
පොඩිඑකා කාලෙ මම මුහුදු රැල්ලට හරිම බයයිලු.....ඕක කාලෙත් එක්ක හරියයි කියල අම්මලත් එච්චරම විසේසයක් කොරලත් නෑ ඉතිං..... මම තුන වසරට යනකල් මුහුදට පණ බයයි.(තාමත් එහෙමයි ඉතින්) වතුරට තියෙන ආසාව හින්ද ළගට යනවලු...රැල්ල එද්දී........"පණ එපෝ...." "මේක මාව කන්න එනෝ...."වගේ ගොන් ආතල් වැකි කියාගෙන ආපස්සට දුවනවලු...
ඔය සිද්ධිය වුනේ ටියුෂන් කලාස් එකෙන් ට්‍රිප්එක ගිය දවසේ...ඇවිදින්න තිබ්බ හැම තැනම ඇවිදලා ගිය දිසාවේ මුහුදු වෙරලකට සේන්දු වුනේ ළමයින්ගේ කන්කරච්චලේ හින්දමයි.....
අනික් එවුන් වතුරට පැනල සෙල්ලන් කරද්දී මම රැල්ල යන්තන් කකුලෙ වදින තැනකට වෙලා හිටිය....සුන්දර ලෝකයකට ඇතුලු වෙනවත් එක්කම මොකෙක්දෝ මී හරකියෙක් මගේ ඇහැට වතුර වලින් ප්‍රහාරයක් එල්ල කලා.....ඇස්දෙක පිහිදන්න හදනකොටම තවත් එක්කෙනෙක් ඇවිත් මුහුද පැත්තට තල්ලු කලේ නැතැ.....
************සියල්ලම මොහොතකට නිහඩයි*************
කවුද මන්ද කෙනෙක් මාව ඇදන් එනව වගේනම් මතකයී.......ඒ මොකාද දන්නවද.....නෑ...නෑ....කවුද දන්නවද...?අපේ කලාස් එකේ ලොකු සෑර්......මාව තල්ලු කරපු කෙල්ලට යන්තම් බනිනව බනිනව වගේ ඇහුණා...මම මොනව කොරන්නද, එයානේ තල්ලු කලේ....වතුරේ හිටපු ටිකටනම් මම හිතුවෙ නෑ ඉතිරි වෙයි කියල...කරන්නම දෙයක් නැති තැන මම මහ හයියෙන් බෙරිහන් දීල අඬන්න ගත්ත...හරියට තොත්ත බබෙක් වගේ...කෙලියයි...අඬනකොටම තමා මතක් වුනේ ඇඳන් ගියේ කොට ස්කර්ට් එකක්නේ කියල....කඳුලු පුරෝ ගත්තු ඇස්දෙකෙන් යන්තන් වට පිට බැලුව...චිකේ....ඔක්කොම කොල්ලොය් බල්ලොය් මං වටේට....
ඔන්න ඔය ට්‍රිප් එකෙන් පස්සේ ගම පුරාම හිරුනි දියකිඳුරියක් වශෙයන් විරුදාවලිය ලබා ගත්ත...මක්ක කරන්නැය් ලබා උපන් හැටියටලු නේ ඔක්කොම සිද්ද වන්නේ.....කියල හිත සනස ගත්ත..
හිකිස්..........
5 comments:
තාමත් වතුරට බයද??
අක්කා නාන්න කැමති නෑ වගේ නේ........ හික් :)
මගේ නංගියා එයාට වයස අවුරුදු 5 දිත් පීනපු හැටි මට මතකයි ... ඒකටත් එක්ක මේ සමනලී ..පොඩ්ඩක් පුරුදු වෙන්න බේසමක බැහලා හරි පීනන්න ..
පොඩි හිනාවකුත් ගියා මේක කියවලා
@ dinesh අයිය- ඔව් අයියේ ටිකක් විතර...පීනන්න දන්නේ නෑනේ...:(
@ බීටා - කොල්ලෝ, නාන්න කමැති නැ නෙමේ...මුහුදට බයයි...
@ හිස් අහස - :( පීනන්න නේ..හම්...මට බහින්න පුලුවන් බේසමක් හොයන්න අමාරු වෙයි ඉතින්....මට සතුටුය් ඕං..කියවල ඇත්තටම හිනාවක් ආවනම්...:D
අඩේ...මේ පැත්තේ එකෙක් එහෙම මේක කියෙව්වොත් මාව සිරාවටම අඳුන ගනීනේ...ඇය් අප්පා මේක කලින් ඔලුවට ආවෙ නැත්තේ....
ආ .... හා ... දිය කිඳුරි ......
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...