන්න කලින්ම බඩ දැවිල්ල ගත්තේ.....
         
              හම්....මම වැඩිය කියවන්න යන්නේ නැහැ...මම දන්නව මේ වෙනකොටත් ඔගොල්ලන්ට මේක කියවල එපා වෙලා ඇති....කොහොමහරි මාව නවත්වල දවස් පහක් වෙද්දී සනීප කරන්න ඒ අයට පුලුවන් වුණා......

                    2010 අප්‍රේල් වෙද්දී අපේ ප්‍රථිඵල ආව.....හික්....කරපු විෂයන් ඔක්කොම පාස්....ඒත් සම්මාන ගණන තමා....ඇත්තටම මම ඔහොමවත් ප්‍රථිඵල බලාපොරොත්තු වුණේ නැහැ....මට කොමර්ස් ඒලෙවල්ස් කරන්න ප්‍රථිඵල මදි...මම ඒ වෙලේම හිතාගත්ත ආය් ඕ ලෙවල්ස් කරනව...ඊට පස්සේ ඒ ලෙවල්ස් කොමර්ස් වලින් කරනව කියල....ප්‍රථිඵල ගැන යන්තම් දුක් වෙන ගමන්ම  සතුටු වෙද්දී ඒ ගැන සතපහක් ගණන් ගත්තේ නැති කට්ටියකුත් හිටිය.....ඒ වෙන කවුරුත් නෙමේ මගේ අම්මගෙය් තාත්තගෙය් නෑදෑ පරම්පරාව...මගේ ප්‍රථිඵල අහපු ඒ අය මට දැඩි ලෙස කියපු දෙයක් තමය් මේ ප්‍රථිඵල වැඩක් නැහැ....දැන් පඳුරකට ගැහුවත් ඒ සාමාර්ථ ගත්තු කට්ටිය හොයාගන්න පුළුවන්..ඒ නිසා ඔයාගෙ ලකුණු මදි.......ඔව් අන්තිමට ඒ අය දින්න....අම්මලගෙත් හිත් එකපාරටම වෙනස් වුණා...අම්මය් තාත්තය්ත් වෙච්ච හැමදේම අමතක කරල මට බැන්න....ඒ වුණාට මට ප්‍රතිකාර ඉවර නැති නිසා මේ වෙනකල් කිසිම දෙයක් කිව්වෙ නැහැ....
අවුරුද්දක් විතර වෛද්‍ය ප්‍රතිකාර කරල ඉවර වුණ මේ මොහොතේ මට මගෙ අම්මල ආය් (දෙවන වර) ඕ ලෙවල්ස් කරන්න යොජනා කරනව.....මගෙ අම්මල දැන් පත්වෙලා ඉන්න ගොඩාක් ප්‍රශ්න වලට මුල මගේ මේ අසනීපෙ සහ මගේ මුරණ්ඩුකම්.....ඔය නිසාම මම ඒ දෙන්න සතුටු කරන්න දෙයක් කරන්නම ඕන කියල හිතුව.......ඒ අනුව දැන් මම ඒ අයට කීකරු වෙලා ඔවුන්ගේ සිහින සැබෑකරන්න තීරණය කලා......බලමු ඉස්සරහට මොනව වෙය්ද කියල.........

                  අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන් කතාව මෙහෙම අවසාන කරනව...මේ කතාව කියවල  අදහස්  ෙබදා ගත්තු  ෙනාගත්තු හැමදෙනාටම බෙහෙවින් ම ස්තූතී......!
       

14 comments:

ටී.බී. හේරත් said...

නෑයන්ටයි වේයන්ටයි නිකං ඉන්න බෑ කියල කථාවක් තියනවනෙ, ඕව ගනං ගන්න එපා...
ඔයාට ඉක්මන් සුවය සහ සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.

Yasantha Hennayake said...

මම මේ කොටස් තුනම ගොඩක් ආසාවෙන් කියවපු කෙනෙක්.. ඔයාට බුදුසරණයි සහොදරී.. ඔයාගෙ හීන හැම එකක්ම ඇත්ත වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඔයාට උන කරදර ජීවිතේ දිනන්න ශක්තියක් කරගන්න.. ඔයාට බැනපු අයව කවද හරි පුදුම කරවන්න.. එයාලට ඔයා කවුද කියලා පෙන්නන්න.. ඔයාට ඒක පුලුවන්..

සාතන් said...

මේකෙ කොටස් තුනම කියෙව්වෙ දැන්... නංගිගෙ ලෙඩේ ගැන මොකක් කියන්නද කියල නම් නොතේරුනත් ආපහු සැරයක් සා.පෙළ කරල ඉහලින්ම පාස් වෙන්න කියල සුභ පතනව...

ඔය සිද්ධියෙන් තමන් වටේ ඉන්න මිනිස්සු අදුරගන්න ලැබුන එක නම් වටිනව...

ADK කොලුවා said...

ඔයාගේ පොස්ට් තුනම කියෙව්වා. හරියට දුක හිතුන. ඒ එක්කම ඔය ගැන මාර පැහැදිලි හැගීමක ආව(කුපාඩි කමක් නෙමේ.. හිකි හිකි)

ඔය පොඩි කෙල්ලෙක්. කෙල්ලෙක් වෙලත් ඔයා ඔච්චර දෙයක් දරාගත්ත කියන ඒක මට හිතාගන්නවත් බෑ.

බොරු කියන්න ඕනේ නෑ නංගි ඔයාට උන දේ මට උනානම් මම අද ඔයා ඉන්න තැන නෑ.

ඔය හිත හයිය්, දහිරිය සම්පන්න කෙල්ලෙක්. ඔයාට මුණ දෙන හැම විභාගයක්ම ඉහලම විදියට සමත්වෙන්න, ලෙඩ රෝග වලින් මිදිලා ලස්සන සමනලියක් වගේ ජීවිතය ගෙවන්න ශක්තිය ලැබෙන්න කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා..

සමනළී... said...

@ ටී.බී. හේරත්- ඒක ඇත්ත...මට මගෙ නෑයින්ව පෙන්නන්න බෑ....මම දැන් ඒ අයත් එක්ක නැහැ...බොහොම ස්තූතී අය්ය....

@චතූ- අනේ ඇත්තද අය්යා...බොහෙමත්ම ස්තූතී...මමත් උත්සහ කරනව...බලමු මොනව වෙය්ද කියල ඉස්සරහට...

@සාතන්- ලෙඩේ ගැනනම් කතා කරල වැඩක් නැහැ...ඕක කොය් කාලෙ හොඳ වෙන දෙයක්ද මන්ද...ඔව්...යහළුයෙහෙළියන්, නෑදෑයන් ගැන එහෙම හොදට තේරුම් ගත්ත....බොහොම ස්තූතී අය්යේ....

@ADK කොලුවා-බොහොම ස්තූතී අය්යා මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් තියල මාව දිරිමත් කලාට...

අනූ said...

අනේ අක්කියො ඔයා මට වඩා අවුරුද්දයි නෙ වැඩිමල්...චූටි අක්කියෙක් :) :) ඔයා ඉක්මන්ටම සනීප වෙලා ආයෙත් ලස්සනටම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියො.ජීවිතේ ආයෙත් අලුතෙන් පටන් ගන්න ඔයාට ධෙර්යය ලැබෙන්න ඕනේ.ඔයාල වගෙ හිත හයිය අය මේ ලෝකෙට ගොඩාක් වටිනව අක්කියො.:) ආඩම්බරයි ඔයා ගැන

පූසා said...

ඔහොම තමයි නංගි ජීවිතේ. අපි හිතන අපි පතන දේවල් හැමදෙයක්ම අපිට ලැබෙන්නේ නෑ. ඒත් ඒ කිසිම වෙලාවක අපි අධෛර්යමත් වෙන්න හොඳ නෑ. තව තවත් ධෛර්යමත් වෙන්න ඕනේ.

uS said...

ඔයාගේ කතා තුනම එක පාරම කියෙව්වා..මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ..

තටු සිඳුනත් තවමත් ඉගිලෙන සමනළි හැම ලස්සන දෙයක් පිටිපස්සෙම යම් වේදනාවක් තියෙනවා...

ඒ වගේ ඔයා වින්ඳ දුක මැතැනින් නිමාවට පත්වෙනවා මීට පස්සේ ඔයාගේ ජිවීතය දුකෙන් තොර සැපැන් බර ඉතාම ලස්සන ජිවීතයක් බවට පරිවර්තනය වෙනවා..ඒ ලස්සන ජිවීතයට මගෙන් සුභ පැතුම්.... දෙවි පිහිටයි.

Anonymous said...

nangi mata blog ekak nam na,ape nayo hitiye kolabha,mathara un apiwa satha 5 wath ganan ganne na,hena line ewun,mama ipadune monaragala distrikke,mata ol koliti result na,oya A,B GAVILA thibune yanthan,oya hinenwath hithana ekak na,mama thora gaththe maths,oya nayo ammawai tathawai patta bayakeruwa,mama edawaswala ude 4.00 baseke thngalle hari,naththan matara cllass awith aye kataragama gedara enakota ra 11 withra,ehema awruddakui nawathila awruddakui wadakarala,
1 weni parama campas giya,loku nath unata mama hitapu vidiyata campas giya kiwwama game ekek wath viswasa kare na,mama karanne indastrial mathematics(ruhuna),oya dahiriya aran wada karanna,o/l newe gema A/l,ok yanthan goda unama athi

හූනා said...

ස.පෙ. හෝ උ.පෙ. කියන්නෙ ජීවිතේ එක් සිදුවීමක් විතරයි. ඒ වගේම ස.පෙ. හෝ උ.පෙ. සර්ව සාධාරණ මිම්මක් විදිහට මම දකින්නෙත් නෑ. ඒක හුදෙක් මිම්මක්ම පමණයි. ජීවිතේ කියන්නෙ මේ විභාග වලින් මැනිල තේරිලා යන සුපිරි ගමනක් නෙවෙයි. ඒක එක අත්දැකීමක් විතරයි. මේ කියන්නෙ සමණලීව සතුටු කරන්න නෙවෙයි මගේ අදහස.
මේ ලිපි 3ම කියෙව්ව.ජීවිතේ අපිට එක එක විදිහට හමුවෙනව.යාළුවො නෑදෑයෝ ඒ කව්රැත් විස්වාස කරන්න අපිට අයිතියක් නෑ.අපිට පුළුවන් ලැබෙන දේ ලැබෙන වෙලාවට අහිංසකව සතුටු වෙන්න.ඔයා නගෝ බෝම ​​ෛධර්යක් තියෙන කෙල්ලක්.කකෙ හැදෙන්නෙ මට සිලිටු ජීවිත වලින් නෙවෙයි කියන එකත් මතක තියාගන්න. ඔබට ජය !

දේව් ගේ අඩවිය said...

නංගෝ ඔයාට හැම බධාවක්ම අභියොගයක් කරන් ඒ හැම එකක්ම සාර්තක කරගෙන ඉස්සරහට යන්න ශක්තිය තියනවා හදවතින්ම මම සුභ පතනවා නංගෝ

Muditha said...

ඔයාගේ ධෛර්යය ගැන මම ගොඩක් සතුටු වෙනවා... මේ පාර සා.පෙ. විභාගය ඉහලින්ම සමත් වෙන්න ඔයාට පුලුවන්.. ඔන්න බලන්නකෝ... සුබ අනාගතයකට මගෙනුත් සුබ පැතුම්....

Manjula said...

නංගී ඔයා ගැන දුකයි ඒත් දයිවය ඔහොම තමයි පසු බට වෙන්න ඒපා
හැම දෙම වෙන්නෙ හොදට කියල හිතමු.

ගිනි කුරුල්ලා said...

ජීවිතේ එන කිසිම ප්‍රශ්නෙකදි සැලෙන්න හොඳ නෑ කියල ඔයාගෙ කතාව කියෙව්වම මට හිතුන..:)
ඇත්තටම ඔය වගේ හමෝම තමන්ව නොසලකා හරින වෙලාවක හිත හයිය කරගෙන ඉන්න එකත් ලොකු හැකියාවක්..
යාලුවො,නෑයො සේරම හැමදාම අපිත් එක්ක ඉන්නෙ නෑ.ඇත්තටම අපි ගැන ආදරෙන් අපිත් එක්ක ඉන්නෙ කවුද කියල හොඳට අඳුරගන්න..

මේ පාර O/L විභාගෙන් ඉහලම ප්‍රතිඵල ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව නoගියො..!!

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...