මේ 2600 සම්බුද්ධ ජයන්තිය සමරන මේ මොහොතේ මගේ අම්ම මට "බුදුදහමේ පින් පව් පලදෙන හැටි" කියන පොඩි අත්පොතක් ගෙනල්ල දුන්න..ඒක අම්මගේ ඔෆීසියේ යාලුමාළුවෙක් තමය් දීල තියෙන්නේ....පොත් පිංචේ තිබ්බ විස්තර වගයක් ඕයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුන.....පොත් පිංච සකස් කොරල තියෙන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් බෝමුගම්මන පදිංචි නීලමනී,ෂානිකා සහ සුජාතා කියන නැන්දල විසින් දෙමාපියන් සහ පවුලේ නෑදෑ හිතවතුන්ට සෙත්පතලය් ඕං.....
ඔබ මේ ජීවිතයේ සමාජයේ පිළිගත් වැදගත් පුද්ගලයෙකු වීමට හේතුව -
ඉහත ආත්මයේ ඔබ ප්‍රතිමා නිර්මාණය කිරීමේ කුසලය.............
ඔබට මේ ජීවිතයේ ගමන් පහසුව සඳහා විවිධ වාහන ලැබීමේ හේතුව -
ඉහත ආත්මයේ ඔබ අනිත් අයගේ පහසුව සඳහා පාරවල් පාලම් සෑදීම සහ පිළිසකර කිරීමේ කුසලය.
ඔබට මේ ජීවිතයේ හොඳ ඇඳුම් පැළදුම් ලැබීමට හේතුව -
ඉහත ආත්මයේ ඔබ ගුණ යහපත් පැවදි උතුමන්ට සිවුරු පිරිකර පිරිනැමීමේ කුසලය......
ඔබට මේ ජීවිතයේ රසවත් කෑම බීම ලැබීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ දුප්පතුන්ට රස ආහාර පිළිගන්වා තිබීමේ කුසලය.....
ඔබට මේ ජීවිතයේ හොඳ නිවාස හා ගොඩනැගිලි ලැබීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ සිල්වත් ගුණවත් පැවදි උතුමන්ට දානය පිළිගන්වා තිබීමේ කුසලය.....
ඔබට මේ ජීවිතයේ සන්තෝෂයත් දියුණුවත් ඇතිවීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ පන්සල් ආරාම සමාජයේ කාටත් පරිහරණය කළ හැකි පොදු ස්ථාන සෑදීමේ කුසලය......
ඔබ මේ ජීවිතයේ ලස්සන,කඩවසම් වී සිටීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ ගෞරවාන්විතව බුදුන්ට මල් පහන් පූජා කිරීමේ කුසලය......
ඔබ මේ ජීවිතයේ ගුණවත් බව සහ උගත්කම ලැබීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ සැදැහැවත් බෞද්ධයෙකු වීමත්,මත් ද්‍රව්‍ය මස් මාංශ වලින් වැළකී එළවළු පමණක් ආහාරයට ගැනීමේ කුසලය......
ඔබට මේ ජීවිතයේ ඔබගේ දේපළ ගින්නෙන් හෝ විදුලියෙන් විනාශ වීමට හේතුව -
ඉහත ආත්මයේදී වංචනික ලෙස වෙළඳාම් කර තිබීමේ අකුසලය........
ඔබ මේ ජීවිතයේ වන සතුන්ගේ හෝ සර්පයින්ගේ දෂ්ඨ කිරීම් වලට පත්වීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ අන් අය කෙටවීම,කේලාම් කියා තරහ කිරීමේ අකුසලය.....
ඔබ මේ ජීවිතයේ ඇමති කෙනෙකු හෝ උසස් නිලධාරියෙකු වීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ මහන්සිවී ගොවිතැන් කර එහි මුල් කොටස බුදු රඳුන් වෙත පූජා කිරීමේ කුසලය.....
ඔබ මේ ජීවිතයේ දාසියක් වීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ සමාජ සම්මතයන්ට පිටුපා ගුණමකුවෙකු වී කටයුතු කිරීමේ අකුසලය...
ඔබට මේ ජීවිතයේ හොඳ පෙනීමක් ලැබීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ පහන් වලට හොඳට තෙල් දමා ආලෝක පූජාව කර තිබීමේ කුසලය......
{ තව ගොඩාක් විස්තර අඩංගු වෙලා තිබ්බ.....මේ ටික කියවල ඔයගොල්ලන්ගේ අදහසුත් එකතු කරල යන්න....පස්සෙ බැරියැ ඉතුරුව දාන්න.......}
Pages
Wednesday, May 18, 2011
මම ගැන
සමනළී........
hiruthakshi@gmail.com
පසුපස එන්නන්.........
නිතර පියාඹන තැන්...
-
-
-
-
-
-
- 2015 -9 years ago
-
-
අනේ මන්දා....13 years ago
-
-
~පුතේ උඹ හින්දා~13 years ago
-
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....11 years ago
-
-
-
-
ඔය සුවඳ මගෙ වෙන තුරා12 years ago
-
-
-
-
-
Powered by Blogger.
4 comments:
ඇමැති කෙනෙක් වීමේ කුසලය හැරුනම අනික ටිකට නම් එකඟයි.
වටිනා අදහස් ටිකක්
බෙදාහදාගත්තට පින්
ඒ කුසලයෙන් ඔයාටත් ඊලග ආත්මේත් සතුටින් ඉන්න ලැබේවා!
විමාන වස්තු පාළි හා ප්‍රේත වස්තු පාළි වල පින්කම් හා එහි ආනිසංසත්, පාප කර්ම හා ඒවායේ විපාකත් ආශ්චර්යවත් ලෙස පැහැදිළි කරල තියනව. කියවල බලන්න කො.
මම හිතන්නෙ අපි පින් කොච්චර කලත් අපේ අතින් පව්ත් සිද්ධ වෙනවානං, ඒ කියන්නෙ අපේ දේශපාලක්ඥයෝ වගේ පින් අතේ වැඩ ගොඩාක් රටට පේන්න කරලා, පව් අතේ වැඩ ඊට වැඩියෙන් වෙනවානං, ඔය කියලා තියන විදියටම ප්‍රථිඵල එන එකක් නැහැ නේද .......
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...