Pages
Thursday, May 5, 2011
අහිමි ආදරය...
අඳුරු වූ මගේ දිවියට පෑයූ
ආදරය නම් පුරසඳ ඔබය හිමියණි...
ඔබේ ළය මත
මගේ මුව හොවාගෙන
කීවා මතකද
"ඔබ මාගේ මැ"යි....
අද එය වෙනස්ව
ඔබ ගොස් දුර ඈත....
ඇගේ සෙවනේ
ඔබ සැතපී....
මගේ ලෝකය අඳුරු වී ඇත
පෙරලෙස.............................
ඉකි ගසා අඬනු මිස
කුමක් කරමිද හිමියණි
පියාපත් අහිමි මේ පුංචි සමනළිය......?



9 comments:
අනේ මේ මොකෝ අක්කේ..........?
ආදරේ කරන අයගෙන් ඈත් වෙන්න උනාම ගොඩක් දුකයි. ඔයාටත් ඒ දුක දැනිලා වගේ
මට ඒ දුක දැනිල අදට හරියටම අවු2ය් මාසයකුත් වෙලා කොල්ලෝ...
අනේ මංදා අක්කියා මටත් ඔහොම උනොත්.........:(
තමන් ගෙන් වෙන්න ඕන යුතුකම් හරියට ඉටු වෙනවනම් බය වෙන්න එපා....:)
සිහිනයක් මෙන් නුඹ ඇදී දුර ඈත
හඩවලා මගේ හිත තනිකර පෙර ලෙසම
වෙනත් හිතකට සෙනේ පුදකර
නුඹ ගිහින් මා මෙලෙස තනිකර...
ලස්සනය් අය්යේ....බොහොම ස්තූතී කොමෙන්ට් එකට....
මගේ සමනලීව මගෙන් ඈත් කරලා දෙමවුපියෝ එයාව ගොම කුරුමිනියෙකුට සෙට් කරපු දවස මතක් උනා ..
මමනම් සත 5කට වත් ගනං ගත්තේ නෑ. මටනම් දැන් ගානක්වත් නෑ . ඔයත් එහෙම ඉන්න .හිතට දුක තවම දැනෙනවානම් මෙන්න මේවගේ ලස්සන අදහස් එකතු කරලා ලියන්න .
මේ ඔයා තව සින්ඩියකට බ්ලොග් එක දාගන්න .. නැත්නම් අපි කොහොමද නිතරම බලන්නේ ?
ආදරයක් හින්දා මේ හදවත දුක් වින්දා
ඒකේ වේදනාව දැනෙනේ ඒ දුක විදපු ඔයාටම විතරක් නිසා ඒ ගැන මම මුකුත් කියන්නේ නම් නෑ.. ඔන්න සදරු ත් මේ පලාතේ ඇවිත් ගියෝ..... ආයේ එනෝ හොදේ
ඇයි මේ .......
කොහොම උනත් ලස්සනට පද වැල් ටික ගලපලා තියනවා .....
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...