Pages
Wednesday, October 26, 2011
......You don't know you're beautiful.....
ගොඩ කාලෙකට පස්සෙ තමය් බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ..බ්ලොග් සින්ඩි වලින් මාව පන්නල දාලද දන්නේ නෑ..මම කලින් දාපු ලිපි වලට කමෙන්ට් දාල තිබ්බ හැමෝටම ගොඩාක් ස්තූතී..පහුගිය දවස්වල මම අලුතෙන් කරන්නය් කියල වැඩ වගයක් පටන් ගත්ත..ඒව හින්ද මේ දවස්වල හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.. බුදුඅම්මෝ..දෙසැම්බර් 12 විභාගේ පටන් ගන්නව..ඒඒටී පදනම් අදීරයට ලියාපදිංචි වෙලා පන්ති යන්න ගත්තට පස්සේ තවත් ටිකක් පිස්සු වගේ....ලියන්න කියල හිතුවට මොනාද ලියන්නේ කියල ඔලුවට එන්නෙම නැහැ..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කට්ටියටම අහන්න, මමත් මේ දවස්වල විවේකයක් ලැබුන ගමන් අහන සින්දුවක් දෙන්නම්..
You're insecure,
Don't know what for,
You're turning heads when you walk through the door,
Don't need make-up,
To cover up,
Being the way that you are is enough,
Everyone else in the room can see it,
Everyone else but you,
Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
But that's what makes you beautiful
So come on,
You got it wrong,
To prove I'm right,
I put it in a song,
I don't know why,
You're being shy,
And turn away when I look into your eye eye eyes,
Everyone else in the room can see it,
Everyone else but you,
Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
But that's what makes you beautiful
Na Na Na Na Na Na Naaa,
Na Na Na Na Na Na Na Na
Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Baby you light up my world like nobody else,
The way that you flip your hair gets me overwhelmed,
But when you smile at the ground it ain't hard to tell,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
If only you saw what I can see,
You'll understand why I want you so desperately,
Right now I'm looking at you and I can't believe,
You don't know,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
You don't know you're beautiful,
Oh oh,
That's what makes you beautiful
මට මේ තටු සිඳුන සමනළීව වෙනස් කරන්න ඕනෙ කියල හිතෙනව..ඒකට මට ඔයගොල්ලෝ හැමෝගෙම උදව් ඕන..මට උදව් කරන්න පුළුවන්ද??
Labels:
අදහස්,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Saturday, September 3, 2011
ලියමි මම,
මම හිනාවෙන්නේ අඬන්න බැරි නිසා නෙමෙය්....
ඇඬුවොත් නවත්ව ගන්න බැරිවෙය් කියල....
මම විදවන්නේ සතුටු වෙන්න බැරි නිසා නෙමෙය්...
සතුට දැනෙන්නෙ නැති නිසා..
මම බලාගෙන ඉන්නව,ඔයා එය් කියල නෙමෙය් දකින්නවත් ලැබෙය් කියල.....
මම හීන දකිනව...
වෙන මුකුත් ගැන නෙමෙය්,මං ඔයාගෙම වෙය් කියල....
මම ජීවත් වෙන්නෙ මැරෙන්න බය නිසා නෙමෙය්..
මම මැරුනොත් ඔයාව මට නැතිවෙය් කියල..
මම මැරුනොත් ඔයා තනිවෙය් කියල..
Labels:
අදහස්,
අහිමි ආදරය,
ආදරය,
දුක,
හිනාව,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Sunday, July 24, 2011
ආදරෙයි මම..........
හිත හෙමිහිට අඬය්...
දෙනෙත් කදුලින් බරවී...
මුලු ලොවක් මැද තනිවී..
ඔබ එන මඟ දෙස බලමින්....
නුඹ මටත් හොරා පැහැරගත්
මගේ සිත...
අවනත නැතිය මට......
අහිංසකය් මා සිත...
නොදනීද එය ඔබ????
නොපිදුවත් ඔබේ සෙනෙහස....
ආලය කරමි සිතින් මම නුඹට......
Labels:
අදහස්,
ආදරය,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Thursday, July 7, 2011
I love you like a love song, baby
මම මේ ලඟදි අහන්න හොඳ සිංදුවක් හොය හොය ඉදිද්දි අහුවුනා ටික්ක් විතර ලස්සන සිංදුවක්....ඔයගොල්ලන්ට නම් මොනවගේ දැනේවිද දන්නෙ නැහැ....කෝකටත් අහල බලන්නකෝ....දැනෙන දේ පහළින් ලියලත් යන්නකෝ........
[Verse 1]
It's been said and done
Every beautiful thought's been already sung
And I guess right now here's another one
So your melody will play on and on, with best of 'em
You are beautiful, like a dream come alive, incredible
A centerfold miracle, lyrical
You've saved my life again
And I want you to know baby
[Chorus]
I, I love you like a love song, baby
I, I love you like a love song, baby
I, I love you like a love song, baby
And I keep hittin' re-peat-peat-peat-peat-peat

[Verse 2]
Constantly, boy you played through my mind like a symphony
There's no way to describe what you do to me
You just do to me, what you do
And it feels like I've been rescued
I've been set free
I am hyptonized by your destiny
You are magical, lyrical, beautiful
You are...I want you to know baby

[Bridge]
No one compares
You stand alone, to every record I own
Music to my hear that's what you are
A song that goes on and on

I love you...like a love song...
ඩවුන්ලෝඩ් කරගන්න ඕනිනම් මෙතනින් යන්න....

Friday, July 1, 2011
මගේ පින්තූර එකතුවෙන් බිදක්......
මාව ඉස්පිරිතාලෙන් ගෙදර එක්කන් ඇවිත් ගත්තු පොටෝ එකක්... |
මගෙ සුදු තාත්ති..... |
කිරි බන්ඩිය.... |
යම්......යම්.....යම්......... |
මගෙ ආදර අම්මය් තාත්තය්..... |
Labels:
අම්ම,
තාත්ත,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Thursday, June 23, 2011
සමරු පොතෙන්.........
2006/08/27 නිවසේදී ය,
Dear නංගි,
පොඩි කාලෙ ඉඳන් ඔයාව දන්න, ඔයාගෙ අක්ක විදියට ඔයාට දෙන්න ගොඩාක් උපදෙස් තියෙනව,හැබැය් ඒවා ඔයාට ඕන තරම් පාසැලෙන්,දෙමාපියන්ගෙන් ලැබෙන හින්දා මම නංගිගෙ මේ සමරුපොතේ පුංචි දෙයක් ලියන්නම්..
අපේ ජීවිතය අවුරුදු 10 කොටස් වලට බෙදුවොත්,
ඔහොම තමා ජීවිතේ ගෙවෙන්නේ.ඔන්න ඔය විදිහට හිතුවොත් අපිට ඉගෙනගන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ ගතවෙන අවුරුදු 10 තමා...ඉතිං නංගෝ..මේ ටිකේ කරන ටිකක් කොහොම හරි හරියට කරගන්න ඕන ( පස්සෙ බැරියැ අනික්වා..)
ඉතිං ඔයාගෙ ඉගෙනීමට මගෙන් සුභ පැතුම්..ජීවිතය ඔබේම උත්සහයෙන් ජයගන්න! -******** අක්ක..
මේක මේ අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් මගේ සමරුපොතේ ලියල තිබ්බ සමරුවක්...ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන....සමරුපොතේ අනික් හැම සමරුවකටම වඩා මම මේ සමරුවට ගොඩාක් කැමතී.....මේ ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් පහලින් එකතු කරල යන්නකෝ.....

අවුරුදු 1 - 10 වෙනකම් - සෙල්ලම් කරන්න..
අවුරුදු 10 - 20 වෙනකම්- ඉගෙන ගන්න...
අවුරුදු 20 - 30 වෙනකම්- රස්සාවක් කරන්න,විවාහ වෙන්න...
අවුරුදු 30 - 40 වෙනකම්- දරුවො ඇතිකරන්න,උන්ට උගන්වන්න....
අවුරුදු 40 - 50 වෙනකම් - රස්සාවෙන් විශ්‍රාම අරගෙන මුණුපුරු,මිණිපිරියන්ව බලාගන්න....
අවුරුදු 50 - 60 වෙනකම් - මුණුපුරු,මිණිපිරියන්ව මොන්ටිසෝරි,ඉස්කෝලෙ යවන්න....
අවුරුදු 60 - 70 වෙනකම් - පිංඅතේ වැඩ කරන්න....
අවුරුදු 70 - 80 වෙනකම් - ඕනකම තිබ්බත් මුකුත් කරගන්න බෑනේ..දැං අසනීපය්නෙ!!!!!!
ඔහොම තමා ජීවිතේ ගෙවෙන්නේ.ඔන්න ඔය විදිහට හිතුවොත් අපිට ඉගෙනගන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ ගතවෙන අවුරුදු 10 තමා...ඉතිං නංගෝ..මේ ටිකේ කරන ටිකක් කොහොම හරි හරියට කරගන්න ඕන ( පස්සෙ බැරියැ අනික්වා..)
ඉතිං ඔයාගෙ ඉගෙනීමට මගෙන් සුභ පැතුම්..ජීවිතය ඔබේම උත්සහයෙන් ජයගන්න! -******** අක්ක..
මේක මේ අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් මගේ සමරුපොතේ ලියල තිබ්බ සමරුවක්...ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන....සමරුපොතේ අනික් හැම සමරුවකටම වඩා මම මේ සමරුවට ගොඩාක් කැමතී.....මේ ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් පහලින් එකතු කරල යන්නකෝ.....
Labels:
අදහස්,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Tuesday, June 21, 2011
නෝ නම්බර්.....
කලින් පෝස්ට් එකෙන් කිව්වනෙ මේ පාර පොසොන් පෝයට මම මගේ අතිජාත මිතුරිය එක්ක පන්සල් ගියා කියලා...ඒ වගේම එදා මම මිතුරියගේ ගෙදර නවාතැන් ගත්ත.ගොඩ කාලෙකට පස්සෙ තමය් අපි දෙන්න මේ වගේ හමුවුණේ.ඉස්සරනම් එයා නිතරම අපේ ගෙදර එනව..ඒත් දැන් එහෙම නැහැ...ලබන අවුරුද්දෙ එයා උසස් පෙළ විභාගෙට මුහුණ දෙනව...පාසලුත් යනව...ඒ දේවල් නිසා අපි දෙන්න මුණගැහෙන්නේ හරිම කලාතුරකින්....ගොඩකාලෙකින් හමුවුණ අපි දෙන්නට කතා කරන්න දහසකුත් දේවල් තිබ්බ...ඒව කතා කරන්න එදා සවස්වරුව අපි වෙන් කලා...පෝය දවසෙ චන්ද්‍රග්‍රහනයක් තියෙනව කියල ආරංචි වුණ නිසා මමය් මගේ යාළුවය් ඒක පිටදාල ඇහැරගෙන හිටිය..ආන්ටිල නිදාගත්ත...පහුවදා වැඩට යන්න ඕන නිසා...
එළියෙ ගල් බංකුව උඩට වෙලා හිටපු අපි අතර තිබ්බ විනාඩි පහෙළවක නිහඩතාවය බිදල දෙන්නම එක පාරට කතාවකට මුල පුරන්න හැදුව......මම එයාට අවස්ථාව දීල නිහඬ වුණා....මුලදිනම් මම හිතුවෙ සපු කියන්න යන්නේ එයාගෙ පෙම්වතාගේ වතගොත කියලය්...සපු එයාගෙ ෆෝන් එක මට දිග් කළා...නො නම්බර් කියල සේව් කරපු 071 නම්බර් එකක්...
මම - මොකක්ද සපු මේ...?????
සපූ - අනේ මන්ද..ඔයාට මේක කියන්නත් මොකක්ද වගේ.....අපි අතර රහස් නෑනේ...ඔය නම්බර් එකෙන් මට කෝල්ස් එනව...හරි කරදරයක්...කතා කරන්නේ 18 + කතා....ඕක නවත්තන්න කරන්න ඕන හැමදේම කලා...මේ අංකයෙන් මුලින්ම මැසේජ් එක්ක ආවෙ මගේ කලින් සිම් එකට...පස්සේ මම නවී ගෙනත් දුන්න දැන් තියෙන නම්බර් එකට මාරු වුණා....මේ මනුස්සය මේකටත් මැසේජ් එවන්න පටන්ගත්ත....බැරිමතැන මම නවීට කිව්ව මගේ අය්ය වගේ කතා කරන්න කියල...එහෙම කරලත් මට මේ මලයකාගෙන් බේරෙන්න බැරි වුණා.....
මම - ඔයා ඔය නම්බර් එකට රිප්ලය් කරන්න එපා....(මට වෙන දෙන්න උපදෙසක් මතක් වුනේ නැති නිසා ඔලුවට ආපු එක කියල දැම්ම)
සපූ - එහෙම කලා කියල මූ මේක නවත්තනවනම් මදෑ...මම දැන් හැම තිස්සෙම ඒකෙන් එන මැසේජස් බලන්නෙ නැතුව ඩිලීට් කරනව..ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තේරෙන්නෙ නැහැ අනේ....කොල්ස් එද්දි කට් කරනව....සමහර වෙලාවට ඒ මනුස්සය වෙනත් නම්බර් වලින් කෝල්ස් ගන්නව..මම ආන්ස්වර් කරය් කියල හිතල....මට තේරෙන්නෙ නැහැ....මේ යකා මාව අදුනන කෙනෙක්දෝ කියලත් සැකය්...එත් ඇය් මේ වගේ කැත කතාම කියවන්නේ...ලැජ්ජාවක් නැද්ද මන්ද...ඊයා.....මට දැන් හිසරදයක් මේක....
මටත් මේක හරි විකාරයක් වගේ....මගේ යාළුවට කරදරයක්...මම මොනාද කරන්නේ..?????ඇත්තටම මම මේකට විසදුමක් දන්නේත් නැහැ...යාළුව මේක අම්මලට කියන්න කැමැත්තකුත් නැහැ....කවුරුහරි මේකට දෙන්න පුළුවන් නම් විසදුමක් දෙන්න...පීලීස් මට ඕන විසදුමක්..කවුරුහරි උදව් කරන්න.....
එළියෙ ගල් බංකුව උඩට වෙලා හිටපු අපි අතර තිබ්බ විනාඩි පහෙළවක නිහඩතාවය බිදල දෙන්නම එක පාරට කතාවකට මුල පුරන්න හැදුව......මම එයාට අවස්ථාව දීල නිහඬ වුණා....මුලදිනම් මම හිතුවෙ සපු කියන්න යන්නේ එයාගෙ පෙම්වතාගේ වතගොත කියලය්...සපු එයාගෙ ෆෝන් එක මට දිග් කළා...නො නම්බර් කියල සේව් කරපු 071 නම්බර් එකක්...
මම - මොකක්ද සපු මේ...?????
සපූ - අනේ මන්ද..ඔයාට මේක කියන්නත් මොකක්ද වගේ.....අපි අතර රහස් නෑනේ...ඔය නම්බර් එකෙන් මට කෝල්ස් එනව...හරි කරදරයක්...කතා කරන්නේ 18 + කතා....ඕක නවත්තන්න කරන්න ඕන හැමදේම කලා...මේ අංකයෙන් මුලින්ම මැසේජ් එක්ක ආවෙ මගේ කලින් සිම් එකට...පස්සේ මම නවී ගෙනත් දුන්න දැන් තියෙන නම්බර් එකට මාරු වුණා....මේ මනුස්සය මේකටත් මැසේජ් එවන්න පටන්ගත්ත....බැරිමතැන මම නවීට කිව්ව මගේ අය්ය වගේ කතා කරන්න කියල...එහෙම කරලත් මට මේ මලයකාගෙන් බේරෙන්න බැරි වුණා.....
මම - ඔයා ඔය නම්බර් එකට රිප්ලය් කරන්න එපා....(මට වෙන දෙන්න උපදෙසක් මතක් වුනේ නැති නිසා ඔලුවට ආපු එක කියල දැම්ම)
සපූ - එහෙම කලා කියල මූ මේක නවත්තනවනම් මදෑ...මම දැන් හැම තිස්සෙම ඒකෙන් එන මැසේජස් බලන්නෙ නැතුව ඩිලීට් කරනව..ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තේරෙන්නෙ නැහැ අනේ....කොල්ස් එද්දි කට් කරනව....සමහර වෙලාවට ඒ මනුස්සය වෙනත් නම්බර් වලින් කෝල්ස් ගන්නව..මම ආන්ස්වර් කරය් කියල හිතල....මට තේරෙන්නෙ නැහැ....මේ යකා මාව අදුනන කෙනෙක්දෝ කියලත් සැකය්...එත් ඇය් මේ වගේ කැත කතාම කියවන්නේ...ලැජ්ජාවක් නැද්ද මන්ද...ඊයා.....මට දැන් හිසරදයක් මේක....
Labels:
අදහස්,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Saturday, June 18, 2011
තතු විත්ති...
මුලින්ම ඔක්කෝමගෙන් සමාව ඉල්ලනව පොරොන්දු වෙච්ච දෙයක් ඉටු නොකල එකට...අපිට මේ දවස්වල හරියට කරදර.....අම්මගෙ පැත්තෙන් නෑදෑවන මාම කෙනෙක් අන්ත්‍රාවෙලා...දැන් සතියක් වෙනව...මටත් මේ දවස්වල වැඩ...දෙසැම්බර් විභාගෙනේ....මේ දවස්වල අයදුම්පත්‍ර කැදවනව...ඒ මදිවට අම්ම ඔෆීසියේ වැටිල ඇහැ තුවාල වෙලා....මට පිස්සු වගේ...ගෙදර වැඩ මටම තමා කරන්න වෙලා තියෙන්නේ.... :( ඒකය් ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුණේ...මේ පොසොන් එකට මම මගේ යාළුවත් එකක් පන්සල් ගියා...ඒතකොට ගත්තු පොටෝ ටිකක් අප්ලෝඩ් කරන්නම්...ඒව ඉතින් ඒතරම් වැඩක් නැති පොටෝ ටිකක්....

Labels:
දුක,
වේදනාව,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Tuesday, June 7, 2011
හපොය්......

අපෝ............ය්ඉඉඉඉඉඉඉඉඉ......සී......ත......ලාආආආආආආආආ.....යිඉඉඉඉඉඉඉඉ.......
කොහොමහරි සීතලේම මූණ සොදගෙන හෙඳ බබී වගේ ආව පාඩම් කරන්න...මොන පාඩම්ද?????පොත අතට ගත්ත විතරය් "හහ....චෝ...ස්...." හිකිස්..ඊයේ වැස්සෙ තෙමිල හොදටම හෙම්බිරිස්සාව...හොඳ වෙලාවට අම්ම හිටපු වෙලාවේ කිමුහුන් ගියේ නැත්තේ....නැත්තන් බැනුම් කෝටියය්...පාඩම් කරන් එක පැත්තක තියල කුස්සියට ගිහින් උණුවතුර කෝප්පයක් බොහොම අමාරුවෙන් බීල පිරිටන් සිරප් හැන්දකුත් බිව්ව...අත්දුටුය් ප්රත්යක්ෂය්....පැය දෙක තුනක් හොදට නින්ද යනව අනේ...පස්සේ හෙම්බිරිස්සාව උණ කොහෙ යනවද මන්ද...කොහොමහරි කමක් නෑ අම්ම එද්දී හැදෙන්න තියෙන උණක්,හෙම්බිරිස්සාවක් ඇදිල ඉවර වෙන්න ඕන...නැත්තන්නම් මම ඉවරාආආආ...ය්ඉඉඉඉ....අපොය්....:( බය්යන් කාල මම යනව පොඩ්ඩක් දොය්යන්න....හෙට කියන්නම් කෝ ඊයෙ වැස්සෙ නටපු හැටි...මාර ජොලි...ඕගොල්ලොත් වහින වෙලාවක නිකන් එලියට බැහැල බලන්න...හැබැය් ලෙඩ හැදුනොත් මම වගකියන්නේ නෑ.....ඔන්න කලින්ම කිව්ව....
Sunday, June 5, 2011
අහල බලන්නකෝ මේක.........
මේ ළඟදි මට ලස්සන සිංදුවක් හම්බු වුණා........මට ඉතින් සිංදුවක් හිතට ඇල්ලුවොත් පට්ට ගහනව....මම හිතන්නේ ඕගොල්ලෝ මේක මෙලහට අහලත් ඇති.....අහල නැහැය් කියල හිතනවනම් පහල තියෙන්නෙ ඒ සිංදුව....අහන්නකො බලන්න.....මාරම ලස්සනය් අනේ.......ඕක මම මුලින්ම ඇහුවේ මගේ මූණුපොතේ යාලුවෙක් දීල......ඔයාලත් අහල බලන්නකෝ......
Melody, Lyrics & Vocals by Sangeeth Fernando
Featuring Nadika Pieris
Music Produced By Arosh Jayakody
Mixed By Ranga Dasanayake
ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතනින් යන්න.......
පල්ලෙහාය්න් හිතින ඕනම දෙයක් ලියන්න.....නැත්තන් මේ පුංචි කෙල්ල පවුනේ......පණ්ඩිත කමට මේක දුන්න කෙනාටත් කිව්ව.....අනේ....කැතය් හරි කියන්න......
Wednesday, June 1, 2011
අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...3
අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...1
අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන්...2
2009 අවුරුද්දෙම මම තුවාල නිසා දුක් වින්දා....ඒ අවුරුද්දේම මම ඉස්කෝලෙ ගියෙත් නැහැ...තාත්තල ප්‍රින්සිපල් මැඩම්ව මේ පිළිබඳව දැනුවත් කරල තිබ්බ නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ...හැබැය් මට කිසිම සහයක් කාගෙන්වත් ලැබුනේ නැහැ...සටහන් එහෙම හොයාගන්න ගොඩාක් දුක් විදින්න වුණා...පස්සේ මට ඒ හැම දේකටම උදව් කරන්න අපෙ ඉස්කෝලෙ නොවෙන,දවසක් දෙකක් ටියුෂන් පන්තියේදි මුණගැසුන එයා ඉදිරිපත් වුණා....ඒතමය් දැන් මගේ හොඳම යෙහෙළිය වන සප්න....එයා ගැනත් විශේෂයෙන් කියන්න ඕන....සප්න හරි හිත හොඳ ළමයෙක්...වැරදි වැඩ වලට ඇබ්බැහි වෙලා හිටියට යාලුවෙකුගෙන් වෙන්න ඕන යුතුකම් ගොඩාක් හරියාකාරව ඉටු කලා....එයා මට සටහන් ගෙදරටම ගෙනල්ල දුන්න...දුකේදි වගේම සතුටෙදිත් මං ළඟම හිටිය...මම මෙච්චර කල් ආශ්‍රය කරල තියෙන්නේ අවස්ථාවාදියෝ ටිකක් කියන එක මට හොදටම දැනිලය් තිබ්බේ....
2009 දෙසැම්බර් වෙද්දී මගේ තුවාල ආයෙත් වැඩි වුණා....අ.පො.ස.(සා.පෙළ) විභායත් පටන් ගත්ත....මම විභාගෙට ගියා.....අම්මග ශාලාධිපතිලත් එක්ක කතා කරල තිබුන...මොකටද දන්නවද...මගේ තුවාල වලට මැස්සෝ එනව..එහෙම වුණහම උත්තර ලියන්න අමාරුය් නේ...ඒ නිසා ෆෑන් එකක් දාගෙන මාව වෙනම තැනක තියන්න පුළුවන්ද කියල අහන්න.....අනේ....ඒ ගුරුවරු හරි හොඳය්...මට ඒ අය ළඟම ෆෑන් ඒකකුත් දාගෙන ප්රශ්නපත්තර වලට උත්තර ලියන්න තැනක් හදල දුන්න....සිංහල ප්‍රශ්න පත්තරයට ඒතරම් අවුලක් නැතුව උත්තර ලිව්ව....ඊළඟ විෂය වෙද්දී....මට මගේ අත් පා නවන්නවත් බැරි තරමට තුවාල දාල....අතේ වැලමිට හරියෙය්,දනහිස පිටිස්සෙය් තුවාල දාල සැරව ගලනව..... කකුල් නවල ඇවිදින්න බෑ වේදනාවය්......අත්වලින් නැගුන වේදනාවත් ඒ වගේමය්......ඒත් මම විභාගෙට ගියා...බය්ක් එකේ යන්න බැරි නිසා ත්‍රීවීල් එකක ගියා...ප්‍රශ්න පත්තර වලට උත්තර පැය භාගෙන්,පැයකින් ඉවර කලා....ඔහොමම අනිවාර්ය විෂයන් හයටය්,තව එකකටය් උත්තර ලිවුව.....අන්තිම වෙද්දී මට පෑන අතට අරන් ලියන්න පණ නැහැ....පස්සේ මම අම්මලට කිව්ව මට මේක ඉවසන්න බෑ මාව මරල දාන්නකෝ කියල....තාත්තල මට ඉතුරු විෂයන් දෙකට ලියන්න ඕන නැහැ කියල දොස්තර කෙනෙක්ට පෙන්නන්න ගෙනියන්න ලෑස්ති වුණා.....තාත්ත වෑන් එකක් කතා කරගෙන ආව...මට ඇඳෙන් බැහැ ගන්න බෑ......අම්මලට මාව උස්සන්නත් බැහැ.....හැමතැනම තුවාලනේ....... :(
කොහොමහරි මම නැගිට්ට.....අමාරුවෙන් අමාරුවෙන් වෑන් එක ළඟටම ඇවිදගෙන ගියා....ඒත් ඉතින් වාහනේට නගින්නේ කොහොමද?????????? ඩ්‍රය්ව් කරන අය්යගෙ මූණ යන්තම් වගේ දැක්ක...අහක බලාන දාපු ආප්පයක් වගේ.....දෙකට තුනට ඇදවෙලා....ඒ මනුස්සය මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති....ලෙඩෙක් කිව්වට මෙහෙම ලෙඩෙක්.... :( මොනව කරන්නද මමත් අමාරුවෙන්ම නැඟගත්ත වාහනේට....අම්මත් ගොඩ වුණා....දුහුල් රෙද්දකින් මගෙ තුවාල වැහුවා....පල්ලෙහා ගෙදර ආන්ටි කපු රෙදි වලින් සැහැල්ලු අඳින්න පහසු ඇඳුම් දෙකක් මහල අම්මට දීල තිබුන....ඉස්පිරිතාලෙ නවත්තන්නය් මේ අයගේ සූදානම....මට ඒ වෙලාවේ ඇත්තටම ඒ ගැන වගක් වුනේ නැහැ.....මම හිටියෙ බාගෙට මැරිල....වාහනේට නැගල ටික වෙලාවකින් මට නින්ද ගියා.....මතක විදියට මුලින්ම ගියේ ***** ඉස්පිරිතාලෙට එතනින් අම්මලට හොඳටම බැනල ******ඉස්පිරිතාලෙට යන්න කිව්ව.....******* ඉස්පිරිතාලෙට ගිහාම එතනිනුත් අම්මලට බැනුම්....ඇය් මෙච්චර තුවාල වැඩි වෙනකල් හිටියේ කියල......අන්තිමට මාව අරගෙන ගියේ ඇපලෝ (දැන් ඒක ලංකා හොස්පිටල්) එකට....එතනින් මාව බාර ගත්ත....
මට මතක හැටියට මාව ට්‍රොලියක තියාගෙන අරන් ගියා දොස්තර ළඟට.....පස්සේ මාව ඉස්පිරිතාලෙ නවත්තන්න කියල අම්මලට කිව්ව.....හම්....ඒදා හවස්වරුවෙම මට ප්‍රතිකාර කරන්න ගත්ත....ඒ දීපු බෙහෙත් වලට මට බඩේ දැවිල්ලත් හැදුනා...ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ...මට කෑම කන්න පුළුවන් වාතාවරනයක් ඒ වෙලාවෙ තිබ්බේ නැහැ....මොකද මාව ඉස්පිරිතාලෙට ගේනකල් හරිහමන් කෑම වේලක් ගත්තෙම නැහැ.....ඒ නිසා තමය් මට ඒ බෙහෙත් බීල වරුවක් යන්න කලින්ම බඩ දැවිල්ල ගත්තේ.....
හම්....මම වැඩිය කියවන්න යන්නේ නැහැ...මම දන්නව මේ වෙනකොටත් ඔගොල්ලන්ට මේක කියවල එපා වෙලා ඇති....කොහොමහරි මාව නවත්වල දවස් පහක් වෙද්දී සනීප කරන්න ඒ අයට පුලුවන් වුණා......
2010 අප්‍රේල් වෙද්දී අපේ ප්‍රථිඵල ආව.....හික්....කරපු විෂයන් ඔක්කොම පාස්....ඒත් සම්මාන ගණන තමා....ඇත්තටම මම ඔහොමවත් ප්‍රථිඵල බලාපොරොත්තු වුණේ නැහැ....මට කොමර්ස් ඒලෙවල්ස් කරන්න ප්‍රථිඵල මදි...මම ඒ වෙලේම හිතාගත්ත ආය් ඕ ලෙවල්ස් කරනව...ඊට පස්සේ ඒ ලෙවල්ස් කොමර්ස් වලින් කරනව කියල....ප්‍රථිඵල ගැන යන්තම් දුක් වෙන ගමන්ම සතුටු වෙද්දී ඒ ගැන සතපහක් ගණන් ගත්තේ නැති කට්ටියකුත් හිටිය.....ඒ වෙන කවුරුත් නෙමේ මගේ අම්මගෙය් තාත්තගෙය් නෑදෑ පරම්පරාව...මගේ ප්‍රථිඵල අහපු ඒ අය මට දැඩි ලෙස කියපු දෙයක් තමය් මේ ප්‍රථිඵල වැඩක් නැහැ....දැන් පඳුරකට ගැහුවත් ඒ සාමාර්ථ ගත්තු කට්ටිය හොයාගන්න පුළුවන්..ඒ නිසා ඔයාගෙ ලකුණු මදි.......ඔව් අන්තිමට ඒ අය දින්න....අම්මලගෙත් හිත් එකපාරටම වෙනස් වුණා...අම්මය් තාත්තය්ත් වෙච්ච හැමදේම අමතක කරල මට බැන්න....ඒ වුණාට මට ප්‍රතිකාර ඉවර නැති නිසා මේ වෙනකල් කිසිම දෙයක් කිව්වෙ නැහැ....
අවුරුද්දක් විතර වෛද්‍ය ප්‍රතිකාර කරල ඉවර වුණ මේ මොහොතේ මට මගෙ අම්මල ආය් (දෙවන වර) ඕ ලෙවල්ස් කරන්න යොජනා කරනව.....මගෙ අම්මල දැන් පත්වෙලා ඉන්න ගොඩාක් ප්‍රශ්න වලට මුල මගේ මේ අසනීපෙ සහ මගේ මුරණ්ඩුකම්.....ඔය නිසාම මම ඒ දෙන්න සතුටු කරන්න දෙයක් කරන්නම ඕන කියල හිතුව.......ඒ අනුව දැන් මම ඒ අයට කීකරු වෙලා ඔවුන්ගේ සිහින සැබෑකරන්න තීරණය කලා......බලමු ඉස්සරහට මොනව වෙය්ද කියල.........
අ.පො.ස.(සා.පෙළ) පිළිබද මගේ මතකයන් කතාව මෙහෙම අවසාන කරනව...මේ කතාව කියවල අදහස් ෙබදා ගත්තු ෙනාගත්තු හැමදෙනාටම බෙහෙවින් ම ස්තූතී......!

Saturday, May 28, 2011
අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්..2
අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්...1
කොහොම හරි තාත්ත මාව සනසල දවස් දෙකක් තුනක් ඉස්කෝලෙ ඇරියා....මාත්එක්ක හිටපු හැම යාලුවෙක්ම මට නැති වුණා.මාව පන්තියේ වෙනම තැනක තියන්න ලමය් කටයුතු කලා...ඕව දැනගත්තහම අම්මටය් තාත්තටය් හරි අප්සෙට්...තාත්ත ආය් මාවත් අරගෙන අර වෙදා ළඟට ගියා..මාව පරික්ෂා කරල කිව්වෙ නැතෑ...
"මට බෙහෙත් කරන්න අමාරුය්...ඉංගිරිසි බෙහෙත් කරන ගමන් මෙයාට සිංහල බෙහෙත් කරමු " කියලා
තාත්තට ඕකට තද වුණා..එයා වෙදාට හොදවය්න් දෙකක් කියල ඒ වෙලාවෙම මාව අපේ පැත්තේ ඉංගිරිසි වෙදෙක් ගාවට අරගෙන ගියා.ඒ දොස්තර මහත්මයා මාව පරීක්ෂා කරල බෙහෙතුත් දීල කිව්ව
"මේක මේ ආරෙට එන ලෙඩක්..ඒක සම්පූර්ණ හොඳ කරන්න බැහැ..නමුත් යටපත් කරල තියන්න පුලුවන් " කියලා.
ඒ බෙහෙත් වලට මට ඉක්මනට සනීප වුණා..සනීප වුණා කියන්නේ මෙහෙමය්...මූණේ තිබ්බ තඩිස්සි වෙච්ච ගතිය අඩුවෙලා තුවාල සම්පූර්ණයෙන්ම සුව වෙලා කලින් තිබ්බ ඒ විකාර මූණම ලැබුණා..හැබැය් අත්වලය් කකුල් වලය් තිබ්බ ඒතරම් ඉක්මනට සුව වුණේ නැහැ..ඒවයේ සැරව එන ගතිය අඩුවෙලා වේලිච්ච ගතියක් තමා තිබ්බේ...
අසනීපෙ නිසා අඩාල වුණ මගේ පාසල් දිවිය ආය් අලුතෙන් පටන් ගත්තා...අලුතෙන් කියන්නේ...ආය් මම ගියේ දහය වසරට...නවය වසරේ අවසාන විභාගෙට හැම විෂයකටම පනහත් හැටත් අතර ලකුණු තිබ්බා..අසනීපෙන් වුණත් පාඩම් කරල තියෙනව..හොඳ ළමයෙක් කියල කට්ටිය ප්‍රශංසා කලා...ඒත් මම දන්නව එහෙම කලේ මම අධෛර්ය වෙය් කියල ඒ අයට හැගුන හින්ද කියල.....කොහොමහරි මම දහය වසරට පාස් වුණා...අම්ම මං වෙනුවෙන් බෝධිපූජා කලා..ගොඩාක් ශාන්තිකර්මත් කලා....ආ....කියන්න ඕන අසනීපෙ වැඩි වුණ වෙලාවේ මාව අතඇරපු ඒ යාලුවො ආයෙත් මංවටේට රොක් වුණා..කලින් වගේම මම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා...දහය වසරේ මුල මැද වාර දෙකම ගෙවුණා..ඒ වාර වලදී මට කලින් අවුරුද්දේ අහිමි වුණ සහ අලුතින් දේවල් ගොඩාක් ලඟා කරගත්ත...යාලුවෝ...ලකුණු..ගුරුවර ගුරුවරියන්ගේ ආදරය වගේම මගේ ප්‍රදීප් අය්යගේ ආදරේ....තරඟ ජයග්රහන වගේ ගොඩාක් දේවල්.....
දහය වසරේ අවසාන වාරේ මට අද වගේ මතකය්...හොඳවෙලා තිබ්බ මගේ තුවාල ආයෙත් මතුවුණා...කලින් ප්‍රතිකාර කරපු ඉංගිරිසි දොස්තර ළඟට ආයෙත් ගියා..හැබැය් මෙදාපාර දුන්න බෙහෙත් වලට කිසිම අඩුවක් වුනේ නැහැ....හැබැය් කියන්න ඕන...මෙදාපාර මූණෙනම් තුවාල ආවෙනෑ......මට ප්‍රතිකාර කරපු දොස්තරටත් මේ වෙන්නේ මොකද කියල හිතාගන්න බැරුව හිටියේ...පස්සේ එයා හොයා ගත්ත හේතුව...මට පීනසේ තියෙනව...පීනස හොද වුණහම මට මේ තුවාල එනව....තුවාල හොඳ වුණොත් පීනසේ එනව.....ආයෙත් මට හැමදේම නැති වුණා...හැබැය් එකක් ඇරෙන්න.........ඒ.........මගේ ප්‍රදීප් අය්යගේ ආදරේ...ඒ පාර මම මොනව උනත් ඉස්කෝලෙ යනව කියන එක හොඳට හිතට ගත්ත...ඒ වගේම මම ඉස්කෝලෙ ගියා...හැබැය් ඒ හරියටම සතියක් විතරය්.....
අපේ පාසල හොඳ හය්ෆය් එකක් නෙමේ..විවේක කාලෙන් පස්සේ පන්තිකාමර පිස්සන් කොටුවක් වගේ....ළමය් පිට්ටනියේ දඟලල දහඩිය පෙරාගෙන පන්තිකාමර වලට එන්නේ...විවේකයෙන් පස්සේ පන්තියේ තැනින් තැන මැස්සෝ පිරෙනව..... :( ඒ වෙලාවට මගෙ තුවාල වලට මැස්සෝ ඇවිත් වහනව...හැම අස්සක මුල්ලකම හිටපු මැස්සෝ මා වටේට කැරකෙනව...මොනව කරන්නද????මම ඒවත් ඉවසගෙන,ළඟට එද්දී උන්ව එළව එළව මගේ ඉගෙනීම් වැඩ කටයුතු කලා....ඔහොම දවසක් ඉද්දී මගේ හිටපු හොඳම යෙහෙළිය....මම එයාට කියන්නම් සකුනි කියල...එයා තවත් යෙහෙළියො කිහිප දෙනෙක් වට කරගෙන මෙහෙම කියනව....
"අර හොරිච්චිට ගෙදරට වෙලා ඉන්න බැරුව මෙහෙ ඇවිත් අපිටත් හොරි බෝ කරන්න හදන්ව......"
ඔය අසනීපෙ නිසා මම ගොඩාක් තනි වුණා...මගේ කණ්ඩායමේ හිටපු හැමෝම වෙන තැන්වලට මාරු වුණා...අන්තිමට කණ්ඩායමේ ඉතුරුවුණේ මම විතරය්....මට ඔය දුක ඉවසන්න පුලුවන් වුනේ සතියය්..මට ආය් ඉස්කෝලෙ යන්න බෑ කියල අඬල ගෙදරට වෙලා හිටියා....ඒ පාර මම ටියුෂන් ගියෙත් නෑ.........
Labels:
අදහස්,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Friday, May 27, 2011
අ.පො.ස.(සා.පෙළ) පිළිබඳ මගේ මතකයන්..1
පහ වසර ශිෂ්‍යත්වය ඉවර වුණ ගමන් කට්ටිය බලන් ඉන්නේ ඒ ළමයා O/L , A/L කරන කාලෙ එනකල්...ශිෂ්‍යත්වේ අහවර කරල හුස්ම ගන්න ඉඩක් නැහැ අම්මල තාත්තල තමන්ගේ දරුව ඊලඟට එන සාමාන්‍ය පෙළ විභාගයට ටියුෂන් යවනව...ඒවට අදාල ප්‍රශ්න පත්තර කරන්න පොළඔවනව....එකම විකාරයය්....ඔය ආනිසංසයම මටත් පල දුන්න...ශිෂ්‍යත්වයට පස්සේ සාමාන්‍ය පෙළ...මාව ටියුෂන් එක්කන් ගියේ මගේ තාත්ත...සතියේ හැම දවසෙම ටියුෂන් ටියුෂන්...ඉස්කෝලෙ පස්සේ දඩිබිඩි ගාල ටියුෂන් යන්න ලෑස්ති වෙන්න ඕන..සවස හය හත වෙනකල් ක්ලාස්..හම්....හැබැය් ඔය සෙල්ලම තිවුනේ ටික කාලයය්..අට වසරේ වාරයක් විතර ගියාට පස්සේ මගේ හමේ ආසාදනයක් හට ගත්ත.ඒ කියන්නේ දඳයක්...මම හරියටම හරිද දන්නේ නැහැ...මුලදි ඒක එච්චර වදයක් වුණේ නැහැ..ඒත් නවය වසරේ මුල වෙද්දී මලම වදයක් වුණා...කකුලෙ විතරක් තිබ්බ ඒ චූටි තුවාල අත්වලට ආවා..ඒමදිවට ඒව කසනව...අය්යෝ...
ඕකට ඉංගිරිසි බෙහෙත් කොලා කොලා කිසිම සනීපයක් වුණේ නැහැ....අපේ නෑයන්ගේ කීමට නවය වසරේ මැද තාත්ත මාව සිංහල වෙදෙක් ගාවට එක්කන් ගියා..එයා දුන්න රු.5000ක විතර බෙහෙත් වට්ටෝරුවක්...කසායය් අරිෂ්ටය් තමය් ඉතින්...ඒක බීල දවස් දෙකක් විතර යද්දී මගෙ මූණත් එක්ක තඩිස්සි වුණා...ඒත් ඉවසගෙන හිටිය..මොකද සිංහල බෙහෙත්වල අසනීපෙ වැඩිවෙලානෙ අඩුවෙන්නේ...ඉස්කෝලෙ ගියා..ටියුෂනුත් ගියා....හොඳට හිටපු මට මොකද මේ වෙලා තියෙන්නේ කියල කවුරුත් බය වුනා...ගුරුවරු පවා හිතුවේ මට බෝවෙන භයානක රෝගයක් වැලදිලා කියල....අතෙය් කකුලෙය් තිබ්බ තුවාල මගෙ මූණටත් ආවා...එතකොට තමය් අම්මලට තරු විසික් වුණේ...කණ්ණාඩියෙන් මුහුණ බලන්න බැහැ කැතය්...දැක්කහම අප්පිරියය්....ඔයවෙනකොට නවය වසරේ අවසාන වාරේ...මම ඇඬුව...පෙරලි පෙරලි ඇඬුව.....මට ස්කූල් යන්න බැරිය කියලා.... :(

Wednesday, May 18, 2011
පින් පව් පලදෙන හැටි.......
මේ 2600 සම්බුද්ධ ජයන්තිය සමරන මේ මොහොතේ මගේ අම්ම මට "බුදුදහමේ පින් පව් පලදෙන හැටි" කියන පොඩි අත්පොතක් ගෙනල්ල දුන්න..ඒක අම්මගේ ඔෆීසියේ යාලුමාළුවෙක් තමය් දීල තියෙන්නේ....පොත් පිංචේ තිබ්බ විස්තර වගයක් ඕයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුන.....පොත් පිංච සකස් කොරල තියෙන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් බෝමුගම්මන පදිංචි නීලමනී,ෂානිකා සහ සුජාතා කියන නැන්දල විසින් දෙමාපියන් සහ පවුලේ නෑදෑ හිතවතුන්ට සෙත්පතලය් ඕං.....
ඔබ මේ ජීවිතයේ සමාජයේ පිළිගත් වැදගත් පුද්ගලයෙකු වීමට හේතුව -
ඉහත ආත්මයේ ඔබ ප්‍රතිමා නිර්මාණය කිරීමේ කුසලය.............
ඔබට මේ ජීවිතයේ ගමන් පහසුව සඳහා විවිධ වාහන ලැබීමේ හේතුව -
ඉහත ආත්මයේ ඔබ අනිත් අයගේ පහසුව සඳහා පාරවල් පාලම් සෑදීම සහ පිළිසකර කිරීමේ කුසලය.
ඔබට මේ ජීවිතයේ හොඳ ඇඳුම් පැළදුම් ලැබීමට හේතුව -
ඉහත ආත්මයේ ඔබ ගුණ යහපත් පැවදි උතුමන්ට සිවුරු පිරිකර පිරිනැමීමේ කුසලය......
ඔබට මේ ජීවිතයේ රසවත් කෑම බීම ලැබීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ දුප්පතුන්ට රස ආහාර පිළිගන්වා තිබීමේ කුසලය.....
ඔබට මේ ජීවිතයේ හොඳ නිවාස හා ගොඩනැගිලි ලැබීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ සිල්වත් ගුණවත් පැවදි උතුමන්ට දානය පිළිගන්වා තිබීමේ කුසලය.....
ඔබට මේ ජීවිතයේ සන්තෝෂයත් දියුණුවත් ඇතිවීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ පන්සල් ආරාම සමාජයේ කාටත් පරිහරණය කළ හැකි පොදු ස්ථාන සෑදීමේ කුසලය......
ඔබ මේ ජීවිතයේ ලස්සන,කඩවසම් වී සිටීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ ගෞරවාන්විතව බුදුන්ට මල් පහන් පූජා කිරීමේ කුසලය......
ඔබ මේ ජීවිතයේ ගුණවත් බව සහ උගත්කම ලැබීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ සැදැහැවත් බෞද්ධයෙකු වීමත්,මත් ද්‍රව්‍ය මස් මාංශ වලින් වැළකී එළවළු පමණක් ආහාරයට ගැනීමේ කුසලය......
ඔබට මේ ජීවිතයේ ඔබගේ දේපළ ගින්නෙන් හෝ විදුලියෙන් විනාශ වීමට හේතුව -
ඉහත ආත්මයේදී වංචනික ලෙස වෙළඳාම් කර තිබීමේ අකුසලය........
ඔබ මේ ජීවිතයේ වන සතුන්ගේ හෝ සර්පයින්ගේ දෂ්ඨ කිරීම් වලට පත්වීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ අන් අය කෙටවීම,කේලාම් කියා තරහ කිරීමේ අකුසලය.....
ඔබ මේ ජීවිතයේ ඇමති කෙනෙකු හෝ උසස් නිලධාරියෙකු වීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ මහන්සිවී ගොවිතැන් කර එහි මුල් කොටස බුදු රඳුන් වෙත පූජා කිරීමේ කුසලය.....
ඔබ මේ ජීවිතයේ දාසියක් වීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ සමාජ සම්මතයන්ට පිටුපා ගුණමකුවෙකු වී කටයුතු කිරීමේ අකුසලය...
ඔබට මේ ජීවිතයේ හොඳ පෙනීමක් ලැබීමට හේතුව -
ඉහත ආත්මයේදී ඔබ පහන් වලට හොඳට තෙල් දමා ආලෝක පූජාව කර තිබීමේ කුසලය......
{ තව ගොඩාක් විස්තර අඩංගු වෙලා තිබ්බ.....මේ ටික කියවල ඔයගොල්ලන්ගේ අදහසුත් එකතු කරල යන්න....පස්සෙ බැරියැ ඉතුරුව දාන්න.......}

Saturday, May 14, 2011
මගෙ ආදර තාත්ත...
මම කියනව මගේ තාත්ත තමයි මට ඉන්න එකම දෙවිය කියල...මම එහෙම කියන්නේ මගේ අම්මට ආදරයක් නැති හින්දනම් නෙමේ...මම පොඩිකාලෙ ඉදන් හැදුනේ අම්මට වඩා තාත්තගේ තුරුලේ.අම්ම ඒ කාලෙ ඉදන්ම හරිම කාර්යබහුලය්....වැඩට ගිහින් එනකොට රෑ දහය එකොළහ පහුවෙනව....ඒ වෙනකොට මම නිදි...ආයෙත් උදේ 3.30ට විතර නැගිටල උයල පිහල වැඩට යනවලු...මොනව කරන්නද ඉතින්.....තාමත් ඔය දේම තමා සිද්ද වෙන්නේ.....
තාත්ත තමා මගේ සියලුම දේවල් කරන්නේ.....මාව සෝදපු එක,මගේ කැත කුණු අරන් දාපු එක පවා හැම දෙයක්ම.....ඒ වෙන කොටත් තාත්ත ගේ ලඟම පොඩි සිල්ලර කඩයක් කලා...මාවත් කඩෙන් තියාගෙන තාත්ත කඩේ වැඩ කරපු හැටි යන්තම් වගේ මතකය්....මම ඉස්කෝලෙ යන වයස ආවම මාවත් අරගෙන බය්ක් එකේම අරන් ගිහින් ඉස්කෝලෙ ලගින්ම බස්සනව...පොඩි දුරක්වත් පයින් යන්න දෙන්නේ නෑ....පස්සේ තාත්ති නංගිලත් ලැබුනට පස්සේ කඩ කෙරිල්ල නැවැත්තුවා..කෙල්ලොම ගොඩක්නේ...අම්මගෙන් පැහැර හැරෙන හැම වගකීමක්ම තාත්ත නොපිරිහෙලා ඉටු කලා....අපි පස්සෙන්ම හිටිය.. ඇත්තම කිව්වොත් මම ඒ ආදරය වැරදියට වටහා ගත්තු අවස්ථා අනන්තය්....මම ඉතින් ගෙදර ඉන්න මුරණ්ඩු කෙල්ලනේ...මට මතකය් මට ඉස්කෝලෙ අධ්‍යාපන චාරිකාවක් යන්න ගිහින් පරක්කු වෙලා බස් එක මඟහැරිල මාව කළුතරටම බය්ක් එකේ දාගෙන අරන් ගියා....
තාත්ත එපා කියන හැම දේම මැට්ටියෙක් වගේ කරනව...ඒ මොනව කලත් මගේ තාත්ත මට බනිනව විතරය්...කවමදාකවත් අත උස්සල ගහල නෑ....මම ඉල්ලන්නේ මොනවද ඒ හැම දෙයක්ම අරන් දෙනව..හම්.....මගේ තාත්ත පවු....අද එයා ගොඩාක් දුක් විඳිනව ඒකය් මම මගේ හිතට ආපු ඒ අතීත මතකයන් මෙහෙම බෙදාගන්න හිතුවේ.....තාත්ත දුක් විදිනව මට බලන් ඉන්න බෑ...අම්ම අදටත් කාර්යබහුල කාන්තාවක්....අදටත් අපි ලඟින්ම ඉන්නේ අපේ සුදු තාත්ති.....

Wednesday, May 11, 2011
එලොව ගිහින් මෙලොව ඒම.
හී....කොහොමද යාලුවනේ....?සෝකීව ගෙවුන දවස්ටික නිසා ගොඩ කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටිය පෝස්ට් එකක් ලියන්න බැරිවුණා...ඕං ඉතින් අද ඒක පළකරන්න ඕනිමයි කියල හිතුන....මේක මාසයකට උඩදි හිරූගේ පවුලට එකතු වුණ පුංචි පැටියෙක් ගැන....එයා අපේ පවුලට එකතු වුණේ අපූරු විදියට....අහගන්නකො ඉතින්.....
එදත් වෙනද වගේම තාත්ත වත්ත පිටිය නිරීක්ෂණය කරමින් සිටියේ..අපේ ජිමීගේ ( මගේ බව් පැටියා ) බිරීම නිසා තාත්ති තවත් හොඳට වටාපිටාව බැලුවේ මොකෙක් හරි දරුණු සතෙක්වත් ඉන්නවද කියල බලන්නයි..අඩේ...එතෙකොට තමයි තාත්ත දකින්නේ තඩි ගැරඬියෙක් බව් කූඩුව අසලින් ඇදෙනව...පාඩුවෙ යන එකාගෙන් කාටවත් කරදරයක් නෑ කියල හිතපු තාත්ත ඌට ඔහේ යන්න ඇරියෙ නැතෑ..අඩියක් විතර ඉස්සරහට ගියපු තාත්තට ගැරඬියගේ අමුත්තක් තියෙනව කියල මතක් වෙනව....ආ....ඒ වෙන මුකුත් නෙමේ...ගැරඬි රාජයා එයාගේ කෑමට පොඩි දඩයමක් කොරගෙන...
“ඌරු මීයෙක්ද කොහෙද…හොඳවැඩේ..මේ යක්කු වත්තේ දෙයක් තියෙන්න දෙන්නේ නෑ...”
හැබැයි කකුල් මීයෙක්ගෙ වගේ නෙමේ...කෑගැහීමත් මීයෙක් වගේ නෙමෙයි...එහෙනම් මොකෙක්ද මේ...අයියෝ....හා පැට්ටෙක්....
තාත්තට වෙන කරන්න දෙයක් නැති තැන අතට අහුවුණ ලී කැබැල්ලකින් ගැරඬියගේ ඔලුවට දමල ගහනවා....වැදුන පහර ටිකක් දරුණු නිසා කටේ තිබ්බ දඬයම ගිලිහුණා....පස්සේ ගැරඬියව බය කරල ඌව එලවගත්ත තාත්ත පුංචි පැටියවත් අරං ගේ තුළට ආවා...
සැ.යු - මේ සියල්ල ක්ෂණයකින් සිදුවු බවත් දෑසට නොදැක්ක මේ සියල්ල පියාගේ කතාව අනුව සිතේ මැවුන ආකාරයටත් ලියවූ බව...
තාත්ත පැටියව ගේනකොටත් ඌගේ බෙල්ලයි පිටිපස්සේ කකුලකුයි ගැරඬියගේ දත් පහරවල් වලට තුවාල වෙලයි තිබුනේ.....පවු....හොඳටම බයවෙලා...වෙව්ලනව....මාළුහොදි තුවාලෙට දැම්මම හොඳවෙනව කියල තාත්ත කලින් දැනගෙන ඉදල තියෙනව...වෙලාවට...එදා අපේ ගෙදර මාළු උයපු දවසක් වුණේ...හැබැයි ඉතින් හැමදාම මාළු උයන්නත් බෑනේ....ඊට පහුවදා ඉදන් තාත්ත ඌගෙ තුවාල වලට දැම්මේ බෙට(ර්)ඩින්...දවස් 3ක් ගතවෙද්දී තුවාලනම් හොඳටම හොඳයි....ඒත්.............පොඩි පුරස්නයක් තිබ්බ...ඒ තමයි හා පැටිය නිරාහාරව සිටීම...
මාය් මගේ සහෝදරියොයි එකතුවෙලා පිළියමක් හොයාගත්ත....කිරි ජූන්ජක් හදල යෝගට් හැන්දකින් පෙව්ව....චෝයී....අනේ...ගුඩුස්....ගුඩුස්...කියල බීගෙන බීගෙන ගියා....පස්සේ තාත්ත කිව්ව කංකුං කිරිවල පොඟවල කවන්න කියලා....ඔහොම ටික දවසක් (ඒ කියන්නේ දවස් 10ක් විතර) යනකොට හැමදේම සාමාන්‍ය තත්වෙට හැරුණා....
ඔන්න බලා ගන්න...මේ ඉන්නේ අපේ පවුලට එකතුවුණ පුංචි පැටියා......
ඔය ඡායාරූප වලට පෙනී සිටියට පස්සේ අපේ තාත්ත තීරණය කළා එදා රෑම පැටියව නිදහස් කරන්න...ඉතින්...අකමැත්තෙන් වුනත් අපි ඌව නිදහස් කලා...උස්සල ගෙනිහින් තණපිස්සේ තිබ්බහම බයවෙලා ගුලී ගැහිල හිටිය....ටිකකින් මෙන්නබොලේ පැනගෙන පැනගෙන ඈතටම යන්න ගියේ නැතැ...අපිට හරි සතුටුයි.....අපි ඌව මරණින් බේරගත්ත...සනීප වුනහම නිදහස් කලා....අපි විශ්වාස කරනව ඌට ඌගේ වර්ගයේ කට්ටිය හම්බ වෙන්න ඇති කියල...
එලොව ගිහින් මෙලොව ආපු පුංචි හා පැටියෝ ඔබට තෙරුවන් සරණයි!
Labels:
rabbit,
ආදරය,
ගැරඩි,
වේදනාව,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Tuesday, May 10, 2011
අහිමි ආදරය සඳහටම අහිමි වී..2
" ආ ....ඌ එහෙනම් බඳිනව....හොඳයි...අපිට මොකෝ...ඔයවගේ එකෙකුට අපේ දුව දෙනවට වැඩිය................. "
තාත්ති තව ගොඩාක් දේවල් කිව්වත්..."ඌ බඳිනව.." කිව්ව ඇහුනාම කනේ අඟුල් වැටුන.....පෑන අල්ල ගන්න පවා වාරු නැති වුනා....මේ වගේ දෙයක් මම මගේ චූටි අයියගෙන් බලාපොරොත්තු වුනේ නෑ කවමදාකවත්.....
පියල් අංකල් මේ පණිවිඩේ කියනකල්...,ඒ කියන්නේ පෙරේදා වෙනකල්ම මම හිතින් ප්‍රාර්ථනා කලේ මගෙ අය්ය මාත් එක්ක ලඟදිම වෙනද වගේ කතා කරයි....ඉස්සර වගේ කෝල් කරල "මගේ රත්තරං මාත් එක්ක තරහද?" කියල අහයි කියලයි....
මේ වගේ දෙයක් වෙයි කියල දන්නවනම් එයා එදා දෙව්මිණී අක්කිව හම්බවෙන්න ගියේ ඇයි කියල අහන්නේ නෑ...මමත් මෙතනදි නිවැරදිකාරි වෙන්නේ නෑ...ඒක මම අයියගෙන් අහපු විදිය වැරදී....හැබැයි එයත් මට ඇත්ත කිව්වේ නෑ...ඇත්ත කිව්වනම්......ඉස්සර වගේ අපි දෙන්නට තාමත් සතුටින් ඉන්න තිබුන මං හිතන්නේ......
කණගාටුවෙන් වුණත් කියන්න ඕනි හිරූ...එයා දැන් විවාහ වෙච්ච කෙනෙක්....තවදුරටත් එයා ඔයාගේ චූටි අයිය නෙමේ....එයා විසින්ම ගොඩනගපු පුංචි ලෝකෙ එයා විසින්ම කඩල පොඩිකරල දමල ඉවරයි...ඔයාට ජීවිතේ තව ගොඩාක් කරන්න දේවල් ඉතුරුවෙලා තියෙනවා....
"මගේ ප්‍රදීප් අයියේ...ඔයාට වෛර කරන්නනම් මට බෑ....ඒත් මම ඔයාගේ අලුත් ජීවිතේට මුළු හදවතින්ම සුභ පතනවා..! "
{සමාවෙන්න මේ පෝස්ට් දෙකම මහ විකාරයක් වගේ වෙන්න ඇති...ඒත් මේ මගේ හිත දුක දරාගන්න බැරුව වචන වලට හරවපු විදියයි....සාමාව දෙන්න මේ පිස්සිට...}

ආදරය..,
ප්‍රදීප්,
වේදනාව,
හිරූ
Email This
BlogThis!
Share to X
Share to Facebook
Monday, May 9, 2011
අහිමි ආදරය සඳහටම අහිමි වී..
හිරූ නම් මේ දවස්වල ඉන්නේ හරිම අප්සෙට් එකෙන්.....මොකද කිව්වොත් ජීවිතයේ ගොඩාක් ආදරේ කරපු මයෙ චූටි අය්යා...(මගේ ආදරේ) තව මොහොතකින් මගෙන් ඈත්වෙනව සඳහටම....අයේ කවම දාකවත් නොඑන්න.....මම දාරාගෙන හිටිය ඒ දුක ඔන්න දැන් උච්ච තත්වයට ඇවිත් තියෙන්නේ......ඒක වචනයට පෙරලන්නයි මගේ සූදානම.....මේ දුක සය්බර් අවකාශයට මුදා හරිනවද නැද්ද කියන එක ගැන ගොඩාක් හිතුව...මාව දන්න කිසිම කෙනෙක් බ්ලොග් කියවන්න එච්චර නැබුරුවක් නැති හින්ද මම තීරනය කළා සය්බර් අවකාශයටම මගේ දුක මුදා හැරල හිත සැහැල්ලු කරගන්න...හම්......ඇත්තම කිව්වොත් හිරූ එයාගේ ආදරේ නැවත ලබාගන්න නොකරපු දෙයක් නෑ....අන්තිමට එයාගේ නිව් ගර්ල් ළගට ගිහිනුත් නැතිවුන ආදරේ ආයේ ඉල්ලලා සිඟමන් යැද්දා.....දැන්නම් හිතෙනව අපරාදේ කියල.....මගේ චූටි අය්යට මං ගොඩාරියක් ආදරෙය්........
මේ වෙන්වීමට හිත හදාගන්නම බැරිතැන නිදන කාමරේට ගිහින් කොට්ටේ තුරුළු කරන් අඬපු වාර අනන්තයි....අප්‍රමාණයි.....මගේ මේ හැසිරීම දරාගන්න බැරිව අම්ම අය්යට (මෙතන ඉදන් මම ඔහුව ප්‍රදීප් යන නමින් හදුන්වන්නම්..)සාප කරන්න ගත්තා....කෝල් කරලත් බැන්න....මට ඒක නවත්වන්න තිබ්බා...හිතේ තියෙන දුකටද කොහෙද මම ඒකට එතරම් සැලකිල්ලක් දැක්වුවේ නැහැ....
මගෙයි ප්‍රදීප් අය්යගෙයි සම්බන්දෙට ගෙදරින් මුලින්නම් ගොඩාක් අකමැති වුණා.ඒත් මම කරපු සමහර මුරණ්ඩු වැඩ නිසා කැමති වුණා...කැමති වුණා කියන්නේ මෙහෙමය්....අම්මල ප්‍රදීප් අය්යට කිව්ව මගේ ඉගෙනීම ඉවර වෙනකල් එයාට ගෙයක් දොරක් හදාගෙන...රස්සාවක් හොයාගෙන එයාගේ පැත්තෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරන්න කියල....
ඒ කොහොම වුණත් එයා දැන් මගේ නෙමෙ...ඉස්සර වගේ "මගෙ අය්ය" "මගෙ අය්ය" කියල හුරතල් වෙන්න කෙනෙක් දැන් මට නෑ....අනේ....එයා දෙව්මිණී අක්කිත් එක්ක ඉන්නව දැක්කම වත් දැනුනේ නැති දුකක් දැන් දැනෙනව...පියල් අංකල් ඇවිත් අර ලියමන තාත්තිට දෙනකල් මේ තරම් දුකක් දැනුනෙම නැහැ.....සත්තයි.....
ඒ මොහොත මට මේ දැන් වුණා වගේ.....තාත්ති ලියමන අරන් බලල මං දිහා බලපු හැටිත් පියල් අංකල් දිහා බලපු හැටිත් හොඳටම මතකයි.........
[ සිතුවිලි අනන්තය්.....දිග වැඩී කියල හිතුන හින්ද කොටස් දෙකකට ලියන්න....සමාව අයදිමි සියලු දෙනාගෙන්ම..... නොදනිමි වරදක්ද මේ මා කරනුයේ....]

Thursday, May 5, 2011
අහිමි ආදරය...
අඳුරු වූ මගේ දිවියට පෑයූ
ආදරය නම් පුරසඳ ඔබය හිමියණි...
ඔබේ ළය මත
මගේ මුව හොවාගෙන
කීවා මතකද
"ඔබ මාගේ මැ"යි....
අද එය වෙනස්ව
ඔබ ගොස් දුර ඈත....
ඇගේ සෙවනේ
ඔබ සැතපී....
මගේ ලෝකය අඳුරු වී ඇත
පෙරලෙස.............................
ඉකි ගසා අඬනු මිස
කුමක් කරමිද හිමියණි
පියාපත් අහිමි මේ පුංචි සමනළිය......?
Wednesday, May 4, 2011
දිය කිඳුරිය

පොඩිඑකා කාලෙ මම මුහුදු රැල්ලට හරිම බයයිලු.....ඕක කාලෙත් එක්ක හරියයි කියල අම්මලත් එච්චරම විසේසයක් කොරලත් නෑ ඉතිං..... මම තුන වසරට යනකල් මුහුදට පණ බයයි.(තාමත් එහෙමයි ඉතින්) වතුරට තියෙන ආසාව හින්ද ළගට යනවලු...රැල්ල එද්දී........"පණ එපෝ...." "මේක මාව කන්න එනෝ...."වගේ ගොන් ආතල් වැකි කියාගෙන ආපස්සට දුවනවලු...
ඔය සිද්ධිය වුනේ ටියුෂන් කලාස් එකෙන් ට්‍රිප්එක ගිය දවසේ...ඇවිදින්න තිබ්බ හැම තැනම ඇවිදලා ගිය දිසාවේ මුහුදු වෙරලකට සේන්දු වුනේ ළමයින්ගේ කන්කරච්චලේ හින්දමයි.....
අනික් එවුන් වතුරට පැනල සෙල්ලන් කරද්දී මම රැල්ල යන්තන් කකුලෙ වදින තැනකට වෙලා හිටිය....සුන්දර ලෝකයකට ඇතුලු වෙනවත් එක්කම මොකෙක්දෝ මී හරකියෙක් මගේ ඇහැට වතුර වලින් ප්‍රහාරයක් එල්ල කලා.....ඇස්දෙක පිහිදන්න හදනකොටම තවත් එක්කෙනෙක් ඇවිත් මුහුද පැත්තට තල්ලු කලේ නැතැ.....
************සියල්ලම මොහොතකට නිහඩයි*************
කවුද මන්ද කෙනෙක් මාව ඇදන් එනව වගේනම් මතකයී.......ඒ මොකාද දන්නවද.....නෑ...නෑ....කවුද දන්නවද...?අපේ කලාස් එකේ ලොකු සෑර්......මාව තල්ලු කරපු කෙල්ලට යන්තම් බනිනව බනිනව වගේ ඇහුණා...මම මොනව කොරන්නද, එයානේ තල්ලු කලේ....වතුරේ හිටපු ටිකටනම් මම හිතුවෙ නෑ ඉතිරි වෙයි කියල...කරන්නම දෙයක් නැති තැන මම මහ හයියෙන් බෙරිහන් දීල අඬන්න ගත්ත...හරියට තොත්ත බබෙක් වගේ...කෙලියයි...අඬනකොටම තමා මතක් වුනේ ඇඳන් ගියේ කොට ස්කර්ට් එකක්නේ කියල....කඳුලු පුරෝ ගත්තු ඇස්දෙකෙන් යන්තන් වට පිට බැලුව...චිකේ....ඔක්කොම කොල්ලොය් බල්ලොය් මං වටේට....
ඔන්න ඔය ට්‍රිප් එකෙන් පස්සේ ගම පුරාම හිරුනි දියකිඳුරියක් වශෙයන් විරුදාවලිය ලබා ගත්ත...මක්ක කරන්නැය් ලබා උපන් හැටියටලු නේ ඔක්කොම සිද්ද වන්නේ.....කියල හිත සනස ගත්ත..
හිකිස්..........
Sunday, May 1, 2011
හිරූ ආහාරයක් වුණ වගයි.......
කියන්නත් කනගාටු සිද්ධියක් ඊයේ සවස් භාගයේ මට අත් විදින්න සිද්ධ වුණා...මතක් වෙනකොටත් පොළව පලාගෙන යන්න හිතෙනව...ඔන්න ඉතින් දවස් ගානක් තිස්සේ හිත හිත හිටපු වැඩක් මතක් වුන අපේ අම්ම..
හප්පේ ඒක අහපු මට ඉහේ මලක් පිපුන වගේ...වැඩිපුර කතා නැතුව මමත් දඩිබිඩි කියල ලෑස්ති වුනා නොවැ....ගොඩ කාලෙකින් ඇයව හමු නොවුනු මට කියන්න දේවල් මල්ලක තරම් තිබ්බ...ඔන්න ඉතින් තාත්ති මමයි ගමනට සූදානම්. ආ........ දෙයක් අමතක වුනා නේ....මම ආයි දිව්ව ගෙට පරිගණකය ක්‍රියාත්මක කරල ලගදි ඩවුන්ලෝඩ් කර ගත්ත ලස්සන චිත්‍රපට දෙකකින් පෙන්ඩ්‍රයිව් එක පුරව ගත්ත...ම්......මොනවද තව අමතක වුනේ..මුකුත් නෑ ඔක්කොම හරි...
ගමන පිටත් වෙන්න එළියට බැහැපු අපි ගාවට පැමිණි අම්ම තුන්ඩුවක් දික් කලේ තාත්තිට...."එන කොට මේ ටිකත් අරන් එන්න හොදේ...." තුන්ඩුව අතට ගත් තාත්තා" මට හංදියේදි මතක් කරන්න අම්මගේ බඩුටික ********* මාමගේ කඩෙන් අරන් තියල යන්න...." "හා... තාත්තේ.."
තාත්ත සහ මම නැගි මෝටර් සයිකලය හංදියට ළගා වෙනවත් එක්කම මම තාත්ට මතක් කරන්න කිව්ව පණිවිඩය මතක් කල...බයික් එක කඩේ ඉස්සරහයින් නතර කරපු තාත්ත "මම බඩු අරන් එනකල් මෙතනට වෙලා ඉන්න...කඩේ ඇතුළට එහෙම එනව නෙමෙයි....." මට තදින් අවවාද කරා... තාත්ත කඩේ තුළට වෙනකල් ඒ දිහා බලාගෙන හිටිය...එතකොට වෙලාව සවස 7.30ට පමණ ඇති....වටේටම හරිම කරුවලයි..ඇත්තම කිව්වොත් හිරූ කරුවලට හරිම බයයි...වටපිට බලපු මම කවුරුත් ළගපාත නැති නිසා කලින් නරඹල තිබුන චිත්‍රපටයක ප්‍රධාන නිලියගේ ඇක්ෂන් ටිකක් දාල බයික්එකේ සයඩ් කණ්ණාඩියෙන් හැඩරුව බලන්න සුදානම් වුණා විතරයි.....
හික්......හික්.........හී.........හී......හික්.......හික්..........හී.....
කවුද කට්ටික්... නෑ..නෑ..කුකුල්ලු ටිකක් කෙකර ගානව වගේ ඇහුන.....කරුවල නිසා මුකුත් පේන්නේ නෑ.......ටිකක් බයත් හිතුන.....අපේ පැත්තේ ඉන්නව ග්‍රීස් යකෙක්.....ඒකවත් ද?.......මට කියන්න අමතක වුණා....මම හිටපු තැනට ඉස්සරහයින් ත්‍රීවීල පාර්ක් එකක් තියෙනව.....හැබැය් මම වටපිට බලපු වෙලාවෙනම් එතන මොකෙක්වත් හිටියෙ නෑ ඕං......
මම බයේ වෙව්ල වෙව්ල ඉන්න වෙලාවේ එක පාරටම ලයිට් දාගෙන පල්සර් බය්ක් එකක් වේගයෙන් ගියා....අවස්ථාව ආපු වෙලාවෙ ඒක මඟඅරින්නේ මොන යකාද...මම අර කෙකර හඩ ආපු දිශාව බැලුව.....චිකේ......යි.......යා........අර ත්‍රීවීල් පාර්ක් එකේ ඉන්න බුවාල සෙට්වෙල ඒ ළග තිබ්බ කොට්ටන් ගහකට මුවා වෙලා දුම්වැටි පානය කරනව....චික්...මගෙම කරුමෙට එක බුවෙක් දැක්කේ නැතැ මම සර්ප්‍රයිස් වෙලා බලාන ඉන්නව.....ඌට හරි ජොලි......ඒ වෙලාවෙනම් මට සීරියස් හිතුන කඩේට ගිහින් තාත්තව ඇදන් එන්න.....
ස්.......ස්....මේ...නංගෝ...නම කියන්න බැරිද....
ඔයා කොහෙද ඉන්නේ.....
ඔය වගේ නා නා ප්‍රකාර දේවල් අහමින් මාව ආහාරයක් කර ගත්ත.....අම්මේ.....කඩෙන් එළියට එන තාත්තව දුටුවහම ඇඟට ලේ ටිකක් ඉනුව.....මම යෙහෙළියගේ නිවසට ගිහින් ආවට පස්සේ අම්මටයි තාත්තිටයි මම ආහාරයක් වුණහැටි විස්තර කරනකොට ඒ දෙන්න මට හිනා වෙනව....මම කතා කියන එක පැත්තක දාල නිදාගන්න ගියා...ඊයා....අප්ප....................
"කෙල්ලේ...,අර ******** ඉන්න ඔයාගේ යාලුව සප්නලගේ ගෙදර යන්නත් ඕනි...අවුරුද්දට කෑමට ආරාධනා කරලත් යන්න බැරි වුණ නිසා ඔයයි, තාත්ති ගිහින් එන්න...."

දුම්වැටි,
යහළුව,
හිනාව
Email This
BlogThis!
Share to X
Share to Facebook
මම ගැන
සමනළී........
hiruthakshi@gmail.com
පසුපස එන්නන්.........
නිතර පියාඹන තැන්...
-
-
-
-
-
-
- 2015 -9 years ago
-
-
අනේ මන්දා....13 years ago
-
-
~පුතේ උඹ හින්දා~13 years ago
-
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....11 years ago
-
-
-
-
ඔය සුවඳ මගෙ වෙන තුරා12 years ago
-
-
-
-
-
Powered by Blogger.