Pages

Sunday, May 1, 2011

හිරූ ආහාරයක් වුණ වගයි.......

                                                    කියන්නත් කනගාටු සිද්ධියක් ඊයේ සවස් භාගයේ මට අත් විදින්න සිද්ධ වුණා...මතක් වෙනකොටත් පොළව පලාගෙන යන්න හිතෙනව...ඔන්න ඉතින් දවස් ගානක් තිස්සේ හිත හිත හිටපු වැඩක් මතක් වුන අපේ අම්ම..

"කෙල්ලේ...,අර ******** ඉන්න ඔයාගේ යාලුව සප්නලගේ ගෙදර යන්නත් ඕනි...අවුරුද්දට කෑමට ආරාධනා කරලත් යන්න බැරි වුණ නිසා ඔයයි, තාත්ති ගිහින් එන්න...."

හප්පේ ඒක අහපු මට ඉහේ මලක් පිපුන වගේ...වැඩිපුර කතා නැතුව මමත් දඩිබිඩි කියල ලෑස්ති වුනා නොවැ....ගොඩ කාලෙකින් ඇයව හමු නොවුනු මට කියන්න දේවල් මල්ලක තරම් තිබ්බ...ඔන්න ඉතින් තාත්ති මමයි ගමනට සූදානම්. ආ........ දෙයක් අමතක වුනා නේ....මම ආයි දිව්ව ගෙට පරිගණකය ක්‍රියාත්මක කරල ලගදි ඩවුන්ලෝඩ් කර ගත්ත ලස්සන චිත්‍රපට දෙකකින් පෙන්ඩ්‍රයිව් එක පුරව ගත්ත...ම්......මොනවද තව අමතක වුනේ..මුකුත් නෑ ඔක්කොම හරි...
                                      ගමන පිටත්‍ වෙන්න එළියට බැහැපු අපි ගාවට පැමිණි අම්ම තුන්ඩුවක් දික් කලේ තාත්තිට...."එන කොට මේ ටිකත් අරන් එන්න හො‍දේ...." තුන්ඩුව අතට ගත් තාත්තා" මට හංදියේදි මතක් කරන්න අම්මගේ බඩුටික ********* මාමගේ කඩෙන් අරන් තියල යන්න...." "හා... තාත්තේ.."
                                       තාත්ත සහ මම නැගි මෝටර් සයිකලය හංදියට ළගා වෙනවත් එක්කම මම තාත්ට මතක් කරන්න කිව්ව පණිවිඩය මතක් කල...බයික් එක කඩේ ඉස්සරහයින් නතර කරපු තාත්ත "මම බඩු අරන් එනකල් මෙතනට වෙලා ඉන්න...කඩේ ඇතුළට එහෙම එනව නෙමෙයි....." මට තදින් අවවාද කරා... තාත්ත කඩේ තුළට වෙනකල් ඒ දිහා බලාගෙන හිටිය...එතකොට වෙලාව සවස 7.30ට පමණ ඇති....වටේටම හරිම කරුවලයි..ඇත්තම කිව්වොත් හිරූ කරුවලට හරිම බයයි...වටපිට බලපු මම කවුරුත් ළගපාත නැති නිසා කලින් නරඹල තිබුන චිත්‍රපටයක ප්‍රධාන නිලියගේ ඇක්ෂන් ටිකක් දාල බයික්එකේ සයඩ් කණ්ණාඩියෙන් හැඩරුව බලන්න සුදානම් වුණා විතරයි.....
                                     හික්......හික්.........හී.........හී......හික්.......හික්..........හී.....

                                               කවුද කට්ටික්... නෑ..නෑ..කුකුල්ලු ටිකක් කෙකර ගානව වගේ ඇහුන.....කරුවල නිසා මුකුත් පේන්නේ නෑ.......ටිකක් බයත් හිතුන.....අපේ පැත්තේ ඉන්නව ග්‍රීස් යකෙක්.....ඒකවත් ද?.......මට කියන්න අමතක වුණා....මම හිටපු තැනට ඉස්සරහයින් ත්‍රීවීල පාර්ක් එකක් තියෙනව.....හැබැය් මම වටපිට බලපු වෙලාවෙනම් එතන මොකෙක්වත් හිටියෙ නෑ ඕං......
                                               මම බයේ වෙව්ල වෙව්ල ඉන්න වෙලාවේ එක පාරටම ලයිට් දාගෙන පල්සර් බය්ක් එකක් වේගයෙන් ගියා....අවස්ථාව ආපු වෙලාවෙ ඒක මඟඅරින්නේ මොන යකාද...මම අර කෙකර හඩ ආපු දිශාව බැලුව.....චිකේ......යි.......යා........අර ත්‍රීවීල් පාර්ක් එකේ ඉන්න බුවාල සෙට්වෙල ඒ ළග තිබ්බ කොට්ටන් ගහකට මුවා වෙලා දුම්වැටි පානය කරනව....චික්...මගෙම කරුමෙට එක බුවෙක් දැක්කේ නැතැ මම සර්ප්‍රයිස් වෙලා බලාන ඉන්නව.....ඌට හරි ජොලි......ඒ වෙලාවෙනම් මට සීරියස් හිතුන කඩේට ගිහින් තාත්තව ඇදන් එන්න.....  
                          ස්.......ස්....මේ...නංගෝ...නම කියන්න බැරිද....
                          ඔයා කොහෙද ඉන්නේ.....
                                         
                                   ඔය වගේ නා නා ප්‍රකාර දේවල් අහමින් මාව ආහාරයක් කර ගත්ත.....අම්මේ.....කඩෙන් එළියට එන තාත්තව දුටුවහම ඇඟට ලේ ටිකක් ඉනුව.....මම යෙහෙළියගේ නිවසට ‍ගිහින් ආවට පස්සේ අම්මටයි තාත්තිටයි මම ආහාරයක් වුණහැටි විස්තර කරනකොට ඒ දෙන්න මට හිනා වෙනව....මම කතා කියන එක පැත්තක දාල නිදාගන්න ගියා...ඊයා....අප්ප....................

6 comments:

Anonymous said...

අනේ ...අක්කා පව්ද මංදා......:)
අක්කේ ඔන්න එහෙනම් මමත් ඔයාගේ බ්ලොග් එක follow කරා අය ඔයාගේ හැම පෝස්ට් එකටම මගේ කමෙන්ට් ඒකක් අනිවා වැටෙනවා.....
මගේ බ්ලොගෙත් පැන්නුවාට ස්තූතිය්

Dinesh said...

හිතාගන්න පුළුවන් වෙච්ච දේ ගැන...

සසීන්ද්‍ර වීරසිංහ said...

හික්z

සමනළී... said...

@බීටා- තෑන්ක්ස් මල්ලියෝ...

@Dinesh-හම්...ඊයා අප්ප..මතක් වෙනකොට....

@සසීන්ද්‍ර- හිකිz :D

සාතන් said...

මොන ෆිල්ම් එකේ මොන නිළියගෙ ඇක්ෂන්ද දැම්මෙ එතකොට?...
;)

පන්සල් හංදිය said...

ඔහොම තමයි කෙල්ලො ...... කොයි වෙලෙත් ට්‍රයි එක හැඩ බලන්නමයි ...... ඒවා දකින කොල්ලන්ට ඉතිං බයිට් එකට ගන්න හිතෙන එක අහන්න දෙයක්යැ ..

Post a Comment

ඔබේ අදහසත් එක් කරල යන්න..නොකෙරුව කියල තරහක් නෑ ඕං...