මම කියනව මගේ තාත්ත තමයි මට ඉන්න එකම දෙවිය කියල...මම එහෙම කියන්නේ මගේ අම්මට ආදරයක් නැති හින්දනම් නෙමේ...මම පොඩිකාලෙ ඉදන් හැදුනේ අම්මට වඩා තාත්තගේ තුරුලේ.අම්ම ඒ කාලෙ ඉදන්ම හරිම කාර්යබහුලය්....වැඩට ගිහින් එනකොට රෑ දහය එකොළහ පහුවෙනව....ඒ වෙනකොට මම නිදි...ආයෙත් උදේ 3.30ට විතර නැගිටල උයල පිහල වැඩට යනවලු...මොනව කරන්නද ඉතින්.....තාමත් ඔය දේම තමා සිද්ද වෙන්නේ.....
තාත්ත තමා මගේ සියලුම දේවල් කරන්නේ.....මාව සෝදපු එක,මගේ කැත කුණු අරන් දාපු එක පවා හැම දෙයක්ම.....ඒ වෙන කොටත් තාත්ත ගේ ලඟම පොඩි සිල්ලර කඩයක් කලා...මාවත් කඩෙන් තියාගෙන තාත්ත කඩේ වැඩ කරපු හැටි යන්තම් වගේ මතකය්....මම ඉස්කෝලෙ යන වයස ආවම මාවත් අරගෙන බය්ක් එකේම අරන් ගිහින් ඉස්කෝලෙ ලගින්ම බස්සනව...පොඩි දුරක්වත් පයින් යන්න දෙන්නේ නෑ....පස්සේ තාත්ති නංගිලත් ලැබුනට පස්සේ කඩ කෙරිල්ල නැවැත්තුවා..කෙල්ලොම ගොඩක්නේ...අම්මගෙන් පැහැර හැරෙන හැම වගකීමක්ම තාත්ත නොපිරිහෙලා ඉටු කලා....අපි පස්සෙන්ම හිටිය.. ඇත්තම කිව්වොත් මම ඒ ආදරය වැරදියට වටහා ගත්තු අවස්ථා අනන්තය්....මම ඉතින් ගෙදර ඉන්න මුරණ්ඩු කෙල්ලනේ...මට මතකය් මට ඉස්කෝලෙ අධ්‍යාපන චාරිකාවක් යන්න ගිහින් පරක්කු වෙලා බස් එක මඟහැරිල මාව කළුතරටම බය්ක් එකේ දාගෙන අරන් ගියා....
තාත්ත එපා කියන හැම දේම මැට්ටියෙක් වගේ කරනව...ඒ මොනව කලත් මගේ තාත්ත මට බනිනව විතරය්...කවමදාකවත් අත උස්සල ගහල නෑ....මම ඉල්ලන්නේ මොනවද ඒ හැම දෙයක්ම අරන් දෙනව..හම්.....මගේ තාත්ත පවු....අද එයා ගොඩාක් දුක් විඳිනව ඒකය් මම මගේ හිතට ආපු ඒ අතීත මතකයන් මෙහෙම බෙදාගන්න හිතුවේ.....තාත්ත දුක් විදිනව මට බලන් ඉන්න බෑ...අම්ම අදටත් කාර්යබහුල කාන්තාවක්....අදටත් අපි ලඟින්ම ඉන්නේ අපේ සුදු තාත්ති.....


13 comments:
මම ඉතින් මොනවා කියන්නද ? පදවැල් ගොතන්න මට තාත්තා කෙනෙක් නෑ නේ
ඔයාගේ තාත්තට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියලා!! යන්නම්
හ්ම්ම්ම්ම්ම්ම්ම් මොනවා කියන්නද මන්ද!!...
කියන්න වෙන්නෙ දරුවො ඔය ආකාරයි..තාත්තලා ඒ ආකාරයි කියලා තමයි
@ හිස් අහස-බොහෝමත්ම ස්තූතී අය්යේ....ස්තූතී කමෙන්ට් එකටත්...
@ මදුශාන් -ඒක තමය්....ස්තූතී කමෙන්ට් එකට...:)
තාත්තලගේ ආදරේ ඔය වගේ තමයි.. අම්මලත් ඔහොමම තමයි.. මමත් ටික දවසකට කලින් මේ වගේම පොස්ට් එකක් දැම්මා...
@ Dinesh- ඔව් අය්යේ ඇත්ත....මම මේ පෝස්ට් එක දැම්මට
පස්සේ තමය් අය්යගේ පෝස්ට් එක දැක්ක....සොරී....
සමනලීගෙ mp3 ප්ලේයරේ තමයි ප්ලේයරේ... එන්ජල්ගෙ සින්දුව අහල ඉවරවෙලා ක්ලෝස් කලාට පස්සෙත් ඒ සින්දුව යන්නෙ virus (ඩවුන් ලොඩ් කරන් ඇහුව විතරයි...) එකක් හින්ද කියල හිතල restart පාරකුත් දැම්ම...
අනේ නංගියෙ මේ ප්ලේයරේ අයින් කරපන්කො...
ඕං ඉතින් හරි නොවැ...... :P :(
හ්ම්ම්.... අනේ මන්ද.... තාත්තල ඔහොම තමයි. මගේ තාත්තත් මට උගන්නන්න ඕනි හින්ද අවුරුදු ගානක් අපෙන් ඈත් වෙලා දුක් විඳිනවා....
කථාව කියවනකොට දැනෙන ආදරේ නිසා ඇහැට කදුලුත් ආවා සමනලි... ඔයාගේ අම්මා තාත්තා ඇතුලු හැමටම වාසනාවන්ත ජිවිතයකට සුබ පතනවා මන්
තාත්තා ......... තාත්තා කෙනෙකුගේ සෙනෙහස ලබන්නත් වාසනාව තියෙන්න ඕන .........
@ StArry aNgeL- ඒක ඇත්ත.....තාත්තලගේ ආදරේ හිතාගන්න
අමාරුය්....
@ සදරු ගේ ලෝකය- බොහොම ස්තූතී අය්යණ්ඩියේ....
@ කල්හාර දිසානායක- හම්......
"කඳුලැලි සඟවා හසරැලි මුව ගවසා පියවරු සිටියා කඳුවැටි සේ වටලා,
ඒ බෝසත් ගුණ දකිනා දරුවන් ඉර හඳ සේ මුලු ලොවට වටිනවා..."
Post a Comment
ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...